Tuesday, March 6, 2018

කිරි උණ Milk fever/ hypocalcemia

කිරි උණ Milk fever/ hypocalcemia



කිරි උණ යනු ප්‍රසූතියට ආසන්නවම ප්‍රසූතිය සිදුවන විට සහ  බොහෝ විට ප්‍රසූතිය සිදුවී ටික දිනකින් (දින 1,2) සෑදෙන පරිවෘත්තිය රෝගයකි.මෙම රෝගය බොහෝවිට සෑදෙන්නේ අධික කිරි නිෂ්පාදනයක් සහිත වයස්ගත දෙනුන්ටය.මෙම රෝගය ඇතිවීමට ප්‍රෙව්ණික හේතුද බලපායි.


රෝගය සෑදීමට හේතු

මෙම රෝගය වැලඳුනු විට රුධිරයේ අඩංගු කැල්සියම් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික  ප්‍රමාණයකින් පහල වැටේ.

සතා ලබාගන්නා ආහාර මඟින් කැල්සියම් ලැබෙන අතර  කිරි,මුත්‍රා මඟින් ශරීරයෙන් කැල්සියම් ඉවත් වේ.

ප්‍රසූතියේදී හා ප්‍රසූතියෙන් පසුව රැධිරයේ ඇති කැල්සියම් බොහෝ ප්‍රමාණයක් බුරුල්ලට ස්‍රාවය වේ.

මේ කාලයේදී කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය සීඝ්‍ර ලෙස වැඩිවේ.
මෙම අවශ්‍යතාවය රුධිරයට ඇතුළුවන කැල්සියම් මඟින් සපුරන්නේ නැතිනම් රුධිරයේ ඇති කැල්සියම් ප්‍රමාණය පහත වැටෙන අතර මෙසේ විශාල වශයෙන් පහත වැටීමක් සිදුවන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස කිරි උණ සෑදේ.


රෝග ලක්ෂන

සතා අලස හා නිෂ්ශබ්දව පසුවීම
ශරීර උෂ්ණත්වය ස්වල්ප ලෙස පහත වැටීම
සතාගේ කන් හා ගාත්‍රාවල පහලම කොටස් ශීතල වීම
ආහාර නොගැනීම
රූමන චලන නැවතීම
මලද්‍රව්‍ය පිටවීම අඩුවීම
බුරුල්ල එල්ලා වැටෙන ස්වාභාවයකට පත්වීම,කිරි ස්‍රාවය වීම නැවතීම.
සතාට සිටගෙන සිටීමට සිටීමට අපහසුතාවයක් ඇතිවන අතර සතාට නැගී සිටීමට නොහැකි තත්වයට පත්වේ ඩන් පසුව සතා සිහි නැති ස්වාභාවයකට  මෙන් පත්වේ
ප්‍රතිකාර
රුධිරයට කැල්සියම් එන්නත් කිරීම


රෝග පාලනය

ප්‍රසූතියට පෙර අවසාන සතියේ සාන්ද්‍ර ආහාර වැඩි ප්‍රමාණයක් දීමෙන් වැලකීම
ගැබ්කාලයේ අවසාන මාස දෙක තුල සතාගේ අවශ්‍යතාවයට අනුව පමණක් ආහාර සැපයීම.(සතා අධික ලෙස පෝෂණය කිරීම නිසා සතාට කිරි උණ ඇතිවීමේ ඉඩකඩ වැඩිවේ)
ප්‍රසූතියෙන් පසු දෙනට අවශ්‍ය තරම් කැල්සියම් ආහාර සමඟ ලබාදීම
ප්‍රසූතියෙන් පසු දෙනට ඇවිදීමට ප්‍රමාණවත් ඉඩක් ලබාදීම
විශේෂයෙන්ම එක් වරක් කිරි උණ වැලඳුනු දෙනුන් ඊලඟ ප්‍රසූතියේදී නැවත රෝගය වැලඳීම වැලැක්වීමට පියවර ගැනීම ඉතා වැදගත්ය.

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...