Thursday, July 26, 2018

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium )

ග්ලිරිසීඩියා - Gliricidia ( Gliricidia sepium )


සාමාන්‍ය නාමය

ග්ලිරිසීඩියා ,ගිනිසීරියා,ලාඩප්ප,නංචි

භාවිතය

රෝමාන්තික සතුන් (ගවයින් ,එළුවන් බැටළුවන) පෝෂණය කිරීමේදී  ප්‍රෝටීන අවශ්‍යතාවය සැපිරීම සඳහා ලංකාව තුල පහසුවෙන් ලාභදායිව සපයා ගත හැකි රනිලශාකයකි .
මීටර දෙකක් දෙකක් පහළොවත් අතර උසට වැඩෙන වියළි කාලයට හොඳින් ඔරොත්තු දෙන ශාකයකි.
ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති නිසා පහසුවෙන් සපයා ගත හැකිවෙයි.

ග්ලිරිසීඩියා සතුන්ට ලබාදෙන ක්‍රම

නොමේරු අතු කපා සතුන්ට ලබාදීම
උලා කෑමට සැලැස්වීම
පත්‍ර වියලා (හේ)ලබාදීම
තෘණ මඟින් සයිලේජ් සකස්කිරීමේදී
 ප්‍රෝටීන පරිපූරකයක් ලෙස භාවිතා කිරීම


ග්ලිරිසීඩියා රෝමාන්තික සතුන්ට ලබාදීමේදී එය ආහාර සලාකයේ 25%නොයික්මවිය යුතුය.

වගාව සඳහා දේශගුණික අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට 1600m දක්වා වගා කල හැක.
උශ්නත්වය  20-29 සෙල්සියස්  වඩා යෝග්‍ය වේ
වාර්ශික වර්ශාපතනය මිලිමීටර් 900-1500
ග්ලිරිසීඩියා ශාකය දුර්වල පාංශු තත්ව යටතේද හොඳින් වර්ධනය වේ.
අස්වැන්න
වගාව ආරම්භ කර මාස මාස 7 කින් අස්වැන්න  ලබා ගත හැක
අස්වැන්න හෙක්ටයාරයකට වියලි ද්‍රව්‍ය  මෙට්‍රික් ටොන් 9-16 අතර ප්‍රමාණයක් ලබා ගත හැක .
මාස දෙක තුනකට වරක් අස්වැන්න ලබාගත හැක.

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath

Monday, July 16, 2018

පිදුරු රළු ආහාරයක් වශයෙන් සතුනට ලබාදීම

පිදුරු රළු ආහාරයක් වශයෙන් සතුනට ලබාදීම.





පිදුරු ආහාරයක් වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්නා නමුත් නියමිත ප්‍රතිකාර නොකර පිදුරු පමණක් ආහාරයට දීම සුලභව දක්නට ලැබෙන්නකි.
මේ නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා එයින් ගත හැකි ප්‍රයෝජන අවම වී ඇත.
 වී අස්වනු නෙලන කාලයේදී සකස් කර ගබඩා කිරීම තුලින් ආහාර අඩු කාලයේදී භාවිතයට ගත හැක.
 නමුත් මෙම තත්වය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන්නේ අවම වශයෙනි.

බේල් කර සකස් කර ගතහොත් අඩු ඉඩකින් වැඩි ප්‍රමාණයක් ගබඩා කර ගත හැකි අතර පසුව කරනු ලබන යුරියා ප්‍රතිකාර සඳහා ඉතාමත් යෝග්‍ය වනු ඇත.
පිදුරු ගවයාට ආහාර වශයෙන් ලබා දෙන්නේ නම් යුරියා යොදා ආහාරයට වශයෙන් ලබා දීම වඩාත් යෝග්‍ය වේ.

පිදුරු සඳහා යුරියා ප්‍රථිකාර ක්‍රමය

i. පිදුරු පමණක් 
මෙම ක්‍රමය තුලදී පෝෂක සීමා සහිතය. කෂුද්‍ර ජීවින් ක්‍රියාකාරි නැත, ගවයාට ලැබෙන්නේ සීමා සහත වු ශකති ප්‍රමානයකි.


ii. කෂණික ක්‍රමය පිදුරු සමඟ යුරියා
මෙම ක්‍රමය තුලදී කෂුද්‍රජීවින් ක්‍රියාකාරි වීමෙන් ජීර්ණය පහසු වේ, වැඩිපුර ශක්තියක් ගවයාට ලැබේ.
මේ සඳහා යුරියා ග්‍රෑම් 180 ජලය ලීටර 10 දිය කර හොඳින් පිදුරු වල මිශ්‍ර කර එදිනම හෝ පසුදින ආහාරයට දිය හැක
කෂණික ක්‍රමය සඳහා භාග සැමන් ටින් එකක යුරියා පුරවා ජලය ලීටර 07 ක දියකර පිදුරු කි.ග්‍රැ. 10 කට භාවිතා කල හැක.

