Sunday, December 1, 2019

කුර හා මුඛ රෝගය - Foot & Mouth disease (FMD)

කුර හා මුඛ රෝගය - Foot & Mouth disease (FMD)

කුර සහිත සියලුම සතුන්ට වැලඳෙන ඉතා සීග්‍රයෙන් බෝවන වයිරස් රෝගයකි.

රෝග කාරකය -   Picornaviridae පවුලට අයත්   aphthovirus  වයිරසය වේ.

 මෙම වයිරසයේ උප කාණ්ඩ 07ක් පවතින අතර ඒවා
 A, O, C, SAT1, SAT2, SAT3, and Asia1 ලෙස වර්ග කර ඇත.


සම්ප්‍රේෂණය සහ පැතිරීම

ප්‍රධාන ලෙස ආසාදිත සතුන්ගේ ස්‍රාවයන් මඟින් රෝගය පැතිරීම සිදුවන අතර රෝග කාරකයේ සෘජු සම්බන්ධතාවයෙන් නීරෝගී සතුන්ට රෝගය වැලඳීම සිදුවේ.
මීට අමතරව
සුලඟ මඟින්,
ගොවිපල උපකරණ මඟින්,
ගොවිපල ආශ්‍රිත මිනිසුන් මඟින් රෝගය පැතිරීම සිදුවේ.

රෝග ලක්ෂණ

උණ
අලස බව
ආසාදිත සතුන්ගේ නාසය,මුඛය,තොල,දිව,විදුරුමස් වල බිබිලි හටගැනීම හා තුවාල දක්නට ලැබීම

පාදවල කුරයේ හා කුරය ඇතුලත තුවාල ඇතිවීම.

ඇවිදීමේ අපහසුතා.
නාසයෙන් හා මුඛහෙන් සොටු දියර හා ශ්ලේශ්මල වැගිරීම.
බුරුල්ලේ තුවාල ඇතිවීම.

නීරෝගී සතෙක්ට  ආසාදනය වූ විට පලමුව කුරවල රොඉග ලක්ශන පෙන්වයි.


රෝග පාලනය

ගොවිපලේ සතුන් වාර්ශිකව එන්නත් කිරීම.

සුලඟ මඟින් රෝගය පැතිරීම වලක්වා ගැනීම
සතුන් අතර සම්භන්දතාවයන් සීමා කිරීම.
ජෛව ආරක්ශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.
ප්‍රතිකාර
කුරවල තුවාලවලට කොපර් සල්ෆේට් (පල්මානික්කම්)ද්‍රාවණයක් ආලේප කිරීම.
මුඛයේ තුවාල වලට සීන්ක්කරම් භාවිතා කර පිරිසිදු කිරීම.
පශුවෛද්‍ය උපදෙස් ලබාගැනීම.



කුර හා මුඛ රෝගය වැලඳීම මඟින් ගොවිපලට විශාල ආර්ථික හානියක් සිදුවේ

සතුන්ගේ නිශ්පාදනය අඩු වීම.
ගර්භනී සතුන් ගබ්සා වීම
පැටවුන් මිය යාම
සතුන්ගේ ශරීර තත්වය පහත වැටීම
මේ නිසා රෝගය වැලඳීමට ඇති අවස්ථා අවම කර ගැනීම සිදුකල යුතුය.


රෝගී සතුන්ට ආහාර ගැනීමට අපහසුතා ඇති බැවින් එම සතුන්ට නොමේරු තෘණ හා සාන්ද්‍ර ආහාර ලබා දීම මඟින් එම සතුන් පෝශනය කල යුතුය.එමඟින් ආර්ථික හානිය අවමකරගත හැකිය.
රෝගී සතුන්ගේ ඇතිවන තුවාල මත ද්විතීයික ආසාදන ඇතිවීම වැලැක්වීමට නිසි පරිදි ප්‍රතිකාර කල යුතු අතර ඒ සඳහා අනිවාර්යයෙන්ම පශුවෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබාගත යුතුය .

කරුණාකර කතු හිමිකම සුරකින්න.
Tharindu sampath
අපගේ youtube චැනලයට පිවිසෙන්න.
https://www.youtube.com/channel/UC5EIv5vEw7BOqgVOSgV0cTw?sub_confirmation=1

මූලාශ්‍ර  https://www.oie.int/en/animal-health-in-the-world/animal-diseases/Foot-and-mouth-disease/

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...