Wednesday, July 8, 2026

කිකිලියන්ට දමන ආලෝකයේ වර්ණය අනුව බිත්තර නිෂ්පාදනය සහ උන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද?

 💡 කිකිලියන්ට දමන ආලෝකයේ වර්ණය අනුව බිත්තර නිෂ්පාදනය සහ උන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද?



​කුකුළු පාලනයේදී (Poultry farming) බොහෝ දෙනෙකුට මඟහැරෙන, හැබැයි ඉතාම තීරණාත්මක සාධකයක් තමයි ගොවිපළ ඇතුළත භාවිත කරන ආලෝකයේ වර්ණය (Light Spectrum). 

කිකිලියන්ගේ ඇස් මිනිස් ඇස්වලට වඩා ආලෝකයට සහ විවිධ වර්ණ තරංගවලට ඉතා සංවේදියි..

​නිවැරදි වර්ණය තේරීමෙන් බිත්තර නිෂ්පාදනය වැඩිකර ගැනීමට වගේම සතුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පාලනය කරගන්න පුළුවන්. 


විවිධ ආලෝක වර්ණ කිකිලියන්ට බලපාන ආකාරය 


​🔴 රතු ආලෝකය (Red Light) – බිත්තර නිෂ්පාදනයට සහ ප්‍රචණ්ඩත්වය පාලනයට


​බිත්තර දමන කිකිලියන් (Layers) වෙනුවෙන් බහුලවම නිර්දේශ කරන්නේ රතු ආලෝකයයි.

✅​ඉහළ බිත්තර නිෂ්පාදනයක්: රතු ආලෝකය මඟින් කිකිලියන්ගේ බිත්තර නිෂ්පාදන හෝමෝන සහ ලිංගික පරිණතභාවය (Sexual maturity) උපරිමයෙන් උත්තේජනය කරනවා.

✅​කොටා ගැනීම් (Cannibalism) වැළැක්වීම: රතු ආලෝකය යටතේ සතුන්ට වෙනත් සතෙකුගේ සිරුරේ ඇති වන තුවාල හෝ ලේ පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ලේ දැකීමෙන් කුකුළන් කලබල වී එකිනෙකා කොටා ගැනීම් සිදු කරන නිසා, රතු ආලෝකය මඟින් එම ප්‍රචණ්ඩත්වය සම්පූර්ණ


යෙන්ම වළක්වා ගත හැකියි.


​🔵 නිල් ආලෝකය (Blue Light) – ආතතිය නිවාලීමට

​නිල් ආලෝකය කිකිලියන් කෙරෙහි ඉතා සන්සුන්කාරී (Calming effect) බලපෑමක් ඇති කරනවා.

✅​ආතතිය සහ නොසන්සුන් බව අවම කිරීම: සතුන්ගේ ක්‍රියාශීලී බව අඩු කර ඔවුන්ව ඉතා සන්සුන් මට්ටමක තබනවා.

✅​විශේෂ ප්‍රයෝජනය: සතුන්ට එන්නත් විදීමේදී, බර කිරා බැලීමේදී හෝ කූඩුවලින් පිටතට ගැනීමට (Catching) අවශ්‍ය අවස්ථාවලදී ගොවිපළ තුළ නිල් ආලෝකය දැමීම සිදු කරනවා. එවිට සතුන් බිය වී කලබල කරන්නේ නැහැ.


​🟢 කොළ ආලෝකය (Green Light) – මුල් අවධියේ වර්ධනයට

​කොළ ආලෝකය වැඩිපුරම බලපාන්නේ සතුන්ගේ ශාරීරික වර්ධනයටයි.

​වේගවත් වර්ධනය: කුඩා පැටවුන් (Chicks) සහ වර්ධනය වන අවධියේ පසුවන සතුන්ගේ (Growers) මාංශ පේශි වර්ධනය සහ ඇටකටු ශක්තිමත් කිරීමට කොළ ආලෝකය උදව් වෙනවා.


​⚪ සුදු / කහ ආලෝකය (White / Yellow Light) – සාමාන්‍ය නඩත්තුවට

​ස්වභාවික සූර්යාලෝකය මෙන් ක්‍රියා කරන නිසා සතුන්ගේ සාමාන්‍ය වර්ධනය හොඳින් පවත්වා ගන්නවා.

