Sunday, January 3, 2021

ක්ෂීර චක්‍රයේ මුල් අවධිය ( Early Lactation )

 ක්ෂීර චක්රයේ මුල් අවධිය ( Early Lactation )



ප්රසැතියෙන් පසු මුල් මාස 3 මෙයට අයත් වන අතර මෙම කාලය තුලදී ඇති වන ගැටලු කිහිපයක් අප දෙනගේ වියළි කාලය හා සංක්රාන්ති අවධිය යන මාතෘකාව යටතේ කරුණු දැක්වුවා. ඊට අමතර වැදගත් කරුණු මෙහිදී සලකා බලමු.
01) ප්රසැතියෙන් පසු සතාගේ වියළි පදාර්ථ ආගණුව(DMI) අඩු වන්නේ ඇයි...?
02) මෙම කාලය තුල දෙන කෙට්ටු වෙන්නේ ඇයි...?
03) මෙම කාලය තුල දෛනික කිරි නිෂ්පාදනය වැඩි වන්නේ කෙසේද...?
04) මෙම කාලය තුල පවත්වා ගත යුතු BCS කෙසේද...?
05) මෙහිදී ලබා දිය යුතු ආහාර වල සලකා බැලිය යුතු ලක්ෂණ මොනවාද...?

වියළි කාලයේදී ගර්භාෂයේ පැටවා වර්ධනයත් සමඟ රූමනය වෙත ඇති වන තෙරපීම හෙවත් පීඩනය නිසා රූමනයේ පරිමාව හා ඝණත්වය අඩු වෙනවා. එම නිසා රූමනයේ අභ්යන්තර බිත්තියේ අඩංගු පැපිලේ අඩු වේ. ප්රසැතියෙන් පසු රූමනය විස්තාරණය වීම හා පැපිලේ නැවත වර්ධනය වීමට සති 10-12 අතර කාලයක් ගත වේ. එම නිසා සතාගේ වියළි පදාර්ථ ආගණුව(DMI) අඩු වෙනවා. නමුත් නැවත යථා තත්වයට පත් වන නිසා ක්රමයෙන් වියළි පදාර්ථ ආගණුව වැඩි වන අතර, වියළි පදාර්ථ ආගණුවට සාපෙක්ෂව කිරි නිෂ්පාදනය වැඩි වන සීඝ්රතාවය වැඩි වේ. එය ඔබට මෙහි සඳහන් ප්රස්තාරය අධ්යයනය කිරීමෙන් ඔබට දැක ගත හැක.
එම නිසා වැඩි කිරි නිෂ්පාදනයට සරිලන පෝෂණ අවශ්යතාවය සැපයීම අඩු වේ. එවිට ඉල්ලුමට සරිලන පෝෂණ අවශ්යතාවය නොලැබෙන නිසා දෙනගේ ශරීරයේ සංචිත මේද පටකය දහනය කිරීමෙන් කිරි නිෂ්පාදනය සඳහා අවශ්ය අමතර ශක්තිය ලබා ගැනීම සිදු කරයි.
ප්රසැතියෙන් පසු ක්ෂීර චක්රයේ මුල් අවධියේදී BCS 3 - 3.25 අතර පවත්වා ගත යුතු අතර මේ සඳහා වියළි දෙන පාලනයේදී පවත්වා ගත් BCS 3.5 - 3.75 ඉතා වැදගත් වේ. මන්ද මෙහිදී ඇති වන අමතර පෝෂණ අවශ්යතාවය සඳහා මේද පටකය දහනය නිසා BCS 0.5 -1 අතර අඩු වේ. එම නිසා දෙන කෙට්ටු ස්වාභාවයක් පෙන්නුම් කරයි. නමුත් ඔබ වියළි දෙන නිසි ලෙස පෝෂණය නොකලා නමි BCS 1 ට වඩා වැඩි අගයකින් දේහ තත්වය පහත වැටේ. එවිට මෙම අවධියේදී උපරිම කිරි නිෂ්පාදනය අඩු වේ.
නිසි ලෙස පෝෂණය කල දෙනගේ මෙම ක්ෂීර චක්රයේ මුල් අවධිය අවසානයේදී කිරි නිෂ්පාදනය උපරිම මොහොතට ලගා වේ. එම නිසා මෙම කාලයේදී ඉහළ ගුණාත්මයෙන් යුතු ආහාර සැපයීම ඉතා වැදගත් වේ.
තවද දෛනික ආහාර සලාකයේදී අඩංගු ප්රෝටීන ප්රමාණය 16% - 18% අඩංගු වීම වැදගත්


Tharaka Dilshan Rathnayake


No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...