Sunday, January 8, 2017

විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක හා වැළදෙන රෝග.




විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක
ජලය :
විසිතුරු මසුන් ඇතිකිරීමේදී ජලය ප‍්‍රධාන තැනක් උසුලයි. මාළු වර්ග අනුව ජල තත්ත්වය වෙනස් කළ යුතු වේ. බිත්තර දමන මසුන් සඳහා ph  අගය 6 - 7 අතරත් පැටවුන් දමන මසුන් සඳහා ph  අගය 7.5 - 8.5 අතරත් තිබිය යුතුය. එසේම එම ජලය සඳහා උෂ්ණත්වයක් ලබාදෙන්නේ නම්  260c - 32cඛ් ක උෂ්ණත්වයක් සැපයිය යුතුය.කරදිය මත්ස්‍ය ටැංකියක් සෑදීමේදී එයට මුහුදු වැලි යෙදීම අවශ්‍යය. එහිදී කොරල්පර කොටස් , මුහුදු ජලජ පැළෑටි යෙදීම වැදගත් වේ. මන්ද පැටවුන් දමන මත්ස්‍යයින් එවන් පැළෑටි තුළ කූඩු සෑදීමට පුරුදු වී සිටින බැවිනි.
ආලෝකය :
මත්ස්‍ය ටැංකියකට අවශ්‍ය තවත් සාධකයකි අලෝකය. මත්ස්‍යයින්ගේ කි‍්‍රයාකාරිත්වයට ආලෝකය නිතැතින්ම බලපායි. එසේම ජලජ පැළෑටි තම ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියට ආලෝකය උපයෝගී කර ගනී. ආලෝකය භාවිතා කිරීමේදී උපකාර කර ගත හැකි ක‍්‍රම 2 ක් වේ. ඉන් එක ක‍්‍රමයක් නම් ස්වභාවික ආලෝකයයි. අනෙක් ක‍්‍රමය කෘතීම ආලෝකයයි. එළිමහනේ ඇති මත්ස්‍ය ටැංකියක් සඳහා නිතැතින්ම ස්වාභාවික ආලෝකය ලබාදිය හැකිය. එහෙත් නිවසක් ඇතුළත ඇති මත්ස්‍ය ටැංකියකට කෘති‍්‍රම ආලෝකය ලබාදිය යුතුය. එහිදී මත්ස්‍ය ටැංකි සඳහා ම භාවිත කරන බල්බ යොදා ගත හැකිය. ආලෝකය වැඩියෙන් ලබාදෙන විට ජලජ ශාකවල වර්ධනය වැඩිවේ. එහෙත් ආලෝකය අඩු වූ විට ජලජ ශාකවල වර්ධනය අඩුවේ. මේ හේතුව නිසා කෘති‍්‍රම ආලෝකය සැපයීමේදී එය කල්පනාකාරීව සිදු කළ යුතුය. නැතහොත් එය මත්ස්‍යයින්ගේ පැවැත්මට බාධාවක් විය හැකිය.
තාපය :
මත්ස්‍යයින්ට ජලය ආලෝකය මෙන්ම බලපාන සාධකයකි තාපය. විසිතුරු මත්ස්‍යයින් සඳහා තාපය ලබාදෙන විට ජලයේ උෂ්ණත්වය  280c - 300c  අතර විය යුතුය. එසේ උෂ්ණත්වය ගණනය කිරීම සඳහා මත්ස්‍ය ටැංකියක් තුළ සරල උෂ්ණත්වමානයක් සවිකළ යුතු වේ.
මත්ස්‍යයින්ට  වැළඳෙන රෝග :

