2004 වර්ශයේදී කොලොම්බියාවේදී මුලාටෝ II නම් දෙමුහුම් බ්‍රැකේරියා තෘණ විශේෂය බිහිකර ඇත.
Brachiaria ruziziensis හා B. decumbens හා B. brizantha යන තෘණ මුහුම් කිරීමෙන් මෙම නව හයිබ්‍රිඩ් තෘණ විශේෂය නිපදවා ඇත.
මුලටෝ II ශාකයට පුළුල් මූල පද්ධතියක් ඇති අතර එමඟින් නියඟයට ඔරොත්තු දෙන අතර වැසි සමය ආරම්භයේදී වේගයෙන් නැවත වර්ධනය වීමට ඉඩ සලසයි. එහි වැඩිවියට පත් කොළ, සවස් කාලයේ පිනි වැටෙන විට කොළ මත තැන්පත් වන තෙතමනය පසුදා උදෑසන වන තෙක් කාර්යක්ෂමව භාවිතා කිරීමට මුලටෝ II ශාකයට ඉඩ සලසයි.
අස්වැන්න හෙක්ටයාරයකට වියලි ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 14-35 අතර පරාසයක පවතින අතර අස්වැන්නේ ප්‍රමාණය පස,වර්ෂාපතනය,වගාවේ ස්වභාවය මත තීරණය වේ.
දල ප්‍රෝටීන ප්‍රමාණය 10-17% පමණ වේ.
සයිලේජ් හා හේ නිෂ්පාදනය සදහා ඉතාමත් සුදුසු තෘණ වර්ගයක් වන මුලාටෝ II අනෙකුත් බ්‍රැකේරියා තෘණ විශේෂ වලට වඩා වැඩි අස්වැන්නක් හා පෝශක ප්‍රමාණයක් ලබාදෙයි.
තෘණ වගාව සංස්ථාපනය
බීජ මගින් හා පැල මගින් නව වගාාව ආරම්භකල හැක.
බීජ හෙක්ටයාරයකට බීජ කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.
බීජ වැපිරීම හෝ පේලියට දැමීම සිදුකල හැක. පේලි අතර පරතරය සෙන්ටිමීටර 45-50 සුදුසු වේ.
බීජ සිටුවීමෙන් පසු පලමු අස්වැන්න දින 60-70පමණ ගතවිය හැකි අතර ඉන්පසු දින 40-60 අතර කාලයකදී අස්වැන්න ලබාගත හැක.
අනෙකුත් බ්‍රැෙක්රියා තෘණ විශ්ෂ මෙන් මල් පිපෙන බැවින් වගාවේ 5% මල් පිපෙන අවස්ථාවේදී අස්වැන්න නෙලාගත යුතුය.
අ්න්න නෙලීමේදී පොලව මට්ටමේ සිට සෙන්ටිමීටර 5ක උසින් කැපීම නිර්දේශ කෙරේ.







No comments:
Post a Comment