Monday, February 5, 2018

එළුවන් අභිජනනය Goat breeding

එළුවන් අභිජනනය


එළුවන් අභිජනනය තුලින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා
පට්ටි එළුවා
නීරෝගී එලිච්චිය
නිසි අයුරින් පට්ටි දැමීම
එලිච්චිය හා පැටවුන් හොඳින් රැකබලා ගැනීම
යන කරුණු සම්භන්දව වැඩි අවධානයක් යෙදිය යුතුවේ.

පට්ටි එළුවා

පට්ටි එළුවා ශක්තිමත් නීරෝගී හොඳින් වැඩුනු ශරීරයක් හා නියමිත වර්ගයේ ලක්ෂන පෙන්නුම් කල යුතුය.
එළුවායේ ලිංගික අවයව හොඳින් වැඩී තිබිය යුතු අතර වෘෂන කෝෂ යුගලම කැපී පෙනෙන ලෙස හොඳින්
වැඩී තිබිය යුතුය.
පට්ටි වස්සන්ට පෝෂදායී ආහාර ලබාදී මනාව නඩත්තු කල යුතුය.වයස මාස 10-12 වැඩෙන අවධියේදී පවා වාර ගණන අඩුකර ආහාර සපයා පට්ටි සේවාව සළසා ගත හැක.
පට්ටි එළුවන්ට හොඳින් ව්‍යායාම අවශ්‍ය වේ.ඔවුන් පිරිසිඳු පරිසරයක ඇතිකල යුතු අතර වෙනත් සතුන්ගෙන් වෙන් කල  යුතුය.
සෑම වර්ෂ දෙකකට වරක් පට්ටි එළුවා මාරු කිරීම මගින් සහඅභිජනනය වලක්වා ගත හැක.

එලිච්චිය

හොඳ වැඩි නිෂ්පාදනයක් ලබාදෙන එලිච්චි එළු රැලේ න්‍යෂ්ටිය ලෙස සැලකිය හැක.
එම නිසා අභිජනනය සඳහා මව් සතුන් තෝරා ගැනීමේදී ඉහල කිරි නිශ්පාදනයක් සහිත හා ඉහල සඵලතාවයකින් යුත් සතුන් තෝරා ගත යුතුය.
තෝරා ගන්නා මව් සතුන්
නීරෝගී සෟඛ්‍යසම්පන්න විය යුතුය
ශක්තිමත් පාද
සිහින් ගෙලක් හා පැතලි හිසක් පිහිටීම
දීප්තිමත් නෙත්
සෞම්‍ය හැසිරීම
තන පුඩු මඳක් ඉදිරියට නෙරා ඇති සිනිඳු බුරුල්ලක් පිහිටීම
සෑම මාස 6-8 කට වරක් පැටවු බිහිකිරීම
නිතරම නිවුන්නු බිහිකිරීම
පැටවුන් දෙදෙනෙකුට ප්‍රමානවත් කිරි නිපදවිය හැකි වීම සලකා බලනු ලබයි.
දුර්වලතා සහිත සතුන් හා අසාමාන්‍ය මඳ චක්‍ර සහිත සතුන් අභිජනනයට සුදුසු නොවේ එම සතුන් ඉවත් කල යුතුය.

පට්ටි දැමීම

එලිච්චියක් දින 18-21 කට වරක් මඳ ලක්ශන පෙන්වයි.
මඳකාලය පැය කීපයක සිට දින 2-3 දක්වා විය හැක.
එලිච්චියකගේ මඳ ලක්ශන
නොසන්සුනකම
වලිගය නිතර සෙලවීම
රත් පැහැ ඉදිමුනු කාකලිකය
නිතරම මුත්‍රා කිරීම
යෝනියෙන් ස්‍රාවයක් පිටවීම

සාමාන්‍යෙයන් එලිච්චියක් වසරක් වයස්ගතවන තුරු පට්ටි දැමීම සිදු නොකරයි.

ගැහැණු සතුන් 20-30කට පට්ටි දැමීම සඳහා එක් පිරිමි සතෙකු සෑහෙන බැවින් පට්ටි දැමිම සඳහා හොඳම පිරිමි සතෙකු තෝරාගත යුතුය
වැඩි කිරි නිශ්පාදනයක් හා වැඩි පැටවුන් ප්‍රමානයක් ලබාගත හැකි හොඳ සෟඛ්‍ය සම්පන්න එලිච්චියකගේ පැටවෙකු විය යුතුය.
මනාව වැඩුනු  සෟඛ්‍ය සම්පන්න එලිච්චියකගේ පැටවෙකු විය යුතුය.
මනාව වැඩුනු ශරීරයක් හා වර්ගයට ආවේණික ලක්ෂන ඇති සතෙක් විය යුතුය.

නුසුදුසු පිරිමි සතුන් කර ඇඹීම.

තෝරාගත් පිරිමි සතුන්ට පමණක් ගැහැණු සතුන්ට පට්ටි දැමීම සඳහා අවස්ථාව ලබා දිය යුතුවේ.
මේ සඳහා රංචුවේ සිටින අනවශ්‍ය පිරිමි සතුන් කර ඇඹීම සිදු කල හැක.
කර ඇඹීම සිදු කිරීම මගින්
ශරීර වර්ධනය වේගවත් වේ.
මස මෙලෙක් වීම සිදුවේ / එළු මස් වල ආවේණික ගන්ධය අවම වේ.
සතුන් හීලෑවේ.
පාලනය පහසු වේ.

කර ඇඹීමට ක්‍රම දෙකක් පවතී
1. ඉලස්ට්‍රේටරය මගින් කර ඇඹීම.

2. බර්ඩිසෝ උපකරණය මගින් කර ඇඹීම.


කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...