Friday, January 20, 2017

ගවයින්ගේ ජීව බර මැනීම. ( Cattle live weight measurement.)

ගවයින්ගේ ජීව බර මැනීම. ( Cattle live weight measurement.)

ගව පාලනයේදී ගොවිපලේ සතුන්ගේ ජීව බර මැනීම ඉතාමත් වැදගත් වේ.
සතුන්ට ආහාර සැපයීමේදී.
සතුන්ගේ පෝශන අවශ්‍යතාව ගණනය කරන්නේ ජීව බර හා නිශ්පාදනය පදනම් කරගෙනය.
සතුන්ට ඖෂධ ලබාදීමේදී
ඖෂධ ලබාදෙන්නේ සතාගේ ජීව බර අනුවය

සතාගේ වර්ධන පිලිඹ්දව අදහසක් ලබා ගැනීම සඳහා
සතා කිරි වරන දිනය,ගැහැනු සතෙක් නම් අභිජනනය සිදු කරන අවස්ථාව නිර්ණය කිරීම සඳහා .
සතුන් අලෙවි කිරීමේදී වටිනාකම ගණනය කිරීමට.



ගවයින්ගේ ජීව බර මැනීම ආකාර කීපයකට සිදු කල හැක.

1. තරාදියක් භාවිතය

2. බර මනින පටිය ( weigh band) භාවිතය



3. සාමාන්‍ය දිග මනින පටියක් භාවිතය


01.තරාදියක් භාවිතා කර බර මැනීම.

ජීව බර මැනීමේදී වඩාත් නිවැරැදි අගයන් ලබාගැනීමට අවශ්‍යයවිටදී තරාදියක් ආධාරයෙන් සතුන්ගේ ජීව බර ලබාගනු ලබයි.
මේ සඳහා දුනු තරාදි,විද්‍යුත් තරාදි,පාලම් තරාදි (weight bridge ) භාවිතා කරයි.
ලංකාවේදී පැටවුන්ගේ බර කිරීමේදී බහුලව තරදි භාවිතය සිදුකරයි.

02.බර මනින පටිය (weigh band) භාවිතය

ගවයින්ගේ ජීව බර මැනීමේදී බහුලව භාවිතා වන්නේ බර මනින පටිය (weigh band) වේ.
Weigh band සාමාන්‍යයෙන් නිර්මානය කරන්නේ ගවයින්ගේ හා ඌරන්ගේ ජීව් බර  මැනීම සඳහා වේ.
පටියේ පහත පරිදි සංඛ්‍ය පේලි 4ක් හෝ 5ක් පවතී.

මෙම පටියේ ඉහලම තීරුව පපුවේ වට ප්‍රමාණය සෙන්ටිමීටර වලින් දක්වයි.
දෙවන තීරුවේ පපුවේ වට ප්‍රමාණයට අනුරූප ජීව බර දක්වයි.
පහලින්ම පිහිටන පේලි 2 ඌරන්ගේ ජීව බර හා මියගිය පසු බර මැනීම සඳහා වේ.



මේ මඟින් බර මැනීමේදී පහතපරිදි බර මැනීම සිදු කරයි.
බර මනින පටිය භාවිතා කිරීමේදී සතාගේ ඉදිරි පාද වලට 2cm පමණ පසුපසින් සතාගේ පපුවේ වට ප්‍රමාණය මැනීම සිදු කර එම  පපුවේ වට ප්‍රමානයට අනුරූපව සතාගේ බර නිර්ණය කරයි.


ඔබට weigh  band එකක් සපයා ගැනීමට නොහැකි නම් මෙතනින්  ගවයින්ගේ පපුවේ වට ප්‍රමාණයට අනුරූප ජීව බර සටහන download  කරගන්න.
මෙය භාවිතා කිරීමේදී පලමුව සාමාන්‍ය දිග මනින පටියකින්  පපුවේ වට ප්‍රමාණය සෙන්ටි මීටර වලින් මැන ගන්න.
ඉන්පසු එම අගයට අනුරූප බර සටහනින් ගලපා ගන්න.
උදාහරණ - පපුවේ වට ප්‍රමාණය 100cm නම් එම සතාගෙ ජීව බර  92 kg වේ.

03.සාමාන්‍ය දිග මනින පටියක් භාවිතය

බර මනින පටියක් හෝ තරාදියක් සපයා ගත නොහැකි අවස්ථාවකදී ගවයෙකුගේ බර මැනීම මේ මඟින් සිදුකල හැක.
මෙම ක්‍රමයේදී ගවයාගේ පපුවේ වට ප්‍රමාණය හා ගවයාගේ දිග (උරහිසේ සිට වලිගය මුල දක්වා) සෙන්ටිමීටර වලින් මැන සරල සුළුකිරීමක් මගින් ගවයාගේ අසන්න ජීව බර ගණනය කල හැක.


සතාගේ දිග(A-B)* පපුවේ වට ප්‍රමානයේ වර්ගය(G2)/10.4 

ඉහත සමීකරණයෙන් සතාගේ බර කිලෝග්‍රෑම් වලින් ලැබේ.



කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...