Monday, July 16, 2018

පිදුරු රළු ආහාරයක් වශයෙන් සතුනට ලබාදීම

පිදුරු රළු ආහාරයක් වශයෙන් සතුනට ලබාදීම.





පිදුරු ආහාරයක් වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්නා නමුත් නියමිත ප්‍රතිකාර නොකර පිදුරු පමණක් ආහාරයට දීම සුලභව දක්නට ලැබෙන්නකි.
මේ නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා එයින් ගත හැකි ප්‍රයෝජන අවම වී ඇත.
 වී අස්වනු නෙලන කාලයේදී සකස් කර ගබඩා කිරීම තුලින් ආහාර අඩු කාලයේදී භාවිතයට ගත හැක.
 නමුත් මෙම තත්වය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන්නේ අවම වශයෙනි.

බේල් කර සකස් කර ගතහොත් අඩු ඉඩකින් වැඩි ප්‍රමාණයක් ගබඩා කර ගත හැකි අතර පසුව කරනු ලබන යුරියා ප්‍රතිකාර සඳහා ඉතාමත් යෝග්‍ය වනු ඇත.
පිදුරු ගවයාට ආහාර වශයෙන් ලබා දෙන්නේ නම් යුරියා යොදා ආහාරයට වශයෙන් ලබා දීම වඩාත් යෝග්‍ය වේ.

පිදුරු සඳහා යුරියා ප්‍රථිකාර ක්‍රමය

i. පිදුරු පමණක් 
මෙම ක්‍රමය තුලදී පෝෂක සීමා සහිතය. කෂුද්‍ර ජීවින් ක්‍රියාකාරි නැත, ගවයාට ලැබෙන්නේ සීමා සහත වු ශකති ප්‍රමානයකි.


ii. කෂණික ක්‍රමය පිදුරු සමඟ යුරියා
මෙම ක්‍රමය තුලදී කෂුද්‍රජීවින් ක්‍රියාකාරි වීමෙන් ජීර්ණය පහසු වේ, වැඩිපුර ශක්තියක් ගවයාට ලැබේ.
මේ සඳහා යුරියා ග්‍රෑම් 180 ජලය ලීටර 10 දිය කර හොඳින් පිදුරු වල මිශ්‍ර කර එදිනම හෝ පසුදින ආහාරයට දිය හැක
කෂණික ක්‍රමය සඳහා භාග සැමන් ටින් එකක යුරියා පුරවා ජලය ලීටර 07 ක දියකර පිදුරු කි.ග්‍රැ. 10 කට භාවිතා කල හැක.

iii. පිදුරු වලින් සයිලේජ්


මෙම ක්‍රමය තුලදී කෂුද්‍ර ජිවීන් ක්‍රියාකාරි වේ. ජිරණය වේගවත්වේ. ආහාර ගැනීම සීග්‍ර වේ. නිෂ්පාදනය වැඩි වේ.
පිදුරු වල ගුණාත්මක තත්ත්වය ඉමහල නැංවිම යුරියා යෙදීම පහත රූප සටහනේ උපදෙස් පරිදි කිරිම යෝග්‍යය.


පිදුරු වලින් සයිලේජ්

පිදුරු කි. ග්‍රෑග 09 කට යුරියා ග්‍රෑම් 360 ක් ජලය ලීටර් 10 ක දිය කර හොඳින් පිදුරු සමඟ මිශ්‍ර කර කලු පොලිතිනයකින් වසා වාතය නොයන පරිදි සීල් කල යුතුය.
පිදුරු බේල් කර ඇත්නම් සයිලේජ් සැදීමේදී අවශ්‍ය යුරියා ප්‍රමානය ලේසියෙන් ගණනය කල හැක. කළමණාකරනයද පහසුය. ඉහත උදාහරනයේ ආකාරයට අවශ්‍ය ප්‍රමානයන්ගේ පිදුරු යුරියා හා ජලය යොදීම ප්‍රතිඵල දායකය.


සයිලේජ් සඳහා යුරියා පිරවු එම ටින් 02ක් පිදුරු කි.ග්‍රෑ. 9 කට සෑහේ. බිම් මට්ටමේ සිට අගල් 06 ක් උසට ඇති පිදුරු තට්ටුවට ඉහත මිශ්‍රණයෙන් භාගයක් පමණ යොදන්න. පිදුරු සමඟ හොඳින් මිශ්‍ර කිරිම වැදගත්ය. පසුව මිශ්‍රණයේ ඉතුරු කොටසද ඉහත ආකාරයෙන් යොදන්න. පසුව කලු පොලිතින් වලින් සුලං නොවදින අකාරයෙන් වසා තැබිය යුතුය. ස්ප්‍රේයර් එකක් භාවිතා කල හැකිනම් ජලය ප්‍රමාණය ලී. 03 දක්වා අඩු කල හැක. මෙය දින 05 කට පසුව සතුනට භාවිතා කල හැක. 














