සෑම ගොවිපලකම පාහේ උපදින වසු පැටවුන්ගෙන් යම්කිසි ප්‍රමානයක් මිය යයි.නමුත් ගොවිපලක පැටවු මරණ ප්‍රතිශතය 5% නොඉක්මවිය යුතුය.
වසු පැටවුන් මිය යාමට බලපාන ප්‍රධානම හේතුව පැටවුන්ට වැලඳෙන ලෙඩරෝගයි.
පෙකණිය හා හන්දි ඉදිමීමේ රෝගය (Naval and joint ill)
• අපිරිසිඳු පරිසරයක ප්‍රසූතිය සිදුවීම රෝගය ඇතිවීමට මූලික හේතුව වේ.
• අපිරිසිදු පරිසරයේ ප්‍රසූතිය සිදුවීම නිසා පෙකනියට විශබීජ ආසාදනය වීම නිසා පෙකණිය වටා ඉදිමී සැරව ඇති වේ.
• මෙසේ ඇතුල් වන විශබීජ සන්දි වලට ඇතුල් වීම නිසා සන්දි ඉදිමී සැරව පිරී පැටවා වේදනාකාරී මරණයකට පත්වේ.
රෝගය වලක්වා ගැනීම
• පැටවා ප්‍රසූත අවස්ථාවේදී නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම.
ගව පැටවුන් පාලනය ලිපිය බලන්න.)
ප්‍රතිකාර
• රෝගයේ මුල් අවස්ථාවේදී එනම් පෙකණිය පමණක් ආසාදනය වී ඇති විට ප්‍රතිජීවක මගින් රෝගය සුවකරගත් හැක.
පාචනය. (Diarrhea )
• වසු පැටවුන්ට බහුලවම වැලඳෙන රෝගයකි.
රෝගය වැලඳීමට හේතු.
• පැටවාට අවශ්‍ය ප්‍රමානයට වඩා කිරි සැපයීම.
• ශීතල හෝ පරණ කිරි ලබා දීම.
• අපිරිසිදු ආහාර ලබාදීම.
• අපිරිසිදු ජලය ලබාදීම
• පණු ආසාදන.
රෝග ලක්ශන
• දියර,ශ්ලේශ්මල හෝ ලේ මිශ්‍රව මලපහ පිටවීම.
• ආහාර අරුචිය.
• ශරීරය කෙට්ටු වීම.
• අධික පිපාසය.
• මලානිකව වැතිර සිටීම.
රෝගය වලක්වා ගැනීම.
• පැටවා ඉපදුනු විගස කොලස්ට්‍රම් ප්‍රාමානවත්ව ලබා දීම.
• වයසට අවශ්‍ය ප්‍රමානයට පමණක් කිරි ලබාදීම.
• පටවු ක්ප්ටුව පිරිසිඳු හා වියලිව තබා ගැනීම.
• කිරි දෙවූ විගස පටවාට ලබාදීම.
• ආහාර හා ජල බඳුන් නිතර පිරිසිඳු කිරීම.
• රෝගී සතුන් වෙන්කර ප්‍රතිකාර කිරීම.
• නිසි වයසේදී පණුබෙහෙත් ලබාදීම.
නිව්මෝනියාව (Pneumonia )
බැක්ටීරියා හෝ වයිරස් මඟින් පෙනහලු ආසාදනය වීම නිසා නිව්මෝනියාව හටගනී.
රෝග ලක්ෂන.
• දේහයේ උශ්නත්වය වැඩිවේ. (105-106 F)
• නාසයෙන් සොටු දියර වැගිරේ.
• කඳුළු ගැලීම.
• කැස්ස.
• හුස්ම ගැනීමේ අපහසුතා .
• ආහාර අරුචිය .
වලක්වා ගැනීම.
• පැටවා ඉපදුනු විගස කොලස්ට්‍රම් ප්‍රාමානවත්ව ලබා දීම.
• පැටවාට අවශ්‍ය ඉඩ ප්‍රමානය ලබාදීම .
• පැටවුනට තුලිත ආහාර සලාකයක් ලබා දීම.
• පැටවුන් වැස්සෙන් හා පින්නෙන් ආරක්ශා කර ගැනීම.
• පැටව් කූඩු නිතරම පිරිසිඳුව තබා ගැනීම.
• ගව ගාලට නිසි ආලෝකය හා වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම .
පරපෝෂිතය රෝග.
• කිනිතුල්ලන්
• උකුණන්
• මැක්කන්
• මයිටාවන්
• වට පණුවන්
• පටි පණුවන්
• අක්මා පැතැල්ලන්
කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath
Tharindu sampath
No comments:
Post a Comment