iii. පිදුරු වලින් සයිලේජ්


මෙම ක්‍රමය තුලදී කෂුද්‍ර ජිවීන් ක්‍රියාකාරි වේ. ජිරණය වේගවත්වේ. ආහාර ගැනීම සීග්‍ර වේ. නිෂ්පාදනය වැඩි වේ.
පිදුරු වල ගුණාත්මක තත්ත්වය ඉමහල නැංවිම යුරියා යෙදීම පහත රූප සටහනේ උපදෙස් පරිදි කිරිම යෝග්‍යය.


පිදුරු වලින් සයිලේජ්

පිදුරු කි. ග්‍රෑග 09 කට යුරියා ග්‍රෑම් 360 ක් ජලය ලීටර් 10 ක දිය කර හොඳින් පිදුරු සමඟ මිශ්‍ර කර කලු පොලිතිනයකින් වසා වාතය නොයන පරිදි සීල් කල යුතුය.
පිදුරු බේල් කර ඇත්නම් සයිලේජ් සැදීමේදී අවශ්‍ය යුරියා ප්‍රමානය ලේසියෙන් ගණනය කල හැක. කළමණාකරනයද පහසුය. ඉහත උදාහරනයේ ආකාරයට අවශ්‍ය ප්‍රමානයන්ගේ පිදුරු යුරියා හා ජලය යොදීම ප්‍රතිඵල දායකය.


සයිලේජ් සඳහා යුරියා පිරවු එම ටින් 02ක් පිදුරු කි.ග්‍රෑ. 9 කට සෑහේ. බිම් මට්ටමේ සිට අගල් 06 ක් උසට ඇති පිදුරු තට්ටුවට ඉහත මිශ්‍රණයෙන් භාගයක් පමණ යොදන්න. පිදුරු සමඟ හොඳින් මිශ්‍ර කිරිම වැදගත්ය. පසුව මිශ්‍රණයේ ඉතුරු කොටසද ඉහත ආකාරයෙන් යොදන්න. පසුව කලු පොලිතින් වලින් සුලං නොවදින අකාරයෙන් වසා තැබිය යුතුය. ස්ප්‍රේයර් එකක් භාවිතා කල හැකිනම් ජලය ප්‍රමාණය ලී. 03 දක්වා අඩු කල හැක. මෙය දින 05 කට පසුව සතුනට භාවිතා කල හැක. 














Wednesday, July 11, 2018

කිරි ගව ආහාර හා එළදෙනුන් පෝෂණය

කිරි ගව ආහාර හා එළදෙනුන් පෝෂණය

කිරි ගවයින් සඳහා ආහාර ලබාදීමේදී එම ආහාර ප්‍රභවයෙන් ගේ සුලභතාවය, ගුණාත්මක භාවය හා දැරීමට සිදුවන වියදම (පිරිවැය) පිළිබඳව සැලකිය යුතු වේ. මෙලෙස සපයන ආහාර තුලින් සතුන්ගේ වර්ධනය හා පෝෂණයට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය, ප්‍රෝටීන, කැල්සියම්, පොස්පරස් හා කැරටොනොයිඩි (විටමින් A) පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. ප්‍රධාන ආහාර ප්‍රභවයන් ලෙස තෘණ, රනිල ශාක, පිදුරු සහ සාන්ද්‍ර ආහාර සැලකිය හැක. මීට අමතරව ඛනිජ ලවන හා විටමින් සුළු  ප්‍රමාණ  වශයෙන් ලබා දීම ඉතාමත් වැදගත් වේ.


නැවුම් තෘණ හා රනිල ශාක, ආහාරයක් ලෙස කෙලින්ම ලබා දිය හැක. පිදුරු ආහාරයක් ලෙස දෙන්නේ නම්, වියලි පිදුරු, යුරියා ප්‍රතිකාර කරන ලද පිදුරු හෝ සයිලේජ් වශයෙන් ලබා දිය හැක. සාන්ද්‍ර ආහාර සපයන්නේ නම් බඩ ඉරිගු, හාල් නිවුඩු, පොල් පුන්නක්කු ආදියෙන් සමන්විත සැකසු ආහාර ලබාදිය හැක.