​විශේෂ අවධානයට: සුදු ආලෝකයේ දීප්තිය (Intensity) වැඩි වුවහොත් සතුන් නොසන්සුන් වන අතර, ප්‍රචණ්ඩත්වය සහ එකිනෙකා කොටා ගැනීම් වැඩි විය හැකියි. එබැවින් සුදු ආලෝකය භාවිත කරන්නේ නම් එහි දීප්තිය පාලනය කිරීම (Dimming) අනිවාර්ය වේ.


​💡 සාර්ථක ගොවිපළ කළමනාකරණයට රන් රීතියක්:

කුඩා පැටවුන් සිටින කාලයේදී කොළ ආලෝකයත්, සතුන් ලොකු වී බිත්තර දමන කාලයේදී රතු ආලෝකයත් ක්‍රමවත්ව භාවිත කිරීමෙන් ඉහළම නිෂ්පාදනයක් වගේම සාමකාමී ගොවිපළ වටපිටාවක් නිර්මාණය කරගත හැකියි.


💥ඔබ මෙම කරුණු ගැන කලින් දැන සිටියාද?

💥 ඔබේ ගොවිපළෙත් සතුන්ට ආලෝකය ලබාදෙන මෙවැනි විශේෂ වැඩසටහනක් (Lighting Program) ක්‍රියාත්මක වෙනවාද?

💥 ​ඔබේ ගොවිපළේ  අත්දැකීම් සහ ගැටලු පහතින් Comment කරන්න! 👇


#කුකුල්පාලනය #සත්වපාලනය #animalhusbandry #බිත්තරනිශ්පාදනය

​#PoultryFarming #LayerManagement #PoultryScience #EggProduction #AgriBusiness #ModernFarming #PoultryLightManagement

Monday, February 16, 2026

බිත්තරයක් හැදෙන්නෙ කොහොමද කියල ඔබ දන්නවාද?

 



කුකුලන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ක්ෂීරපායීන්ගේ ප්‍රජනන  ක්‍රියාවලියට වඩා බොහෝ සෙයින් වෙනස් වේ



• කිකිළියගේ ඇත්තේ එක් ඩිම්බ කෝෂයක් වන අතර කළල වර්ධනය වන්නේ මව් සතාගේ ශරීරයෙන් පිටතදීය

• මද චක්‍රයක් දක්නට නොලැබෙන අතර ඩිම්බ කෝෂයේ වරකට එක් ස්‍යුනිකාවක් පමණක් ඇතිවේ.

• කිකිළියකගේ සෑම පැය 26කට වරක් ඩිම්බයක් මෝචනය වේ.

• එනම් දල වශයෙන් සෑම දිනකම බිත්තරයක් දමයි.

• එහෙත් කිකිලිය බිත්තර රකින කාලයේදී ඩිම්බ මෝචනය සිදු නොවන නිසා එම කාලයේදී ප්‍රජනන ක්‍රියාවලිය නවතී.එනම් බිත්තර දැමීම නවතී

• බිත්තර රැකීම වානිජ වශයෙන් අවාසිදායක බැවින් නව වානිජ කුකුල් වර්ග සැදීමේදී එම ලක්ශණය ඉවත් කර ඇත.

• කිකිලියක් මාසයක කාලයක් තුල අඛණ්ඩව බිත්තර 25ක් පමණ දමන අතර දින 4-5ක කාලයක් බිත්තර දැමීම නතර කර ඉන්පසු නැවත බිත්තර දැමීම ආරම්භ කරනු ලබයි

• කළල වර්ධනය වන්නේ මව් සතාගේ ශරීරයෙන් පිටතදී බැවින් කලල වර්ධනය සදහා අවශ්‍ය පෝෂණය සැපයීමට ඇල්බියුමීන් හා කහ මදය ලෙස ආහාර රැස්කර තිබේ.

• කිකිලියන්ගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය එක් ක්‍රියාකාරී ඩිම්බ කෝෂයකින් හා ඩිම්බ නාලිකා වලින් යුක්තය

• ඩිම්බ කෝෂය උදර කුහරයේ පෘෂ්ඨීය පැත්තේ වම්පස පිහිටා ඇත

• එහි ප්‍රමාණය ක්‍රියාකාරී අවස්ථාව අනුව වෙනස් වේ

• බිත්තර දැමීම ආරම්භවන කාලයේදී ඩිම්බ කෝෂය තුල ප්‍රාථමික ස්‍යුනිකා දක්නට ලැබෙන අතර වර්ධනය වන විට පරිනත ස්‍යුනිකාද දැකිය හැකිය. 

