ගව රක්තාශ්‍රව රෝගය HAEMORRHAGIC SEPTICAEMIA
සියලුම ගවයන්ට හා මී ගවයන්ට වැලඳන මාරාන්තික ඉහල මරණ ප්‍රතිශතයක් සහිත
රෝගයකි.
සියලූම වයස් කාණ්ඩවල සතුන්ට රෝගය වැලඳිය හැකි අතර
Pasteurella multocida බැක්ටීරියාවේ type B2 හා E2 මඟින් රෝගය ඇතිකරනු ලබයි.
දකුණු ආසියාව,ගිණිකොණ ආසියාව,මැදපෙරදිග ,අප්‍රිකාව,දකුණු යුරෝපීය රටවල
රෝගය පැතිරී පවතී.
රෝග ලක්ශන
• අධික උණ 104f පමණ
• හුස්ම ගැනීමේ අපහසුව
• නාසයෙන් සොටු දියර වැගිරීම
• හනුව,බෙල්ල යට හා තැල්ල ඉදිමීම
• රෝග ලක්ශන පෙන්වා පැය 6-48 තුල සතා මරණයට පත්වෙ.
• සමහර අවස්ථාවලදී රෝග ලක්ශණ නොපෙන්වා සතුන් මරණයට පත්වේ.
රෝගය පැතිරීම
• ආසාදිත සතුන්ගෙන් සෘජු සම්බන්ධතාවයෙන්.
• ආසාදිත තෘණ භූමි මඟින්.
රෝගය වලක්වා ගැනීම.
• රෝග ලක්ශන පෙන්වූ පසු ඉක්මනින් සතා මරණයට පත් වීම නිසා බොහෝ විට රෝගී සතුන්ට ප්‍රතිකාර කිරීමට පෙර සතුන් මිය යන බැවින් රෝගය ඇතිවීම වලක්වා ගැනීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් වේ.
• රෝගය වලක්වා ගැනීම සඳහා සතුන් වාර්ශිකව එන්නත් කිරීම් සිදුකල යුතු අතර දැනට සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් අවදානම් ප්‍රදේශවල වාර්ශිකව එන්නත් කටයුතු සිදිකරනු ලබයි
Subscribe to:
Post Comments (Atom)
කිකිලියන්ට දමන ආලෝකයේ වර්ණය අනුව බිත්තර නිෂ්පාදනය සහ උන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද?
💡 කිකිලියන්ට දමන ආලෝකයේ වර්ණය අනුව බිත්තර නිෂ්පාදනය සහ උන්ගේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද? කුකුළු පාලනයේදී (Poultry farming) බොහෝ දෙනෙකුට ...
-
කිරි ගව ආහාර හා එළදෙනුන් පෝෂණය කිරි ගවයින් සඳහා ආහාර ලබාදීමේදී එම ආහාර ප්‍රභවයෙන් ගේ සුලභතාවය, ගුණාත්මක භාවය හා දැරීමට සිදුවන වියදම (පි...
-
ඒන්ජල් මසුන් අභිජනනය angelfish breeding . පරිනත සතුන් හඳුනා ගැනීම ඒන්ජල් මසුන්ගේ ගැහැණු හා පිරිමි සතුන් වෙන් කර හඳුනා ගැනීම දුෂ...
-
2004 වර්ශයේදී කොලොම්බියාවේදී මුලාටෝ II නම් දෙමුහුම් බ්රැකේරියා තෘණ විශේෂය බිහිකර ඇත. Brachiaria ruziziensis හා B. decumbens හා B. bri...


No comments:
Post a Comment