Sunday, January 3, 2021

ක්ෂීර චක්‍රයේ මැද අවධිය හා අවසාන අවධිය ( Mid lactation and late lactation )

 ක්ෂීර චක්රයේ මැද අවධිය හා අවසාන අවධිය ( Mid lactation and late lactation )



1)මෙහිදී ක්ෂීර චක්රය වෙනස් වන්නේ කෙසේද....?
2) ජීව බර හා වියළි ද්රව්ය පදාර්ථ ආගණුව වෙනස් වන්නේ කෙසේද.....?
3) මෙම අවධියේදී කුමන BCS තබා ගත යුතුද....?
4) කිරි නිෂ්පාදනය ක්රමයෙන් අඩු වෙනවා නම් ලබා දෙන ආහාරයේ ශක්ති ප්රමාණය අඩු කල යුතුද....?

ක්ෂීර චක්රය මුල් අවධියේදී ක්රමයෙන් වැඩි වී උපරිමයකට ලගා වීමෙන් පසු මෙහි මැද අවධියේදී කිරි නිෂ්පාදනය ක්රමයෙන් අඩුවන අතර එයට සාපෙක්ෂව වියළි ද්රව්ය ආහාර ආගණුව වැඩි වන අතර පසුව ක්රමයෙන් අඩු වේ.එමගින් ආහාරයට ගත හැකි ප්රමාණය වැඩි වේ.
මුල් අවධියේදී ඇති වු ශක්ති ඌණතාවයේදී අවශ්ය ශක්තිය ලබා ගැනීමට මේද පටකය දහනය කර ලබා ගත් අතර මෙහිදී නැවත මේද පටකය ගොඩ නැගීම ආරම්භ වන අතර ජීව බර ක්රමයෙන් වැඩි වන අතර ක්ෂීර චක්රය අවසානයේදී ජීවබර වැඩිවන සීඝ්රතාවය වැඩි වේ. එමඟින් අඩු වු BCS 0.5-1 ක්රමයෙන් යතා තත්වයට පත් වේ. මේ සඳහා අවශ්ය පෝෂණය ලබා දිය යුතුය. ඔබට ඉහත ප්රස්තාරය අධ්යයනයෙන් වටහා ගැනීම පහසු වේ.
මෙම අවධියේදී දෙන ගැබ් ගන්වන අතර ක්ෂීර චක්රයේ මුල් අවධියේදී දෙනගේ ශක්ති අවශ්යතාවය වුයේ ශරීරය නඩත්තුව සහ කිරි නිෂ්පාදනයට පමණි.
නමුත් මැද අවධියේදී ඉහත දැක්වු ශරීරය නඩත්තුවට හා කිරි නිෂ්පාදනයට මෙන්ම ගර්භණීභාවය පවත්වා ගැනීමටද ශක්තිය අවශ්ය බැවින් මැද අවධියේ කිරි නිෂ්පාදනයට සාපේක්ෂව අවශ්ය ශක්තිය අඩු කර පෝෂණය කිරීම සුදුසු නොවන අතර ගර්භණීභාවයද සැලකිල්ලට ගෙන අවශ්ය දෛනික ශක්ති අවශ්යතාවය ලබා දිය යුතුය.
ආහාර සලාක ගණනයේදී ක්ෂීර චක්රයේ මැද අවධියේදී ලබා දිය යුතු ප්රෝටීන ප්රමාණය 14 -16% වන අතර අවසාන අවධියේදී 12-14 % ලබා දීම ප්රමාණවත් වේ
අප පෙර සාකච්ඡා වලදී සඳහන් කලා ක්ෂීර චක්රයේ මුල් අවධියේදී උපරිම නිෂ්පාදනයේදී නිපදවන සෑම කිරි ලීටරයකටම කිරි මුරය ලීටර් 200 කින් වැඩි වන බව. ඇත්තටම මෙය සිදු වන්නේ කෙසේද යන්න සිතේ ගැටලුවක් ඇති. එය සිදුවන්නේ මෙසෙයි.
ක්ෂීර චක්රයේ උපරිම නිෂ්පාදනයෙන් පසුව කිරි නිෂ්පාදනය ක්රමයෙන් අඩුවන බව ඔබට මෙම ප්රස්තාරයෙන් මනාව පැහැදිලි වේ. මෙම උපරිම කිරි නිෂ්පාදනයෙන් පසුව කිරි නිෂ්පාදනය අඩුවන සීඝ්රතාවය පදනම් කරගෙන කිරිමුරය අධ්යයනය කරමින් තමයි පෝෂණවේදීන් මෙම ගණනය සිදු කර ඇත්තේ එය සිදු වන්නේ මෙසේය.
උපරිම කිරි නිෂ්පාදනයෙන් මසකට කිරි නිෂ්පාදනය 7 - 8 % අඩු වීමේ අනුපාතයක් මතය. එනම් සෑම මසකම දෙන නිපදවන උපරිම නිෂ්පාදනයෙන් සාමාන්යයෙන් 7 - 8% දක්වා පෙර මාසයට වඩා අඩුය. මෙය සෞම්ය කලාපයේ නිසි ලෙස තෘණ භූමි කළමණාකරණය කරමින් උලා කෑමෙන් පෝෂණය කල දෙනුන් සඳහා පදනම් වු ගණනයකි. මෙම අඩුවීම වලංගු වන්නේ peak එකෙන් පසුව කිරි නිෂ්පාදනය ක්රමයෙන් අඩුවන මාස සඳහාය.
නමුත් ඔබ ඔබගේ දෙන නිසි පරිදි සැකසු ගව නිවාසයක අවශ්ය පෝෂණ අවශ්යතාවය සපයා දෙන නිසි සෞඛ්ය පිලවෙත් හා නිසි ගොවිපල කළමණාකරණයකින් පාලනය කරනවා නම් ඔබට පෙර මාසයට සාපෙක්ෂව වර්තමාන මාසයේදී කිරි නිෂ්පාදනය අඩු වන ප්රමාණය 7% ට වඩා අඩු අගයක පවත්වා ගත හැකි අතර එවිට ඔබට මුල් අවධියේදී උපරිම නිෂ්පාදනයේදී නිපදවන සෑම කිරි ලීටරයකටම කිරි මුරය කිරි ලිටර් 200කට වඩා වැඩි ගුණාකාර අගයකින් වැඩිවේ.
තවද ඔබ නිසි ලෙස BCS අගයන් නිසි ලෙස නොපවත්වා දෙනගේ අවශ්යතාවය අනුව අවශ්ය පෝෂණය නොසැපයීමෙන් සිදු වනුයේ Peak එකෙන් පසු 10 - 12% අනුපාතයන්ගෙන් කිරි නිෂ්පාදනය අඩු වීමය. එමඟින් ඔබට කිරි මුරය මාස 10ක් දක්වා පවත්වා ගැනීමට නොහැකි වන අතර කිරි මුරයේ කාලයද අඩු වේ. එමඟින් ඔබට දෙනගෙන් ලබා ගත හැකි කිරි නිෂ්පාදනය අඩු වන අතර දෙන දින 60කට වඩා වියළි වීම හේතුවෙන් ඊ ලග කිරි මුරයේ කිරි නිෂ්පාදනය අඩු වීමටද මෙය බල පෑ හැකිය.

Tharaka Dilshan Rathnayake

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...