Showing posts with label රනිල. Show all posts
Showing posts with label රනිල. Show all posts

Sunday, January 3, 2021

සන්හෙම් /සන්හෙම්ප් Sunn hemp (Crotalaria juncea)

 




සන්හෙම් නිවර්ථන කලාපීය රනිල බෝගයක් වන අතර ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් අඩංගු කොල පොහොරක් ලෙස ලබාගැනීමට වගා කරනු ලබයි

Sunn hemp සත්ව ආහාරයක් ලෙසද භාවිතා කල හැකි අතර ගවයින්(Cattle)

එළුවන්(Goat),බැටළුවන්(sheep)සදහා භාවිතා කල හැකිය

අස්වැන්න වසරකට 18-20 t/ha
වියලි ද්‍රව්‍ය ප්‍රමාණය 28 %
ශක්තිය 18 Mj/kg/ DM
ප්‍රෝටීන 25.5 % DM


Dry matter
28%
Crude protein
25.5%
Gross energy
18 Mj/kg/ DM






Tuesday, December 11, 2018

සෙන්ට්‍රො Centro (Centrosema molle)

සෙන්ට්‍රො Centro (Centrosema molle)


සාමාන්‍ය භාවිතයේදී සෙන්ට්‍රො /සෙන්ට්‍රොසීමා ලෙස හඳුන්වන මෙම රනිල වර්ගය සත්ව පාලනයේදී රෝමාන්තික සතුන්ගේ (ගවයින්,එළුවන්,බැටළුවන ) ආහාර සලාකයේ ප්‍රෝටීන අවශ්‍යතාව සැපිරීම සඳහා බහුලවම භාවිතා වේ.
සෙන්ට්‍රොසීමා වැලක් ලෙස වර්ධනය වන අතර බොහෝ විට තෘණ වගාවන් වලදී මිශ්‍ර වගාවක් ලෙස සිදු කරනු ලබයි.විශේශයෙන් නේපියර් තෘණ වගාවන් වලදී තෘණ ශාකය ආදාරකය ලෙස භාවිතා කරමින් සෙන්ට්‍රොසීමා වගාකල හැක.
අස්වැන්න 5- 14 t/ha
වියලි ද්‍රව්‍ය ප්‍රමාණය 25.8 %
ශක්තිය 19 Mj/kg/ DM
ප්‍රෝටීන 18.9 % DM
Dry matter
25.8%
Crude protein
18.9%
Gross energy
19.0 Mj/kg/ DM

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath


Thursday, July 26, 2018

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium )

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium )


සාමාන්‍ය නාමය

ග්ලිරිසීඩියා ,ගිනිසීරියා,ලාඩප්ප,නංචි

භාවිතය

රෝමාන්තික සතුන් (ගවයින් ,එළුවන් බැටළුවන) පෝෂණය කිරීමේදී  ප්‍රෝටීන අවශ්‍යතාවය සැපිරීම සඳහා ලංකාව තුල පහසුවෙන් ලාභදායිව සපයා ගත හැකි රනිලශාකයකි .
මීටර දෙකක් දෙකක් පහළොවත් අතර උසට වැඩෙන වියළි කාලයට හොඳින් ඔරොත්තු දෙන ශාකයකි.
ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති නිසා පහසුවෙන් සපයා ගත හැකිවෙයි.

ග්ලිරිසීඩියා සතුන්ට ලබාදෙන ක්‍රම

නොමේරු අතු කපා සතුන්ට ලබාදීම
උලා කෑමට සැලැස්වීම
පත්‍ර වියලා (හේ)ලබාදීම
තෘණ මඟින් සයිලේජ් සකස්කිරීමේදී
 ප්‍රෝටීන පරිපූරකයක් ලෙස භාවිතා කිරීම


ග්ලිරිසීඩියා රෝමාන්තික සතුන්ට ලබාදීමේදී එය ආහාර සලාකයේ 25%නොයික්මවිය යුතුය.

වගාව සඳහා දේශගුණික අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට 1600m දක්වා වගා කල හැක.
උශ්නත්වය  20-29 සෙල්සියස්  වඩා යෝග්‍ය වේ
වාර්ශික වර්ශාපතනය මිලිමීටර් 900-1500
ග්ලිරිසීඩියා ශාකය දුර්වල පාංශු තත්ව යටතේද හොඳින් වර්ධනය වේ.
අස්වැන්න
වගාව ආරම්භ කර මාස මාස 7 කින් අස්වැන්න  ලබා ගත හැක
අස්වැන්න හෙක්ටයාරයකට වියලි ද්‍රව්‍ය  මෙට්‍රික් ටොන් 9-16 අතර ප්‍රමාණයක් ලබා ගත හැක .
මාස දෙක තුනකට වරක් අස්වැන්න ලබාගත හැක.

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

බිත්තරයක් හැදෙන්නෙ කොහොමද කියල ඔබ දන්නවාද?

  කුකුලන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ක්ෂීරපායීන්ගේ ප්‍රජනන  ක්‍රියාවලියට වඩා බොහෝ සෙයින් වෙනස් වේ • කිකිළියගේ ඇත්තේ එක් ඩිම්බ කෝෂයක් වන අතර කළල ව...