Saturday, December 24, 2016

ගව පැටවුන් පාලනය (calf rearing )

ගව පැටවුන් පාලනය (calf rearing )

ගව පාලනයේදී පැටවුන් පාලනය වැදගත් වන්නේ ඇයි.
හෙට හොඳ කිරි එලදෙනක වන්නේ අද පැටවාය.එම නිසා ගව පැටවුන් නිසි ලෙස පෝශනය කිරීම අත්‍යාවශ්‍ය වේ.
උසස් නිශ්පාදන හැකියාවක් සහිත සතෙකු ලබා ගැනීමට නම් එම සතා කුඩා කල සිටම සතාගේ නියමිත වයස් සීමාවන් වලදී නියමිත ශරීර වර්ධනය ලඟා කරගත යුතුය.
පැටවෙකුගේ සාමාන්‍ය උපත් බර එම සත්ව වර්ගයේ පරිනත දේහ බරින් 7% ක් පමන වේ.
මෙම දේහ බර පැටවා කිරි වරන විට පරිනත බරින් ආසන්න වශයෙන් 10% පමණවත් විය යුතුය.
ඒ සඳහා පැටවාගේ දෛනික වර්ධන වේගය 600-750g අතර පවත්වාගත් යුතුය.
පැටවාගේ එම වර්ධන වේගය පවත්වා ගැනීම සඳහා නිසි අයුරින් පැටවු පාලනය කිරීම කල යුතුය.




සාමාන්‍යයෙන් වැස්සියක් ගැබ් ගැන්වීම සඳහා  වයස මාස 18-20 පමන වීම හා ශරීර බර පරිනත දේහ බරින් 75%ක් පමණ වීම අනිවාර්‍ය වේ.
එසේ නොමැති වූ විට පැටවා දුර්වල වීම,වැස්සියගේ නිශ්පාදනය,ශරීර තත්වය දුර්වල වීම සිදුවේ.

සතාගේ මුල් අවධියේ පාලනය නිසි අයුරින් සිදු නොකලහොත් අදාල වයස් සීමාවන් තුලදී එම පැටවුන් නියමිත ශරීර බර ලඟා කර ගත් නොහැකි වේ.
මේ නිසා එම සතුන් ලිංගික පරිනතියට පත් වීම ප්‍රමාද වීම සිදුවේ.
එවිට එම සතුන් ගැබ් ගැන්වීම ප්‍රමාද වීම තුලින් ගොවිපලට ආර්ථිකමය පාඩු සිදුවීම අනිවාර්‍ය වේ.

පැටවු පාලනයේ මූලික අධියර පැටවාගේ ප්‍රසූත අවස්ථාව වේ.

පැටවා ප්‍රසූත කරන් ස්ථනය පිරිසිදු ස්ථානයක් වීම ඉතාමත් වැදගත් වේ.
එම ස්ථානය
වර්ග අඩි 100-150ක් පමණ වන,
වියලි හා උණුසුම් ,
හොදින් වාතාශ්‍රය හා ආලෝකය ලැබෙන,
පිදුරු වැනි අතුරනුවක් යොදා ඇති ස්ථානයක් වීම ඉතා යෝග්‍ය වේ.

ප්‍රසූත ස්ථානය අපිරිසිඳු උවහොත් 

පැටවාට පෙකණිය හා හන්දි ඉදිමීමේ රෝගය (naval & joint ill) ඇතිවිමේ අවධානමක් ඇතිවේ.
මව් දෙනගේ ගර්භාශයට විශබීජ ඇතුල් වීම නිසා ගර්භාශය ආසාදනය වීම ,වැදෑමහ නොවැටීම වැනි තත්ව ඇතිවී මව් සතාගේ ප්‍රජනක දුර්වලතා ඇතිවිය හැක.
 
ප්‍රසූතියෙන් පසු,


පලමුව පැටවා මව් සතාගෙන් ඉවත් කිරීම සිදු කරන්න.
පැටවා පිරිසිඳු කිරීම සිදුකල යුතුය.
පලමුවෙන්ම පැටවගේ නාස් පුඩු පිරිසිදු කිරීම කල යුතුය 

සමහර අවස්ථා වලදී ප්‍රසූතියේදී පෙකනි වැල පෙකණිය ආසන්නයෙන්ම කැඩීම සිදුවේ ,එසේ නොමැති අවස්ථා වලදී පෙකණියේ සිට අඟල් 2ක් පමණ පහතින් පෙකණි වැල කැපීම සිදුකල යුතුය
කැපුම් ස්ථානයට ඉහලින් නූලකින් තදින් ගැට ගැසීම කල යුතුය .

පෙකනි වැල කැපූ විගස පෙකනිය් විශබීජ නාශකයක ගිල්විය යුතුය ,
මේ සදහා tinchar iodine,providone iodine,කොහොඹ තෙල් භාවිතා කල හැකිය.

ඉන්පසු පැටවාගෙ බර කිරීම සිදු කල යුතුය.
පැටවාගේ උපත් බර පැටවු පාලනයේදී ඉතාමත් වැදගත් වේ.
සාමාන්‍යයෙන් පැටවෙකුගේ උපත් බර එම වර්ගයේ සතුන්ගේ පරිනත ශරීර බරින් 6-8% අතර අගයක් තිබිය යුතුය.
නමුත් නිවුන් පැටවුන් ලැබීමේදී උපත් බර 5-6% ක අගයක් තිබිය හැක.
පැටවාගේ උපත් බර එම අගයට වඩා බෙහෙවින් අඩු නම එම් පටවාට විශේශ රැකබලා ගැනීමක් අවශ්‍යය වේ.
ඉන්පසු පැටවාට කොලස්ට්‍රම් ,මුල්කිරි ලබාදීම කල යුතුය.
මේ සඳහා මව් සතාගෙන් දොවාගත් මුල් කිරි හෝ කෘත්‍රිම කොලස්ට්‍රම් මිශ්‍රණයක් ලබාදිය හැක.
කිරි පෙවීම බාල්දියෙන් හෝ බෝතලයෙන් කල හැක. 

කොලස්ට්‍රම් දීමෙන් පසු පැටවා පැටව් කූඩුවකට දැමීම සිදු කල හැක.

කූඩුවට දැමූ පසු පැටවා සලකුණු කිරීම කල යුතුය  මේ සඳහා
කන් සලකුනු කිරීම
පච්ච කෙටීම සිඩුකල හැක

ඉන් පසු පැටවා කිරෙන් වරන තුරු පාලනය ප්‍රදාන කොටස් කීපයකට බෙදිය හැකිය.




කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

1 comment:

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...