Monday, February 16, 2026

බිත්තරයක් හැදෙන්නෙ කොහොමද කියල ඔබ දන්නවාද?

 



කුකුලන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ක්ෂීරපායීන්ගේ ප්‍රජනන  ක්‍රියාවලියට වඩා බොහෝ සෙයින් වෙනස් වේ



• කිකිළියගේ ඇත්තේ එක් ඩිම්බ කෝෂයක් වන අතර කළල වර්ධනය වන්නේ මව් සතාගේ ශරීරයෙන් පිටතදීය

• මද චක්‍රයක් දක්නට නොලැබෙන අතර ඩිම්බ කෝෂයේ වරකට එක් ස්‍යුනිකාවක් පමණක් ඇතිවේ.

• කිකිළියකගේ සෑම පැය 26කට වරක් ඩිම්බයක් මෝචනය වේ.

• එනම් දල වශයෙන් සෑම දිනකම බිත්තරයක් දමයි.

• එහෙත් කිකිලිය බිත්තර රකින කාලයේදී ඩිම්බ මෝචනය සිදු නොවන නිසා එම කාලයේදී ප්‍රජනන ක්‍රියාවලිය නවතී.එනම් බිත්තර දැමීම නවතී

• බිත්තර රැකීම වානිජ වශයෙන් අවාසිදායක බැවින් නව වානිජ කුකුල් වර්ග සැදීමේදී එම ලක්ශණය ඉවත් කර ඇත.

• කිකිලියක් මාසයක කාලයක් තුල අඛණ්ඩව බිත්තර 25ක් පමණ දමන අතර දින 4-5ක කාලයක් බිත්තර දැමීම නතර කර ඉන්පසු නැවත බිත්තර දැමීම ආරම්භ කරනු ලබයි

• කළල වර්ධනය වන්නේ මව් සතාගේ ශරීරයෙන් පිටතදී බැවින් කලල වර්ධනය සදහා අවශ්‍ය පෝෂණය සැපයීමට ඇල්බියුමීන් හා කහ මදය ලෙස ආහාර රැස්කර තිබේ.

• කිකිලියන්ගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය එක් ක්‍රියාකාරී ඩිම්බ කෝෂයකින් හා ඩිම්බ නාලිකා වලින් යුක්තය

• ඩිම්බ කෝෂය උදර කුහරයේ පෘෂ්ඨීය පැත්තේ වම්පස පිහිටා ඇත

• එහි ප්‍රමාණය ක්‍රියාකාරී අවස්ථාව අනුව වෙනස් වේ

• බිත්තර දැමීම ආරම්භවන කාලයේදී ඩිම්බ කෝෂය තුල ප්‍රාථමික ස්‍යුනිකා දක්නට ලැබෙන අතර වර්ධනය වන විට පරිනත ස්‍යුනිකාද දැකිය හැකිය. 

• පරිණත ග්‍රාපීය ස්‍යුනිකාවක් තුල ඩිම්බ සෛලයක් දක්නට ලැබෙන අතර එය කහමදය මගින් ආවරණය වී පවතී.

• ඩිම්බය පරිණත වීමෙන් පසුව බීජාන්න මඩිය පිපිරී කහ මදය සහිත ඩිම්බය ඩිම්බ නාලයේ පලමු කොටස වන නිවාපය තුලට ඇතුල් වේ.

• ඩිම්බ සෛලයක් වර්ධනය හා පරිණත වීම සදහා දින 5-10 අතර කාලයක් ගතවේ

• පරිණත ඩිම්බය නිවාපය තුලින් ඇතුල්වූ පසු ශුක්‍රාණු පවතී නම් සංසේචනය සිදුවේ.

• ඉන් පසු බීජාන්නය වටා බීජාන්න පටලය වර්ධනය වේ

• බීජාන්නය සහිත ඩිම්බය  ඩිම්බ ප්‍රනාලය තුල හෙලික්සාකාර පහලට ගමන් කිරීමේදී පුනීලය කොටස තුලදී බීජාන්නය වටා ඇල්බියුමින් තැන්පත් වේ.

• බීජාන්නයේ හේලික්සාකාර ගමන නිසා මෙම තැන්පත් වන් ඇල්බියුමීන් බිජාන්නයේ ධ්‍රැව දෙක අසලදී ඇඹරුනු ඝණ තර්කුවක් සාදයි මෙය රජ්ජුව ලෙස හැදින්වේ

• ඩිම්බ ප්‍රනාලයේ ඊලග කොටස වන මැග්නමයේදී ඇල්බියුන් වලින් 50%ක් පමණ ස්‍රාවය වන අතර මුලින් ඇල්බියුමින් තුනී ස්ථරයක් ලෙසත් පසුව ඝන ස්ථරයක් ලෙසත් ඇල්බියුමින් ස්‍රාවය වේ.