සතුනට ලබාදෙන තෘණ, රනිල ශාක හා පිදුරු මත කිරි නිෂ්පාදනය තීරණය වේ. සාන්ද්‍ර ආහාර සපයන්නේ නම් අධික වියදමක් දැරිමට සිදු වේ. එබැවින් පහසුවෙන් ලබා ගත හැකි ආහාර ප්‍රභවයන් නොමැති විට පමණක් එම අඩුව සම්පුර්ණ කර ගැනීමට සාන්ද්‍ර ආහාර සැපයීම හොඳ පුරුද්දකි. ඛනිජ ලබන හා විටමින් අනිවාර්යයෙන් නිරතුරුවම සැපයිය යුතු අතර එය නිසි ලෙස නොලැබෙන විට සතුන්ගේ වර්ධනය, ප්‍රජනනය හා කිරි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කෙරෙහි එය සෘජුවම බලපායි.


පහත සඳහන් මනා කෘෂිකර්ම පිළිවෙත්, සත්ත්ව ආහාර ලෙස තෘණ, රනිල සහ පිදුරු භාවිතයේදී දේශිය කුඩා කිරි ගොවිපල තුල අනුගමනය කල හැක.

a). තෘණ හා රනිල ශාක (රළු ආහාරයක් ලෙස) වගා කිරීම

කුඩා කිරි ගොවිපල තුල තෘණ හා රනිල ශාක වගා කර ගැනීම සත්ත්ව ආහාර සැපයීමේ ඉතා ලාබදදායික ක්‍රමයකි. එහෙත් පාරිසරික පසාධක, මනා පාලන අවශ්‍යතාවයන් වැනි දෑ නිසා තෘණ වග කිරීම එතරම් පහසු නොවේ. නමුත් රනිල ශාක වඩාත් පහසුවෙන් වගා කල හැකි අතර පෝෂණ ගුණාංග වලින් ඉහල වේ. මේ නිසා තෘණ වලට වඩා රනිල ශාක වගා කිරීමේ හැකියාව ඇත.

b). කිරි ගවයින්ට ආහාර සලාකය ක්ෂණිකව වෙනස්  නොකල යුතුය.

රනිල ශාක හෝ වෙනත් ශාකමය රළු ආහාරයක් හෝ සාන්ද්‍ර ආහාර වැඩි ප්‍රමාණයක් ක්ෂණිකව සතුන්ට ලබාදීම කිසිසේත්ම නොකල යුතුය. මෙලෙස නුපුරුදු ලෙස රනිල ශාක වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ආමාශය තුල වායු නිෂ්පාදනය හා තැන්පත් වීමක් තුලින් සතුන් රෝගී තත්වයකට පත් විය හැකි.
යම් හෙයකින් සතුනට ලබාදෙන රනිල ශාක ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය නම් වරකට ග්‍රෑම් 500 බැගින් දින 02 කට වරක් වැඩි කල යුතු අතර අවශ්‍ය ප්‍රමාණය දක්වා එය ක්‍රමාණුකුලව වැඩි කල යුතු වේ. අඩු කල යුතු ආහාර වර්ගය ක්‍රමාණුකුලව අඩු කිරීම ද වැදගත් වේ.


c). තෘණ වල මේරු කොටස් අපතේ යාම අඩු කිරීම


තෘණ වල ඝනකමින් මේරු කොටස් කුඩා කැබලි වලට කපා ආහාරයට ලබාදිය හැක. එමගින් තෘණ ආහාර කොටස් අපතේ යාම වලකා ගත හැකි අතරම ගොවිපල පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයද අඩුකල හැක. කැබලි වලට කපා ලබා දීමෙන් ජීරණයද පහසු වේ.


d). ගොවිපල තුල වගා කර ඇති රනිල ශාක නිසි ලෙස කප්පාදු කිරීම.

ප්‍රධාන වශයෙන් කිරි ගවයින්ගේ ආහාරයට ලබා දෙන රනිල ශාක ලෙස වැටහිරියා හා ඉපිල් ඉපිල් බහුලව ගොවිපල තුල වගා කල හැක. මේ ශාක වල අනවශ්‍ය අතු රිකිලි හා උසට වැඩෙන අතු නිසි ලෙස කප්පාදු කර ඉවත්කර ගැනීම ඉතා වැදගත් වේ. ගොවි මහතාට ඉතා පහසුවෙන් ශාකයේ කොල අස්වැන්න ලබා ගැනීමට හැකි අයුරින් කප්පාදු කර ශාකය නිසි ලෙස පුහුණු කර ගත හැක. වර්ෂා කාලය ආරම්භයේදීම කප්පාදු කිරීම ඉතා යෝග්‍ය වන අතර එමගින් හොඳ කොල අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. කප්පාදු කර ඉවතලන අතු කැබලි නැවත සිටු විය හැකිය.


e). තෘණ සහ රනිල ශාක වල කොල අස්වැන්න මාරුවෙන් මාරුවට ලබා ගත හැකි ආකාරයට සකසා ගැනීම.

