Thursday, July 26, 2018

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium )

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium )


සාමාන්‍ය නාමය

ග්ලිරිසීඩියා ,ගිනිසීරියා,ලාඩප්ප,නංචි

භාවිතය

රෝමාන්තික සතුන් (ගවයින් ,එළුවන් බැටළුවන) පෝෂණය කිරීමේදී  ප්‍රෝටීන අවශ්‍යතාවය සැපිරීම සඳහා ලංකාව තුල පහසුවෙන් ලාභදායිව සපයා ගත හැකි රනිලශාකයකි .
මීටර දෙකක් දෙකක් පහළොවත් අතර උසට වැඩෙන වියළි කාලයට හොඳින් ඔරොත්තු දෙන ශාකයකි.
ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති නිසා පහසුවෙන් සපයා ගත හැකිවෙයි.

ග්ලිරිසීඩියා සතුන්ට ලබාදෙන ක්‍රම

• නොමේරු අතු කපා සතුන්ට ලබාදීම
• උලා කෑමට සැලැස්වීම
• පත්‍ර වියලා (හේ)ලබාදීම
• තෘණ මඟින් සයිලේජ් සකස්කිරීමේදී
 ප්‍රෝටීන පරිපූරකයක් ලෙස භාවිතා කිරීම


ග්ලිරිසීඩියා රෝමාන්තික සතුන්ට ලබාදීමේදී එය ආහාර සලාකයේ 25%නොයික්මවිය යුතුය.

වගාව සඳහා දේශගුණික අවශ්‍යතා

• මුහුදු මට්ටමේ සිට 1600m දක්වා වගා කල හැක.
• උශ්නත්වය  20-29 සෙල්සියස්  වඩා යෝග්‍ය වේ
• වාර්ශික වර්ශාපතනය මිලිමීටර් 900-1500
ග්ලිරිසීඩියා ශාකය දුර්වල පාංශු තත්ව යටතේද හොඳින් වර්ධනය වේ.
අස්වැන්න
• වගාව ආරම්භ කර මාස මාස 7 කින් අස්වැන්න  ලබා ගත හැක
• අස්වැන්න හෙක්ටයාරයකට වියලි ද්‍රව්‍ය  මෙට්‍රික් ටොන් 9-16 අතර ප්‍රමාණයක් ලබා ගත හැක .
• මාස දෙක තුනකට වරක් අස්වැන්න ලබාගත හැක.

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

No comments:

Post a Comment

කිකිලියන්ට දමන ආලෝකයේ වර්ණය අනුව බිත්තර නිෂ්පාදනය සහ උන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද?

 💡 කිකිලියන්ට දමන ආලෝකයේ වර්ණය අනුව බිත්තර නිෂ්පාදනය සහ උන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද? ​කුකුළු පාලනයේදී (Poultry farming) බොහෝ දෙනෙකුට ...