Sunday, January 3, 2021

දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන

 දිස්ත්රික් පශු විමර්ශන මධ්යස්ථානය

ශ්රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්රයේ වර්ධනය වෙමින් පවතින ඉල්ලුමට සරිලනසේ පශු විමර්ශන සේවාව ව්යාප්ත කිරීම පිණිස 2006 වසරේදී රජය විසින් ප්රතිපත්තිමය තීරණයන් ගන්නා ලදී. මේ අනුව දිවයින පුරා සෑම දිස්ත්රික්කයකටම එක බැගින් පශු විමර්ශන මධ්යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීම සදහා පියවර ගණනාවකින් යුත් සැලසුමක් දියත් කරන ලදී.
සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්ය අංශයේ අධීක්ෂණය යටතේ පාලනය වන පශු විමර්ශන මධ්යස්ථාන මගින් අදාල දිස්ත්රික්කවල පිහිටා ඇති ප්රාදේශීය පශු වෛද්ය කාර්යාල සදහා රසායනාගාර සේවා ලබා දෙනු ලබයි. මෙම මධ්යස්ථාන මගින් රෝග සදහා ආවේක්ෂණ සේවාවන්, රසායනාගාර නිර්ණය කිරීම් හා රෝග විමර්ශන කටයුතුද සිදුකරනු ලබයි. දිස්ත්රික්කවල පශු විමර්ශන නිලධාරියෙකු මගින් පාලනය වන මෙම මධ්යස්ථාන වල රෝග හදුනා ගැනීම හා විශ්ලේශන කටයුතු සදහා අදාල පහසුකම් වලින් යුක්ත වේ.


No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...