මත්ස්‍යයින්ට ද අනෙකුත් සතුන්ට මෙන්ම රෝගාබාධ වැළඳේ. අප රෝගී වූ විට රෝගී ලක්‍ෂණ හඳුනාගෙන ප‍්‍රතිකාර කරන්නාක් මෙන් මත්ස්‍යයින්ට ද රෝග ලක්‍ෂණ අනුව ප‍්‍රතිකාර කළ හැකිය. එහෙත් ඊට පෙර එම රෝග හඳුනාගත යුතුය.මෙලෙස මත්ස්‍යයින්ට
* වෛරස් රෝග
* බැක්ටීරියා රෝග
* දිලීර රෝග
* පරපෝෂිත රෝග
ආදිය වැළඳිය හැකිය. මෙම රෝග වැළඳුන පසු මත්ස්‍යයින් ගේ චර්යා රටා වෙනස් වේ. එසේම සිරුරේ ඇති වර්ණයන් ද වෙනස් වේ. එම රෝග වැළඳුන මත්ස්‍යයින් සෙමින් පීනා යන අතර අකී‍්‍රයව කල් ගෙවයි. බොහෝ මත්ස්‍ය රෝග, මත්ස්‍යයින්ගේ බාහිර ලක්‍ෂණ මගින් සොයාගත හැකි අතර රෝගී මසුන් හා නිරෝගී මසුන් අධ්‍යයනය කිරීමෙන් ද මෙම තත්ත්වයන් හඳුනාගත හැකිය.මෙලෙස මත්ස්‍යයින්ට වැළඳෙන රෝග අතර

*කොරපොතු ඉපිල්ලීම(dropsi)




* මෞඛ පුළුන් රෝගය


* වරල්, වලිග, දේහ කුණුවීමේ රෝගය

 

* සුදු පුළුන් රෝගය

 

අක්‍ෂි රෝග

Cloudy eye




Pop eye







 ආදිය පෙන්වා දිය හැකිය.
එමෙන්ම පරපෝෂිතයන් ආශි‍්‍රතව ඇතිවන රෝගයන් ලෙස ,

පැතැල්ලන්







මාළු උකුණන්



* සුදු තිත් රෝගය



නැංගුරම් පණු රෝගය

ආදිය පෙන්වා දිය හැකිය.
විසිතුරු මසුන්ට හානි කරන විලෝපීයයන් ලෙස
* වෙල් කක්කුට්ටා
* දිය ගෝනුස්සා
* දිය කූඩැල්ලා
* දිය උකුණා
* කුරුමිණි වර්ග
* දිය නයා
* දිය ගෙම්බා
* පක්ෂීන්
දීන් පෙන්වා දිය හැකිය.
 මත්ස්‍යයින් සිටින ස්ථාන අනුව මෙම විලෝපීයයන්ගෙන් සිදුවන හානි අවම වන අතර නිවසක සිටින විසිතුරු මසුන්ට නම් මෙවැනි හානි නොමැති ම තරම්ය. එහෙත් විසිතුරු මසුන් පිළිබඳ විමසීමේදී ඔවුන් ගොදුරු කර ගන්නා පරපෝෂිතයන් පිළිබඳව ද සොයා බැලීම වැදගත් වේ.බොහොවිට මෙවැනි විලොපීයයන් ගේ ගොදුරු බවට පත්වන්නේ පොකුණු තුළ සිටින සුරතල් මසුන්ය. එහිදී වෙල් කක්කුට්ටා, දියකූඩැල්ලා, දියගෝනුස්සා, දියනයා වැනි සතුන් ප‍්‍රධාන වේ.මත්ස්‍ය ටැංකියක ඇති කළ හැකි වෙනත් විසිතුරු සතුන් ද වේ. ඒ අතර ගොළුබෙලි වර්ග ද ඉස්සන් වර්ග ද වේ.  ස්වභාවික ජලජ ශාකවල මෙන්ම ජලයේ ඇති ගල්පරවල යටි පැත්තේ මෙම සතුන් වාසය කරයි. එම නිසා එවන් සතුන් විසිතුරු මත්ස්‍යයන් ඇති ටැංකියකට යොදන විට ඔවුනට අවශ්‍ය පරිසරයක් ද සකසා ගත යුතුය. එහිදී දිරා ගිය ශාක කොටස්, බෙල්ලන් වර්ග, ජලජ පැළෑටි ද යොදා ගත හැකිය.
උපුටා ගැනීම - කසුන් රාජපක්ෂ ( https://newfuturetrendsin.blogspot.com/?m=1 )

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...