Thursday, March 22, 2018

විසිතුරු මසුන් අභිජනනය 02 ornamental fish breeding


ඒන්ජල් මසුන්  අභිජනනය  angelfish breeding


.
පරිනත සතුන් හඳුනා ගැනීම

 ඒන්ජල් මසුන්ගේ ගැහැණු හා පිරිමි සතුන් වෙන් කර හඳුනා ගැනීම දුෂ්කර වේ. සමූහ ලෙස ටැංකියක සිටින විට පරිණත සතුන් යුගල ලෙස සිටීම මඟින් මසුන් යුගල හඳුනා ගත හැකිය
පරිනත සතුන් යුගල හඳුනාගැනීමෙන් පසුව එම සතුන් අනෙක් සතුන්ගෙන් වෙන් කිරීම කල යුතුය.වෙන් කරන ලද මසුන්ට නිදහසේ පිහිණිමට ප්‍රමාණවත් ඉඩක් තැබීම අත්‍යාවශ්‍ය වේ.

මසුන් යුගලක් සදහා අඩි 1.25*1.25*2 ප්‍රමාණයේ ටැංකියක් ප්‍රමාණවත් වේ.
අභජනන ටැංකියේ ජලයේ pH අගය 6.5-6.9 අතර හා ජලයේ උශ්ණත්වය සෙල්සියස් අංශක 22-27 අතර පැවතිය යුතුය.
අභිජනන මසුන්ට ආහාර සැපයීමේදී ජීවී ආහාර සැපයිය යුතුය .මේ සඳහා Daphnoea සුදුසු වේ.

මසුන් බිත්තර දැමීමේදී ආනත පෘෂ්ඨ මත බිත්තර ඇලවීම සිදු කරන බැවින් අභිජනන ටැංකියේ ආනතව ප්ලාස්ටික් පතුරක්,උළු කැබැල්ලක් හෝ පලල් පත්‍ර සහිත ජලජ පැලෑටියක්  තැබිම කල යුතුය

ගැහැණු සතුන් පරිණත තත්වයට පත්වීමේදී ලිංගික විවරය තුලින් සුදු පැහැති නාලයක් පිටතට පැමිණිම සිදුවේ.
මෙම කාලයේදී පිරිමි සතුන් ටැංකියේ බිත්තර දමන පෘෂ්ඨ පිරිසිඳු කිරිම සිදු කරයි.
දින කීපයකින් ජලජ පැලැටිවල හා ආනත පෘෂ්ඨ වල බිත්තර දැමීම සිදු කරයි.
වරකට බිත්තර 300-400ක ප්‍රමාණයක් ගැහැණු සතෙකු විසින් දමනු ලබයි.

බිත්තර දැමීමෙන් පසු බිත්තර අඩංගු ජලජ පැලෑටි හා ආනත පෘෂ්ඨ වෙන් කිරීම සිදු කල යුතුය.
බිත්තර වෙන් කරන ටැංකිය හොඳින් වාතනය කිරීම කල යුතුය.
දින කීපයකින් බිත්තර පුපුරා පිටතට පැමිනෙන පැටවුන් ටැංකිය පතුලේ ඉස්ගෙඩියන මෙන් චලනය වන අයුරු දක්නට ලැබේ.
දින කීපයකට පසු පැටවුන් නිදහසේ පිහිණීම ආරම්භ කරනු ලබයි.

පැටවුන්ට ආහාර සැපයීම

බිත්තර වලින් බිහිවන පැටවුන්ට පිහිනිය නොහැකි නිසා එම සතුන්ට ආහාර සැපයීම ඉතා වැදගත් වේ.
එසේ නොමැති උවහොත් පැටවුන්ගෙන් විශාල ප්‍රමානයක් මිය යයි.
පැටවුන්ට වඩාත් සුදුසු ආහාරය වන්නේ කිකිලි බිත්තර කහමදයයි.
බිත්තර විනාඩි 10ක් පමණ හොදින් තම්බා කහ මදය හොදින් පොඩිකර  පිරිසිදු රෙදිකඩකට් දමා ජල්‍යට මිරිකීමෙන් ඉතා සියුම් බිත්තර අංශු පැටවුන්ට ආහාර ලෙස ලබා දිය හැක.
සති දෙකකට පසු පැටනුන් වෙනත් ටැංකියකට මාරු කිරිම සිදු කල හැකිය.


No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...