Saturday, January 14, 2017

විසිතුරු මසුන් අභිජනනය 01 ornamental fish breeding

ගෝල්ඩ් ෆිෂ්  අභිජනනය goldfish breeding



Cyprinidae සිප්‍රිනිඩේ කුලයට අයත් මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා බිත්තර මගින් සිය වර්ගයා බෝකරනු ලබයි.
ලොව පුරා මෙම විශේෂයේ ඉතාමත් අලංකාර මත්ස්‍ය ප්‍රභේද රැසක් මේ වන විට විසිරී ඇත. ඉතාම පහසුවෙන් අභිජනනය කිරීමට හැකිය
මඩ පොකුණු තුළට යොමු කිරීමේ ප්‍රමාණය දක්වා වර්ධනය කිරීම තරමක් අපහසු කාර්යයකි. නමුත් මඩ පොකුණුවලට යොමු කිරීමෙන් පසු ඉතාම වේගයෙන් වර්ධනය වේ.

මෙම මසුන් වසර මුලුල්ලේම අභිජනනය සඳහා යෙදවිය හැකිය.නමුත් සැප්තැම්බර් - අප්‍රේල්  දක්වා කාලයේදී අභිජනනය කිරීම වඩාත් යෝග්‍ය වේ.
අභිජනනය සඳහා තෝරගන්නා පරිනත  සතුන් ගැහැනු හා පිරිමි සතුන් වෙන් කර ඇති කිරීම සිදු කල යුතුය  එම වෙන්කර තබන කාලය තුල එම සතුන්ට ප්‍රෝටීන වැඩි ආහාර ලබාදිය යුතුය.
පරිනත සතුන් හඳුනා ගැනීම
පිරිමි සතුන්
පරිසර උශ්නත්වය වැඩි කාලවලදී පරිනත පිරිමි සතුන්ගේ  කරමල් වැසී ඇති පිධානය මතුපිට කුඩා සුදු පැහැති බිබිලි වැනි දෑ හට ගනී


ගැහැණු සතුන්
ශරීරය හොඳින් වැඩී ,පිරී ඇතිනම් එම සතුන් පරිනත වී ඇත.


ගෝල්ඩ් ෆිෂ් මසුන් විශාල බිත්තර ප්‍රමානයක් දමන් බැවින් ඒ සඳහා තරමක් විශාල ඉඩකඩ ඇති ටැංකියක් තෝරාගත යුතුය.
මසුන් බිත්තර දැමීම ජලජ පැලෑටි මත සිදුකරන බැවින් අභිජනන ටැංකිය තුලට කුඩා පත්‍ර ඇති ජලජ පැලෑටි දැමිය යුතුය.
Goldfish මසුන්ගේ බිත්තර දැමීමේ සීස්‍රතාවය උශ්නත්වය වෙනස්වීම මත වෙනස් වේ.
මේ සඳහා ප්‍රශස්ත උශ්නත්වය ෆැරන්හයිට් 80 වේ .
මසුන් අභිජනනය කිරීමට සතියකටපෙර සිට මෙම උශ්නත්වය කෘත්‍රිමව හෝ ලබා දීම සිදු කල යුතුය.
මසුන් අභිජනනය සිදු කර බිත්තර දැමීමෙන් පසුව අභිජනන මසුන් ඉවත් කිරීම සිදු කල යුතුය.

මව් සතුන් ඉවත් කිරීමෙන් පසුව බිත්තර ඇති ටැංකියට මෙතිලීන් බ්ලූ ද්‍රවනය එක් කිරීම කල යුතුය.
ටැංකියේ ඇති බිත්තර පෙනෙන නොපෙනෙන මට්ටමට මතිලීන් බ්ලූ එකතු කිරීම කල යුතුය.
මෙතිලීන් බ්ලූ එකතු කිරීම මඟින් සංසේවනය නොවූ බිතතර හඳුනා ගැනීම කල හැක.
මෙතිලීන් බ්ලූ එක්කර දිනක් ගතවූ පසු සංසේවනය නොවූ බිත්තර සුදු පැහැ ගැන්වේ.එවිට එම සංසේවනය නොවූ බිත්තර ඉවත් කිරීම කල හැක.
සංසේවනය නොවූ බිත්තර මත දිලීර වර්දනය වේ.මෙසේ එම බිත්තර ඉවත් කිරීම මගින සංසේචිත බිත්තර ආරක්ෂා කරගත හැක.
සංසේචිත බිත්තර දින 4කින් පිපිරීම සිදුවේ.

මෙමඟින් කුඩා මසුන් fry පිටතට පැමිනීම සිදුවේ.

දින 4ක් ගතවන විට පැටවුන් පිහිනීම ආරම්භ කරයි.

පැටවුන්ට ආහාර සැපයීම

බිත්තර වලින් බිහිවන පැටවුන්ට පිහිනිය නොහැකි නිසා එම සතුන්ට ආහාර සැපයීම ඉතා වැදගත් වේ.එසේ නොමැති උවහොත් පැටවුන්ගෙන් විශාල ප්‍රමානයක් මිය යයි.
පැටවුන්ට වඩාත් සුදුසු ආහාරය වන්නේ කිකිලි බිත්තර කහමදයයි.
බිත්තර විනාඩි 10ක් පමණ හොදින් තම්බා කහ මදය හොදින් පොඩිකර  පිරිසිදු රෙදිකඩකට් දමා ජල්‍යට මිරිකීමෙන් ඉතා සියුම් බිත්තර අංශු පැටවුන්ට ආහාර ලෙස ලබා දිය හැක.
බිත්තර වලින් බිහිවී දින 10ක් දක්වා මෙලෙස ආහාර ලබාදීම කල යුතුය.
දින 10කටපසු පැටවුන්ට brine shrimp  ලබා දීම කල හැක.

පැටවුන්ට පැය 2කට වරක් ආහාර ලබා දීම යෝග්‍ය වේ.
රාත්‍රියේ ආහාර ලබා දීමේදී ආලෝකය සැපයීම අත්‍යාවශ්‍ය වේ.

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...