Tuesday, December 27, 2016

ගව පැටවු පාලනය (calf rearing) - 02 පැටවුන් පෝශනය

පැටවුන් පෝශනය

කිරි වරන තෙක් ගව පැටවුන් පාලනයේදී පැටවුන්ගේ පෝශනය ඉතාම වැදගත් වේ.
පෙර ලිපියේ සඳහන් කල ආකාරයට පැටවෙකුගේ උපත් බර පරිනත ශරීර බරින් 7%ක අගයක පවතී.

එමපැටවා කිරි වරන විට (පැටවාට මාස 1.5/දින45ක් ) වන විට පැටවාගේ බර පරිනත් ශරීර බරින් 10%ක පමණ අගයක තිබිය යුතුය.
මෙම ඉලක්කය සපුරා ගැනීමට නම් පැටවගේ දෛනික වර්දන වේගය 0.5-0.7 kg පවත්වා ගට්ග යුතුය.

ලංකාවේ සාමාන්‍ය ගොවිපලකද පැටවෙකුගේ දෛනික වර්ධන වේගය 0.6kg පමණ ලබා ගැනීමේ හැකියාව පවතී.
මෙම දෛනික වර්ධන වේගය පවත්වගැනීමේ වැදගත්කම වන්නේ පැටවාට මාස 16-18 වන විට පරිනත ශරීර බරින් 75%ක් ලබාගෙන එම සතා ගැබ් ගැන්වීමට හැකි වීමයි.
පැටවෙකු දින 45කින් (මාස 1.5) කිරෙන් වැරීම සිදු කරයි.
එම කාලය තුල පැටවාට අවශ්‍යය සියලුම පෝශක ප්‍රමාණයන් ලබාදීම සිදු කරයි.
කිරෙන් වරන තෙක් පැටවෙකුට එම පැටවාගේ වයස අනුව ආහාර වර්ග කීපයක් ලබාදීම සිදු කරයි.

01 කොලස්ට්‍රම් (මුල් කිරි) colostrum
02 එල කිරි  හෝ CMR (Calf milk replacement )
03 පැටවු ආරම්භක ආහාරය ( calf starter)
04 වියලි තෘණ
05 සාමාන්‍ය තෘණ



01. කොලස්ට්‍රම් (colostrum )

පැටවාට මුල් දින අනිවාර්යයෙන්ම කොලස්ට්‍රම් පමණක්ම ලබාදිය යුතුය.
පැටවා ඉපදී මුල් පැය 10 තුලදී පැටවාගේ උපත් බරින් 10%ක ප්‍රමාණයක් කොලස්ට්‍රම් පෙවීම කල යුතුය.
උපත් බර 35kg නම් කොලස්ට්‍රම් 3.5lක් පෙවිය යුතුය .
මෙය වාර 2කට හෝ 3කට පෙවීම සිදු කල හැක.කෙසේ හෝ පැටවා ඉපදී මුල් පැය 10 තුලදී මෙම කොලස්ට්‍රම් ප්‍රමානය අනිවාර්යයෙන්ම ලබාඩිය යුතුය.
මව් සතාගෙන් දොවාගත් කොලස්ට්‍රම් බාල්දිය ආදාරයෙන් හෝ බෝතලයක් මගින් පෙවීම සිදුකල හැක.
ඉන්පසු දින 3ක් දක්වා දිනකට කොලස්ට්‍රම් 4l වන පරිදි දිනකට දෙවරක් පැටවාට ලබාදීම ප්‍රමානවත් වේ(උදෑසන 2l -හා සවස 2l)

කොලස්ට්‍රම් වල පහත සංයෝග අඩංගු වේ.

  • මේදය හා ලැක්ටෝස් - අළුත උපන් පැටවාට ශක්තිය ලබා දීම,උපතේදී පැටවාට ඇතිවන තෙහෙට්ටුව මඟහැරවා ගැනීම.
  • ප්‍රෝටීන  - පැටවාගේ පරිවෘත්තියට හා මස්පිඬු වර්ධනයට.
  • ප්‍රතිදේහ - පැටවාගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය වර්ධනය වීමට.
  • විටමින් හා ඛනිජ - පැටවාගේ වේගවත් වර්ධනයට හා ප්‍රතිශ්තිය වර්ධනය කිරීමට
මව් දෙන්ගේ මුල් පැය 24තුල ලැබෙන මුල් කිරි වල පැටවාගේ ප්‍රතිසංස්කරණ පද්ධතිය වර්ධනය දීමට අවශ්‍යය ප්‍රතිදේහ අඩංගු වන බැවින් එම කිරි ප්‍රමානය මුල් පැය 24තුල පැටවාට ලබාදීම ඉතාම වැදගත් වේ.
කොලස්ට්‍රම් දිනකට 4l වන පරිදි දිනකට  දෙවරක් ලබා දීම ප්‍රමානවත් වේ.
මව් දෙන මිය ගිය විට හෝ මව් දෙනගේ කිරි නොමැති නම් කෘතීම කොලස්ට්‍රම් මිශ්‍රණයක් සකසා පැටවාට ලබාදිය හැක.

