Friday, April 17, 2020

CO 4 නේපියර් තෘණ CO4 Napiar hybrid grass


CO 4 නේපියර් තෘණ









CO 3 නේපියර්තෘණ මෙන්ම CO 4 නේපියර් දෙමහුම් තෘණ වරිගයද ඉන්දියාවේ නිර්මාණය කරන ලද දෙමුහුම් නේපියර් තෘණ වර්ගයකි. CO 3 වලට වඩා වැඩි අස්වැන්නක් හා CO 3 වලට සාපේක්ෂව නියගයට ඔරොත්තුදීමේ හැකියාව වැඩි බැවින් CO 3 වලට වඩා CO 4 වගා කිරීමට ගොවීන්ගේ වැඩි නුඹුරුවක් පවතී

 cumbu IP 20594  හා FD 437 මුහුම් කර නිපදවූ මෙම තෘණ වර්ගය මීටර 4-5 ක් උසට වර්ධනය වන බහු වාර්ශික කෘණ වර්ගයකි.පත්‍රයක දිග සෙන්ටිමීටර 100-115 ක් පමණ වන අතර පළල සෙන්ටිමීටර 4-5 ත් අතර වේ.


යහපත් කළමණාකරණ යටතේ වර්ශයකට හෙක්ටයාරයක CO 4   තෘණ වගාවකින් කැපුම් වාර 7ක් හා මෙට්‍රික් ටොන් 375 - 400 ක තෘණ අස්වැන්නක ලබාගත හැක.(අක්කරයකට අස්වැන්න මෙට්‍රික් ටොන් 150-160)

CO 4   තෘණ අස්වැන්නෙහි වියලි ද්‍රව්‍ය ප්‍රමාණය (Dry matter) 21% වන අතර හෙක්ටයාරයන වගවෙකින් වර්ශයකට වියලි ද්‍රව්‍ය (Dry matter )මෙට්‍රක් ටොන් 80 ක පමණ අස්වැන්නක් ලබාගත හැක.


පෝෂණ අගය සැලකූ විට වියලි ද්‍රව්‍ය කිලෝග්‍රෑමයට  ශක්තිය මෙලා ජූල් 9ක් හා දල ප්‍රෝටීන 10.7%කි.



CO 4   තෘණ වගා කිරීම


CO 4    ලංකාව පුරා ඕනෑම පාංශු කාණ්ඩයක වගා කල හැකි අතර  වර්ෂාපෝශිත තත්ව යටතේ තෙත් කලාපයේත් ජග සම්පාදනය යටතේ වියලි කලාපයේත් තෘණ වගාව සිදුකල හැක.

වගාව සිදු කිල හැකි ආකාර කීපයක් පවතින අතර  අඩි 3*3 පරතරයට එක් ස්ථානයක පැල 02ක් සිටුවීම වගාව සිදු කිරීම හා   60 x 50 cm පරතරයට එක් ස්ථානයක එක් පැලයක්  වගා කිරීම බහුලවම සිදු කරනු ලබයි.

වගාව සදහා රෝපන ද්‍රව්‍ය ලෙස අර්ධ වශයෙන් මේරූ දඩු කැබලි,පැල,මුල් කැබලි භාවිතා කල හැක.





අඩි 3*3 පරතරයට වගාව සිදු කරන විට එක් ස්ථානයක දඩු හෝ පැල 02ක් සිටුවිය යුතු අතර  60 x 50 cm පරතරයට එක් ස්ථානයක එක් දඩු කැබැල්ලක හෝ පැලයක් සිටුවිය යුතුය.





පැල හෝ දඩු සිටවූ වහාම ජලය යෙදීම කල යුතු අතර සතු 02කින් පඹණ වගාව පරීක්ෂා කර පාළු සිටුවිය යුතුය.

CO 4   තෘණ වගාවෙහි පළමු අස්වැන්න දින 75-80දී  ලබාගත හැකි අතර ඩන් පසුව දින 45කට වරක් (මල් පිපීමට පෙර) අස්වැන්න ලබාගත හැක.

වගාවේ මල් පිපීමට පෙර අස්වැන්න  නෙලාගත යුතු අතර මල් පිපීමෙන් පසු තෘණ වල ගුණාත්මක බව විශාල ලෙස අඩුවේ.

තෘණ වගාව කැපීමේදී දෑකැති භාවිතා නෙකරන්න ඒ සදයා තියුණු පිහියකින් පොලවේ සිට අගල් 1-2 ක උසින් කපන්න.



කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath
අපගේ youtube චැනලයට පිවිසෙන්න.
https://www.youtube.com/channel/UC5EIv5vEw7BOqgVOSgV0cTw?sub_confirmation=1

No comments:

Post a Comment

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...