ගොවිපල තුල සීමිත තෘණ හා රනිල ශාක වගාවෙන් උපරීම ලෙස ප්‍රයෝජන ගැනීමට මෙම කමය වැදගත් වේ. තෘණ හා රනිල ශාක වල කොල අස්වැන්න නෙලාගත් පසු නැවත වර්ධනය වීමට කාලයක් ගත වේ. ඉතාම ආසන්න කාල පරතරයක් තුල නැවත නැවත අස්වැන්න නෙලා ගැනීමෙන් ශාකයේ වර්ධනය බාල වී අස්වැන්න අඩු වේ.
තෘණ ශාක අස්වැන්න නෙලීම ප්‍රමාද වීමෙන් ශාකයේ ගුණාත්මක බව අඩු වන අතර සතුන් එය ආහාරයට ගැනීමට ද ප්‍රිය නොකරයි. මේ නිසා මාරුවෙන් මාරුවට අස්වැන්න නෙලීමේ ක්‍රමයක් අනුගමනය කිරීමෙන් වර්ෂය පුරා අඛණ්ඩව හොඳ කොල අස්වැන්නක් ලබා ගැනීමටත් සතුනට කැමට ප්‍රිය ආකාරයට සැපයීමටත් ලැබෙන ප්‍රතිලාභය උපරිම කර ගැනීමටත් හැකි වේ.
තෘණ ශාක වල අස්වැන්න හා ගුණාත්මක භාවය කාලය සමඟ වෙනස් වන ආකාරය පහත රූපයෙන් දැක් වේ.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන මාරුවෙන් මාරුවට අස්වැන්න නෙලීමට සුදුසු කාල පරාසයක් සකස් කර ගැනීම වැදගත් වේ. මෙලෙස අස්වැන්න නෙලා ගැනීමට වගා භුමිය තෘණ සඳහා කොටස් වශයෙන් හෝ ගස් රනිල සඳහා කොටස් නැතහොත් ගස් ගහන අනුව හෝ දැනට වගා කර ඇති භුමිය (තෘණ සඳහා) නැතහොත් ගස් රනිල ගණන අනුව වෙන්කර ගැනීම වඩාත් සුදුසු වේ.


f). තෘණ හා රනිල වියලි ආහාරයක් ලෙස සැපයීම

තෘණ හා රනිල වියලා ගැනීමෙන් එහි ඇති පෝෂන තත්වය වැඩිකල හැක. මේවා මඟින් අධික වියදම් සහිත සාන්ද්‍ර ආහාර වැඩි වශයෙන් දුන් විට සිදුවන කිරි මේදය අඩුවීම හා කෙඳි දිරවීම අඩුවීම ද පාලනය කරනු ලබයි. එමෙන්ම තෘණ අධික කාලයේදී ඒවා අපතේ යෑම වැලැක්වීමට ද හොඳ විකල්පයකි. එමෙන්ම මිශ්‍ර කරන ලද සාන්ද්‍ර ආහාර සඳහා යන අධික වියදම පාලනය සඳහා නිවුඩු, කැඩුනු, බඩඉරිගු වැනි දෑ තනි තනිව ආහාරයට දිය හැක.


g). සාන්ද්‍ර ආහාර සැපයීම

සාන්ද්‍ර ආහාර ගවයාගේ ආහාර වේලේ ප්‍රමුඛ තැනක් ගන්නා නමුත් මේවා වියදවම් අධිකය. නමුත් නියමිත ප්‍රමාණ වලින් සැපයු විට කිරි අස්වැන්න වැඩි කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා ගත හැක. නමුත් තන්තුමය ආහාර වියලීමෙන්ද එහි ඇති පෝෂනීය තත්වය ඉහල නංවා ගත හැක. නමුත් ක්ෂේත්‍රයේදී මෙම තත්වය දැක ගැනීමට අපහසුය. සාන්ද්‍ර ආහාර වල කෙඳි ප්‍රමාණය සුළු බැවින් ශක්ති ජනක ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂක බහුලය. මෙම ආහාර පුන්නක්කු, බඩ ඉරිගු, සහල් නිවුඩු වශයෙන් තනිව හෝ මිශ්‍රණ වශයෙන් ලබා දිය හැක.

h). ආහාර පරිපුරක සැපයීම

මේවාද සාන්ද ආහාර ගණයට වැටෙත්, මුලික අරමුණ ආහාරයේ පවත්නා පෝෂක ඌනතාවයන් වලක්වා ගැනීමයි.
බොහෝ විට සිදු වන්නේ සාන්ද්‍ර ආහාර මිශ්‍රණයක් ලෙස ලබා දීමයි. ඉක්මනින් ජීර්ණය වන නිසා යුරියා සමඟ ලබාදීම ආහාරය විෂ වීමට පුලුවන. සීමා රහිතව සාන්ද්‍ර ආහාර ලබා දුනහොත් කෙඳි සහිත ආහාර ජීරණය අඩාල වේ.


කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...