• ඉතිරි ඇල්බියුමින් ප්‍රමාණය ඉස්මතය හා ගර්භාෂය තුලදී ස්‍රාවය වේ.

• ඩිම්බ ප්‍රනාලයේ ඊලග කොටස වන මැග්නමයේදී ඇල්බියුන් වලින් 50%ක් පමණ ස්‍රාවය වන අතර මුලින් ඇල්බියුමින් තුනී ස්ථරයක් ලෙසත් පසුව ඝන ස්ථරයක් ලෙසත් ඇල්බියුමින් ස්‍රාවය වේ.

• ඉතිරි ඇල්බියුමින් ප්‍රමාණය ඉස්මතය හා ගර්භාෂය තුලදී ස්‍රාවය වේ.

• ඉස්මතයේදී ඇල්බියුමින් පටල දෙකක් සැදෙන අතර එම පටල බිත්තරයේ මොට කෙලවරේදී වෙන්වී වායු කුටීරය සෑදේ.

• මෙම පටල ඇල්බියුමින් වලට පාරගම්‍ය බැවින් ගර්භාශය තුලදී බිත්තර කටුව ස්‍රාවය වනතෙක් ඇල්බියුමින් තැන්පත්වීම සිදුවේ.

• ගර්භාශය තුලදී කැල්සියම් හා මැග්නීසියම් කාබනේට් අඩංගු ස්‍රාවයක් නිපදවන අතර මෙයින් බිත්තරයේ කටුව ඇතිවේ.

• යෝනි මාර්ගය තුලදී බිත්තර කටුවට වර්ණක එකතුවන අතර ඉන් පසුව තුනී මියුසීන් ආවරණයක් බිත්තර කටුව වටා තැන්පත් වේ.

• මියුසීන් මගින් බිත්තරයට සිනිදු මතුපිටක් ලබාදෙයි

Sunday, September 14, 2025

රැනිකට් / නිව්කාසල් රෝගය Newcastle Disease


 

       ඉතාමත් ඉහල මරණ ප්‍රතිශතයක් සහිත වේගයෙන් බෝවන වෛරස් රෝගයකි.

       කුඩා පැටවුන්ට හා එන්නත් නොකල සතුන්ට රෝගය වැලදුනහොත් මරණ ප්‍රතිශතය 90%-100% දක්වා විය හැක.

රෝග ලක්ෂණ

       කොල පැහැති පාචනය

       උදාසීනත්වය

       වෙව්ලීම

       ගෙල ඇඹරීම

       ආහාර රුචිය නොමැතිකම

       ශ්වසන අපහසුතා (සමහර විට කුරුල්ලන් විසිල් හඬක් නිකුත් කරයි)

       මුඛයෙන් පැහැදිලි ශ්ලේෂ්මල ස්‍රාවයක් පිටවීම

       සතුන් වැටීම

       හදිසි මරණය (සමහර විට එකම සොයා ගැනීම)

       100% දක්වා රෝගාබාධ සහ මරණ අනුපාතය

       බිත්තර නිෂ්පාදනය අඩාල විය හැකිය හෝ සම්පූර්ණයෙන්ම නතර විය හැකිය.

        බිත්තරවල වර්ණය, හැඩය හෝ මතුපිට අසාමාන්‍ය විය හැකි අතර ජලය සහිත ඇල්බියුමින් තිබිය හැකිය





රෝගය පැතිරීම

       ආසාදිත පක්ෂීන් පිට කරන වාතය, ශ්වසන ස්‍රාවයන් සහ මළපහ මගින් වෛරසය පිට කරයි

       සුලග

       ආසාදිත සතුන්

       ගොවිපල සේවකයින් හා යන්ත්‍ර සූත්‍ර හා වාහන මගින් වෛරසය පැතිරීම සිදුවේ

ප්‍රතිකාර හා වලක්වා ගැනීම

       රෝගය වැලදීමට පෙර සතුන් එන්නත් කිරීම

       වෛරස රෝගයක් බැවින් රෝගය වැලදුනු පසු ප්‍රතිකාර නොමැත

       ගොවිපලේ ජෛව සුරක්ෂිතතාවය පවත්වාගැනීම මගින් අවදානම අඩුකරගත හැක

 





බිත්තරයක් හැදෙන්නෙ කොහොමද කියල ඔබ දන්නවාද?

  කුකුලන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ක්ෂීරපායීන්ගේ ප්‍රජනන  ක්‍රියාවලියට වඩා බොහෝ සෙයින් වෙනස් වේ • කිකිළියගේ ඇත්තේ එක් ඩිම්බ කෝෂයක් වන අතර කළල ව...