කෘත්‍රිම කොලස්ට්‍රම් මිශ්‍රණය (ලීටර 1කට)
  • බිත්තර සුදු මද 6
  • එල කිරි 700ml
  • මෝර තෙල් 5ml
  • එඬෙරු තෙල් 5ml
  • ප්‍රතිජීවක 5g
  • ආසෘත ජලය 300 ml



02 එලකිරි හෝ CMR( Calf milk replacer)

දින 3ක් කොලස්ට්‍රම් ලබා දීමෙන් අනතුරුව 4වන දිනයේ සිට පැටවා ක්‍රමයෙන් එලකිරි හෝ cmr වලට හුරු කල යුතුය.
පැටවාට දිගටම මවගේ කිරිම ලබා දෙන්නෙ නම් මෙසේ මාරු කිරීමක් අවශ්‍යය නොවේ.
නමුත් වානිජ ගොවිපලවල් වල කොලස්ට්‍රම් ලබා දීමෙන් පසු පැටවාට ලබා දෙන්නේ එලකිරි හෝ cmr වේ.
කොලස්ට්‍රම් වල සිට පැටවා එලකිරි වලට මාරු කිරීමේදී දින 2ක් හෝ 3ක් තුල ක්‍රමයෙන් මාරු කිරීම කල යුතුය.
එලකිරි ලබා දෙන විට පැටවාට දිනකට 4l වන පරිදි දිනකට වාර 2කින් පැටවාට එලකිරි ලබා දිය හැක.
නමුත් දැනට ලංකාවේ වානිජ ගොවිපල බොහොමයක පැටවුන්ට එලකිරි ලබාදීම සිදු නොකරයි.
ඒ වෙනුවට පැටවුන්ට CMR( Calf milk replacer) ලබා දිම සිදු කරයි.

CMR වල සංයුතිය .
  • දල ප්‍රෝටීන - 23%
  • මේදය - 20% 
  • දල තන්තු - 9.5% (උපරිම)
  • කැල්සියම් - 1.2%
  • පොස්පරස් - 0.9%
  • විටමින් A,D3,E අඩංගු වේ.
Cmr පැටවාට දින 2,3තුල ක්‍රමයෙන් සිදුකල යුතුය.
පැටවාට දිනකට cmr මිශ්‍රණයෙන් 4l ක් වන පරිදි වාර 2කට් cmr ලබා දීම සිදු කල යුතුය.
පැටවා කිරෙන් වරන විට (පැටවාට වයස මාස 1.5/දින 45 වන විට)පැටවාට කොලස්ට්‍රම් ලීටර 12ක් හා cmr ලීටර 168ක් වන පරිදි සම්පූර්ණ කිරි ප්‍රමානය ලීටර 180ක් ලබාදී තිබිය යුතුය.

CMR සකස් කිරීම

  • Cmr කිරිපිටි සංයෝගයකි.පිටි ආකාරයෙන් පවතී



  • පැටවුන්ට ලබා දීමට සකස් කිරීමේදී ජලය ලීටර් 1කට cmr ගෑම් 100-150 අතර ප්‍රමානයක් මිශ්‍ර කිරීම සිදුකරයි.(මිශ්‍ර කරන ප්‍රමානය ඒඒ නිශ්පාදනය අනුව වෙනස් වේ)

  • Cmr සකස් කිරීමේදී උණුකර නිවාගත් ජලය(39'c පමණ් වන ජලය) භාවිතා කල යුතුය.
  • Cmr පැටවුන්‍ට බාල්දිය හෝ බෝතලය ආධාරයෙන් ලබා දිය හැක.



03. වසු පැටවුන්ගේ සාන්ද්‍ර ආහාර (calf feed)

පැටවුන්ගේ සීග්‍ර වර්ධන වේගයක් පවතින බැවින් පැටවුන්ට කිරි වලින් හෝ cmr වලින් පමණක් පෝශනය සැපයීම ප්‍රමානවත් නොවේ.
එම නිසා අතිරික්ත පෝශනය සැපයීමට පැටවාට සාන්ද්‍ර අහාර මිශ්‍රණයක් සැපයිය යුතුවේ.

