කුකුලන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ක්ෂීරපායීන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට වඩා බොහෝ සෙයින් වෙනස් වේ
• කිකිළියගේ ඇත්තේ එක් ඩිම්බ කෝෂයක් වන අතර කළල වර්ධනය වන්නේ මව් සතාගේ ශරීරයෙන් පිටතදීය
• මද චක්‍රයක් දක්නට නොලැබෙන අතර ඩිම්බ කෝෂයේ වරකට එක් ස්‍යුනිකාවක් පමණක් ඇතිවේ.
• කිකිළියකගේ සෑම පැය 26කට වරක් ඩිම්බයක් මෝචනය වේ.
• එනම් දල වශයෙන් සෑම දිනකම බිත්තරයක් දමයි.
• එහෙත් කිකිලිය බිත්තර රකින කාලයේදී ඩිම්බ මෝචනය සිදු නොවන නිසා එම කාලයේදී ප්‍රජනන ක්‍රියාවලිය නවතී.එනම් බිත්තර දැමීම නවතී
• බිත්තර රැකීම වානිජ වශයෙන් අවාසිදායක බැවින් නව වානිජ කුකුල් වර්ග සැදීමේදී එම ලක්ශණය ඉවත් කර ඇත.
• කිකිලියක් මාසයක කාලයක් තුල අඛණ්ඩව බිත්තර 25ක් පමණ දමන අතර දින 4-5ක කාලයක් බිත්තර දැමීම නතර කර ඉන්පසු නැවත බිත්තර දැමීම ආරම්භ කරනු ලබයි
• කළල වර්ධනය වන්නේ මව් සතාගේ ශරීරයෙන් පිටතදී බැවින් කලල වර්ධනය සදහා අවශ්‍ය පෝෂණය සැපයීමට ඇල්බියුමීන් හා කහ මදය ලෙස ආහාර රැස්කර තිබේ.
• කිකිලියන්ගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය එක් ක්‍රියාකාරී ඩිම්බ කෝෂයකින් හා ඩිම්බ නාලිකා වලින් යුක්තය
• ඩිම්බ කෝෂය උදර කුහරයේ පෘෂ්ඨීය පැත්තේ වම්පස පිහිටා ඇත
• එහි ප්‍රමාණය ක්‍රියාකාරී අවස්ථාව අනුව වෙනස් වේ
• බිත්තර දැමීම ආරම්භවන කාලයේදී ඩිම්බ කෝෂය තුල ප්‍රාථමික ස්‍යුනිකා දක්නට ලැබෙන අතර වර්ධනය වන විට පරිනත ස්‍යුනිකාද දැකිය හැකිය.
• පරිණත ග්‍රාපීය ස්‍යුනිකාවක් තුල ඩිම්බ සෛලයක් දක්නට ලැබෙන අතර එය කහමදය මගින් ආවරණය වී පවතී.
• ඩිම්බය පරිණත වීමෙන් පසුව බීජාන්න මඩිය පිපිරී කහ මදය සහිත ඩිම්බය ඩිම්බ නාලයේ පලමු කොටස වන නිවාපය තුලට ඇතුල් වේ.
• ඩිම්බ සෛලයක් වර්ධනය හා පරිණත වීම සදහා දින 5-10 අතර කාලයක් ගතවේ
• පරිණත ඩිම්බය නිවාපය තුලින් ඇතුල්වූ පසු ශුක්‍රාණු පවතී නම් සංසේචනය සිදුවේ.
• ඉන් පසු බීජාන්නය වටා බීජාන්න පටලය වර්ධනය වේ
• බීජාන්නය සහිත ඩිම්බය ඩිම්බ ප්‍රනාලය තුල හෙලික්සාකාර පහලට ගමන් කිරීමේදී පුනීලය කොටස තුලදී බීජාන්නය වටා ඇල්බියුමින් තැන්පත් වේ.
• බීජාන්නයේ හේලික්සාකාර ගමන නිසා මෙම තැන්පත් වන් ඇල්බියුමීන් බිජාන්නයේ ධ්‍රැව දෙක අසලදී ඇඹරුනු ඝණ තර්කුවක් සාදයි මෙය රජ්ජුව ලෙස හැදින්වේ
• ඩිම්බ ප්‍රනාලයේ ඊලග කොටස වන මැග්නමයේදී ඇල්බියුන් වලින් 50%ක් පමණ ස්‍රාවය වන අතර මුලින් ඇල්බියුමින් තුනී ස්ථරයක් ලෙසත් පසුව ඝන ස්ථරයක් ලෙසත් ඇල්බියුමින් ස්‍රාවය වේ.
• ඉතිරි ඇල්බියුමින් ප්‍රමාණය ඉස්මතය හා ගර්භාෂය තුලදී ස්‍රාවය වේ.
• ඩිම්බ ප්‍රනාලයේ ඊලග කොටස වන මැග්නමයේදී ඇල්බියුන් වලින් 50%ක් පමණ ස්‍රාවය වන අතර මුලින් ඇල්බියුමින් තුනී ස්ථරයක් ලෙසත් පසුව ඝන ස්ථරයක් ලෙසත් ඇල්බියුමින් ස්‍රාවය වේ.
• ඉතිරි ඇල්බියුමින් ප්‍රමාණය ඉස්මතය හා ගර්භාෂය තුලදී ස්‍රාවය වේ.
• ඉස්මතයේදී ඇල්බියුමින් පටල දෙකක් සැදෙන අතර එම පටල බිත්තරයේ මොට කෙලවරේදී වෙන්වී වායු කුටීරය සෑදේ.
• මෙම පටල ඇල්බියුමින් වලට පාරගම්‍ය බැවින් ගර්භාශය තුලදී බිත්තර කටුව ස්‍රාවය වනතෙක් ඇල්බියුමින් තැන්පත්වීම සිදුවේ.
• ගර්භාශය තුලදී කැල්සියම් හා මැග්නීසියම් කාබනේට් අඩංගු ස්‍රාවයක් නිපදවන අතර මෙයින් බිත්තරයේ කටුව ඇතිවේ.
• යෝනි මාර්ගය තුලදී බිත්තර කටුවට වර්ණක එකතුවන අතර ඉන් පසුව තුනී මියුසීන් ආවරණයක් බිත්තර කටුව වටා තැන්පත් වේ.
• මියුසීන් මගින් බිත්තරයට සිනිදු මතුපිටක් ලබාදෙයි


No comments:
Post a Comment