Tuesday, January 3, 2017

බුරුළු ප්‍රදාහය - Mastitis

බුරුළු ප්‍රදාහය කිරි ගවයින්ගේ බුරුල්ල තුලට විශබීජ ඇතුල් වීම නිසා බුරුල්ල ආසාදනය වීම නිසා ඇතිවන රෝගී තත්වයකි.
කිරි ගව පාලනයේදී සුලභ රෝගයක් වන මෙය නිසා
  • සතාගේ කිරි නිශ්පාදනය අඩුවීම හෝ සම්පූර්ණයෙන්ම නැවතීම,
  • කිරි කැටිති  ඇතිවීම හෝ කිරි වල වර්ණය වෙනස් වීම නිසා  රෝගී සතාගේ කිරි ඉවත් කිරීමට සිදුවීම,
  • රෝගය වැලඳීමෙන් පසුව ප්‍රතිකාර කලද දින කීපයක් ගතවන තුරු කිරි පරිභෝජනයට ගැනීමට නිහැකි වීම නිසා විශාල ආර්ථික පාඩුවක් සිදුවීම .
  • රෝගයට ප්‍රතිකාර  නොකිරීමෙන් හෝ රෝගය නොසලකා හැරීමෙන් එලදෙනුන්ගෙන් රෝගී තන පුඩුව හෝ මුළු බුරුල්ලේම කිරි නිශ්පාදනය කරන පටක විනාශවී යා හැකිය.
මෙය ගොවිපලවල් වල බහුල රෝගී තත්වයක් උවත්  මනා කළමනාකරණය මගින්  ගොවිපලවල් තුලින් ඉවත් කරගත හැකි රෝගයකි.

රෝග කාරකය

බුරුළු ප්‍රධාහය රෝග කාරක කීපයක් නිසා ඇතිවිය හැක.
  • බැක්ටීරියා මඟින් - Streptococcus , Staphylococcus , E.coli බැක්ටීරියා මඟින් ප්‍රධාන වශයෙන් ඇතිවේ
  • වෙනත් රෝග නිසා - Cow pox,FMD(කුර හා මුඛ රෝගය)රෝග වලදී බුරුළු ප්‍රධාහය ඇතිවිය හැක.
  • දිලීර මඟින් - Aspergillus , Candida දිලීර මඟින් බුරුල්ල ආසාදනය වීම නිසා.
  • Mycoplasm මඟින් .

රෝග ලක්ෂන.
  • උණ,
  • ආහාර  ගැනීම අඩුවීම,
  • කිරි නිශ්පාදනය අඩුවීම,
  • බුරුල්ල උණුසුම් වීම,
  • බුරුල්ල ඉදිමීම,
  • බුරුල්ල රත් පැහැ වීම,
  • බුරුල්ල ඇල්ලූවිට සතාට වේදනා සහගත වීම.
  • කිරි කැටිති ඇතිවීම හෝ කිරි වල උකු ගතිය වැඩිවී ජෙලි වැනි ස්වාභාවයක් ගැනීම,
  • කිරි තද කහ පාට හෝ දුඹුරු පැහැයක් ගැනීම.



රෝගය පැතිරීම
  • රෝගී සතෙකුගේ කිරි මගින්,
  • රෝගී කිරි වලින් ආසාදිත ජලයෙන්,
  • ආසාදිත් උපකරන මගින්,
  • කිරි දොවන්නා මගින්.

රෝගය හඳුනා ගැනීම
  • බුරුල්ලේ බාහිර පෙනුම(හැඩය,ප්‍රමානය,වර්ණය )පරීක්ශා කිරීම මගින්.
  • Strip cup පරීක්ශාව මගින්,
  • සෑම දිනකම කිරි දොවන විට කිරි ස්වල්පයක් strip cup මතට හෝ කලු රෙදි කඩක් මතට දොවා පරීක්ශා කිරීම.
  • California mastitis test(CMT)පරීක්ශාව මගින්


ප්‍රතිකාර
  • පැය 2-3කට වරක් බැගින් බුරුල්ලේ සියළුම කිරි දොවා ඉවත් කිරීම,
  • උණුසුම් මැග්නීසියම් සල්ෆේට් (මැක්සල්) ද්‍රාවනයකින් බුරුල්ල තැවීම,
  • ප්‍රතිජීවක බුරුල්ලට එන්නත් කිරීම,
  • Penicillin , streptomycin , Ampicillin , tetracycline , chloramphenicol වැනි ප්‍රතිජීවක ශරීරයට එන්නත් කිරීම.