• පරිණත ග්‍රාපීය ස්‍යුනිකාවක් තුල ඩිම්බ සෛලයක් දක්නට ලැබෙන අතර එය කහමදය මගින් ආවරණය වී පවතී.

• ඩිම්බය පරිණත වීමෙන් පසුව බීජාන්න මඩිය පිපිරී කහ මදය සහිත ඩිම්බය ඩිම්බ නාලයේ පලමු කොටස වන නිවාපය තුලට ඇතුල් වේ.

• ඩිම්බ සෛලයක් වර්ධනය හා පරිණත වීම සදහා දින 5-10 අතර කාලයක් ගතවේ

• පරිණත ඩිම්බය නිවාපය තුලින් ඇතුල්වූ පසු ශුක්‍රාණු පවතී නම් සංසේචනය සිදුවේ.

• ඉන් පසු බීජාන්නය වටා බීජාන්න පටලය වර්ධනය වේ

• බීජාන්නය සහිත ඩිම්බය  ඩිම්බ ප්‍රනාලය තුල හෙලික්සාකාර පහලට ගමන් කිරීමේදී පුනීලය කොටස තුලදී බීජාන්නය වටා ඇල්බියුමින් තැන්පත් වේ.

• බීජාන්නයේ හේලික්සාකාර ගමන නිසා මෙම තැන්පත් වන් ඇල්බියුමීන් බිජාන්නයේ ධ්‍රැව දෙක අසලදී ඇඹරුනු ඝණ තර්කුවක් සාදයි මෙය රජ්ජුව ලෙස හැදින්වේ

• ඩිම්බ ප්‍රනාලයේ ඊලග කොටස වන මැග්නමයේදී ඇල්බියුන් වලින් 50%ක් පමණ ස්‍රාවය වන අතර මුලින් ඇල්බියුමින් තුනී ස්ථරයක් ලෙසත් පසුව ඝන ස්ථරයක් ලෙසත් ඇල්බියුමින් ස්‍රාවය වේ.

• ඉතිරි ඇල්බියුමින් ප්‍රමාණය ඉස්මතය හා ගර්භාෂය තුලදී ස්‍රාවය වේ.

• ඩිම්බ ප්‍රනාලයේ ඊලග කොටස වන මැග්නමයේදී ඇල්බියුන් වලින් 50%ක් පමණ ස්‍රාවය වන අතර මුලින් ඇල්බියුමින් තුනී ස්ථරයක් ලෙසත් පසුව ඝන ස්ථරයක් ලෙසත් ඇල්බියුමින් ස්‍රාවය වේ.

• ඉතිරි ඇල්බියුමින් ප්‍රමාණය ඉස්මතය හා ගර්භාෂය තුලදී ස්‍රාවය වේ.

• ඉස්මතයේදී ඇල්බියුමින් පටල දෙකක් සැදෙන අතර එම පටල බිත්තරයේ මොට කෙලවරේදී වෙන්වී වායු කුටීරය සෑදේ.

• මෙම පටල ඇල්බියුමින් වලට පාරගම්‍ය බැවින් ගර්භාශය තුලදී බිත්තර කටුව ස්‍රාවය වනතෙක් ඇල්බියුමින් තැන්පත්වීම සිදුවේ.

• ගර්භාශය තුලදී කැල්සියම් හා මැග්නීසියම් කාබනේට් අඩංගු ස්‍රාවයක් නිපදවන අතර මෙයින් බිත්තරයේ කටුව ඇතිවේ.

• යෝනි මාර්ගය තුලදී බිත්තර කටුවට වර්ණක එකතුවන අතර ඉන් පසුව තුනී මියුසීන් ආවරණයක් බිත්තර කටුව වටා තැන්පත් වේ.

• මියුසීන් මගින් බිත්තරයට සිනිදු මතුපිටක් ලබාදෙයි

කිකිලියන්ට දමන ආලෝකයේ වර්ණය අනුව බිත්තර නිෂ්පාදනය සහ උන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද?

 💡 කිකිලියන්ට දමන ආලෝකයේ වර්ණය අනුව බිත්තර නිෂ්පාදනය සහ උන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද? ​කුකුළු පාලනයේදී (Poultry farming) බොහෝ දෙනෙකුට ...