Calf feed මිශ්‍රණයක,
  • ශක්තිය - 13Mj/Kg DM
  • ප්‍රෝටීන  - 16%
  • මේදය - 1.5% අවම. අඩංගු විය යුතුය.

පැටවාට calf feed සැපයීම වයස දින 7සිට ආරම්භ කල හැක.
ආරම්භයේදී දිනකට 50g ආරම්භ කිරීම් කල හැක.මෙය ක්‍රමයෙන් වැඩි කර පැටවා කිරිවරන වයසට පැමිනෙන විට දිනකට 1kg දක්වා වැඩි කල යුතුය.

04. වියලි තෘණ / හේ

පැටවාට සති2 වන විට පැටවාගේ රූමනයේ වර්ධනය උත්තේජනය කිරීමට පැටවාට තෘණ ලබාදිය යුතුය.
මේ සඳහා ඉහල ගුණාත්මයෙන් යුත් පිරිසිඳු වියලි තෘණ භාවිතා කල යුතුය.
අමු තෘණ වලට වඩා වියලි තෘණ වල කෙඳි ප්‍රතිශතය වැඩි නිසා වියලි තෘණ යෝග්‍ය වේ.
පැටවාට වියලි තෘණ අවශ්‍යය පරිදි ආහාරයට ගැනීමට ඉඩ දිය යුතුය.
වියලි තෘණ ලබා දීමේදී වෙනම  බඳුනක දමා ලබා දීම හෝ කුඩා කැබලි වලට කපා calf feed සමඟ මිශ කර ලබා දීම කල හැකිය.
ප්‍රායොගිකව වියලි තෘණ calf feed සමඟ මිශ කර ලබා දීම පහසු වේ.

05. අමු තෘණ 

පැටවාට දින 30ක් පමන වයස වූ විට පැටවාට අමු තෘණ හුරු කිරීම කල හැක.
Calf feed,වියලි තෘණ ව්ලට අමතරව අමු තෘණ ලබා දිය යුතුය.
* පැටවා තබන කූඩුව තුල පැටවාට අවශ්‍යතාව පරිදි ලබාගත හැකිවන ලෙස ජලය සෑම විටම තැබිය යුතුය.
පැටවා කිරෙන් වැරීම
පැටවාට වයස දින 44න් පසු ලබාදෙන කිරි හො cmr ප්‍රමානය ක්‍රමයෙන් අඩු කර් 45 වන දිනයේදි කිරි හෝ cmr ලබාදීම නැවැත්විය යුතුය.
Calf feed,තෘණ සැපයීම අකන්ඩව සිදු කල යුතුය.
පැටවා කිරෙන් වැරූ පසු පැටවාගේ වර්ධන වේගය අඩුවීමට ඉඩ ඇත.
එබැවින් ඒ පිලිඹඳව විශේශයෙන් සැලකිලිමත් විය යුතුය.
කිරි වැරීමෙන් පසු පැටවාට පැටවාගේ ශක්ති අවශ්‍යතාව ගනනයකර  ඒ අවශ්‍යතා සපිරෙන් ආහාර සලාකයක් නිර්මාණ්‍ය කර ලබාදිය යුතුය.

පැටවා ඉපදුන විගස පැටවා මව් සතාගෙන් ඉවත් කර පැටවාට බාල්දිය හෝ බෝතලය මගින් කිරි ලබා දීමේන්,
  • පැටවාට අවශ්‍ය කිරි ප්‍රමානය ලබාදිය හැකි වීම
  • මවගෙන් කිරි උරා බොන විට පැටවාට ලැබෙන කිරි ප්‍රමානය පිලිඹ්දව අදහසක් ලබාගත් නොහැක.
  • පැටවා ඉක්මනින් කිරෙන් වැරිය හැකි වීම.
  • මව් සතාගෙන් පැටවා කිරි උරා බොන විට මව් සතා නැවත මදයට පැමිනීමට ගතවන කාලය වැඩිවේ.
  • වානිජ ගොවිපලවල් වල කිරි දෙවීම යන්ත්‍රානුසාරයෙන් සිඩු කරන නිසා පැටවා කිරි උරා බොන විට ගැටළු ඇතිවේ
  • සතා යන්ත්‍රයට හුරු වීම ප්‍රතික්ෂේප කිරීම,නිශ්පාදනය අඩුවීම,සේවක ශ්‍රමය අදිකව වැය වීම,පැටවාගේ අපේක්ශිත වර්ධන වේගයන් ලබාගත නොහැකි වීම.
වැනි හේතු නිසා පැටවා උපන් මොහොතේම මවගෙන් ඉවත් කිරීම මගින් කලමනාකරණය පහසු වේ.
පැටවුන්ට ආහාර ලබාදීමේ සටහන මෙතනින් Download කරගන්න.

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...