සතාට ප්‍රතිජීවක මඟින් ප්‍රතිකාර කිරීමෙන් පසු පැය 72ක් ගතවන තුරු ලබාගන්න කිරි මනුශ්‍ය පරිභෝජනයට නොගත යුතුය.
රෝගය පාලනය.
බුරුළු ප්‍රධහය ඉහල ආර්ථික හානිදායක රෝගයක් බැවින් රෝගය ඇති වීමට පෙර වලක්වා ගැනීමට හැකි පමණ උතසාහ කල යුතුය. මේ සඳහා,
  • රෝගී සතුන්ට ප්‍රතිකාර කිරීම,
  • රොගී සතුන් වෙන් කිරීම,
  • සතුන්ගෙන් කිරි දෙවීමේදි සම්පූර්ණයෙන්ම කිරි දොවා ගැනීම,
  • කිරි දෙවීමේදී රෝගී සතුන්ගෙන් අවසානයට කිරි දෙවීම,
  • රෝගී සතුන්ගෙන් කිරි දෙවීමන් පසු නීරෝගී සතුන්ගේ බුරුල්ල ස්පර්ශ කිරීමෙන් වැලකීම,
  • කිරි දොවන් ස්ථානය,උපකරණ පිරිසිඳුව තබා ගැනීම,
  • යන්ත්‍ර මඟින් කිරි දොවන විට සෑම කිරි දෙවීමකින් පසුව යන්ත්‍ර කොටස් පිරිසිඳු කිරීම.
  • තන පුඩුවට බාහිර ද්‍රවය ඇතුල් කිරීමෙන් වැලකීම.
  • කිරි දෙවීමෙන් පසු තනපුඩු විශබීජ නාශකයක ගිල්වීම,
  • කිරි දෙවීමෙන් පසු පැයක් පමන ගතවන තුරු තන පුඩුවේ කිරි නාලය විවෘත වී පවතී,එම නිසා එම කාලය තුල සතා පිරිසිඳු ස්ථානයක තැබීමට හැකිනම් රෝගය පහසුවෙන් පාලනය කල හැකි වේ,
  • මේ සඳහා සතා කිරි දෙදීමෙන් පසු විශබීජ නාශක යෙදූ පා දෝවනයක් (Foot bath)හරහා ගාලේ වෙනත් පිරිසිඳු කොටසකට යැවීම මඟින් සතාගේ බුරුල්ල ආසාදනය වීමට ඇති අවස්ථාව අවම වේ.
  • මෙම කොටස තුලදී සතා බිම වැතිරීම හැකි පමන අවම කල යුතුය.මේ සඳහා එම කොටස තුලදී සතුන්ට ආහාර ලබාදීම සිදුකල හැක.
  • ඉහල කිරි නිශ්පාදනයක් සහිත සතුන් වියලි කිරීමේදී (කිරි ලබා ගැනීම නැවැත්වීම /සතා ගැබ්ගෙන සිටින විට ගැබට අවසන් මාස 2තුලදී මව් සතගෙන් කිරි ලබා ගැනීම නැවැත්විය යුතුය.)ක්‍රමානුකූලව සතා වියලි කිරීම.
  • නැතහොත් බුරුල්ලේ කිරි තිබීම නිසා සතා  රෝගයට පාත්‍ර වේ .
  • ගාලේ සනීපාරක්ෂාව පවත්වා ගැනීම.
  • දිනපතා සෑම සතෙකුම strip cup පරික්ශාව සිදු කිරීම,
  • අවම වශයෙන් සතියකට වරක් cmt පරීක්ශාව සිදුකර රෝගී සතුන්  හඳුනා ගැනීම,
වානිජ ගොවිපලකදී ඉහත සියල්ලටම වඩා වැදගත් වන්නේ කිරි දොවන සේවකයින් මෙම රෝගය ගැන දැනුවත් කිරීම හා රෝගයේ හානිය පිලිඹ්දව දැනුවත් කිරීම වේ.
එවිට එම සේවකයින් රෝග ලක්ශයක් දුටු විගස වාර්තා කිරීම නිසා රෝගය පැතිරීම පහසුවෙන් පාලනය කල හැකිවේ.

No comments:

Post a Comment