Wednesday, July 11, 2018

කිරි ගව ආහාර හා එළදෙනුන් පෝෂණය

කිරි ගව ආහාර හා එළදෙනුන් පෝෂණය

කිරි ගවයින් සඳහා ආහාර ලබාදීමේදී එම ආහාර ප්‍රභවයෙන් ගේ සුලභතාවය, ගුණාත්මක භාවය හා දැරීමට සිදුවන වියදම (පිරිවැය) පිළිබඳව සැලකිය යුතු වේ. මෙලෙස සපයන ආහාර තුලින් සතුන්ගේ වර්ධනය හා පෝෂණයට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය, ප්‍රෝටීන, කැල්සියම්, පොස්පරස් හා කැරටොනොයිඩි (විටමින් A) පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. ප්‍රධාන ආහාර ප්‍රභවයන් ලෙස තෘණ, රනිල ශාක, පිදුරු සහ සාන්ද්‍ර ආහාර සැලකිය හැක. මීට අමතරව ඛනිජ ලවන හා විටමින් සුළු  ප්‍රමාණ  වශයෙන් ලබා දීම ඉතාමත් වැදගත් වේ.


නැවුම් තෘණ හා රනිල ශාක, ආහාරයක් ලෙස කෙලින්ම ලබා දිය හැක. පිදුරු ආහාරයක් ලෙස දෙන්නේ නම්, වියලි පිදුරු, යුරියා ප්‍රතිකාර කරන ලද පිදුරු හෝ සයිලේජ් වශයෙන් ලබා දිය හැක. සාන්ද්‍ර ආහාර සපයන්නේ නම් බඩ ඉරිගු, හාල් නිවුඩු, පොල් පුන්නක්කු ආදියෙන් සමන්විත සැකසු ආහාර ලබාදිය හැක.


සතුනට ලබාදෙන තෘණ, රනිල ශාක හා පිදුරු මත කිරි නිෂ්පාදනය තීරණය වේ. සාන්ද්‍ර ආහාර සපයන්නේ නම් අධික වියදමක් දැරිමට සිදු වේ. එබැවින් පහසුවෙන් ලබා ගත හැකි ආහාර ප්‍රභවයන් නොමැති විට පමණක් එම අඩුව සම්පුර්ණ කර ගැනීමට සාන්ද්‍ර ආහාර සැපයීම හොඳ පුරුද්දකි. ඛනිජ ලබන හා විටමින් අනිවාර්යයෙන් නිරතුරුවම සැපයිය යුතු අතර එය නිසි ලෙස නොලැබෙන විට සතුන්ගේ වර්ධනය, ප්‍රජනනය හා කිරි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කෙරෙහි එය සෘජුවම බලපායි.


පහත සඳහන් මනා කෘෂිකර්ම පිළිවෙත්, සත්ත්ව ආහාර ලෙස තෘණ, රනිල සහ පිදුරු භාවිතයේදී දේශිය කුඩා කිරි ගොවිපල තුල අනුගමනය කල හැක.

a). තෘණ හා රනිල ශාක (රළු ආහාරයක් ලෙස) වගා කිරීම

කුඩා කිරි ගොවිපල තුල තෘණ හා රනිල ශාක වගා කර ගැනීම සත්ත්ව ආහාර සැපයීමේ ඉතා ලාබදදායික ක්‍රමයකි. එහෙත් පාරිසරික පසාධක, මනා පාලන අවශ්‍යතාවයන් වැනි දෑ නිසා තෘණ වග කිරීම එතරම් පහසු නොවේ. නමුත් රනිල ශාක වඩාත් පහසුවෙන් වගා කල හැකි අතර පෝෂණ ගුණාංග වලින් ඉහල වේ. මේ නිසා තෘණ වලට වඩා රනිල ශාක වගා කිරීමේ හැකියාව ඇත.

b). කිරි ගවයින්ට ආහාර සලාකය ක්ෂණිකව වෙනස්  නොකල යුතුය.

රනිල ශාක හෝ වෙනත් ශාකමය රළු ආහාරයක් හෝ සාන්ද්‍ර ආහාර වැඩි ප්‍රමාණයක් ක්ෂණිකව සතුන්ට ලබාදීම කිසිසේත්ම නොකල යුතුය. මෙලෙස නුපුරුදු ලෙස රනිල ශාක වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ආමාශය තුල වායු නිෂ්පාදනය හා තැන්පත් වීමක් තුලින් සතුන් රෝගී තත්වයකට පත් විය හැකි.
යම් හෙයකින් සතුනට ලබාදෙන රනිල ශාක ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය නම් වරකට ග්‍රෑම් 500 බැගින් දින 02 කට වරක් වැඩි කල යුතු අතර අවශ්‍ය ප්‍රමාණය දක්වා එය ක්‍රමාණුකුලව වැඩි කල යුතු වේ. අඩු කල යුතු ආහාර වර්ගය ක්‍රමාණුකුලව අඩු කිරීම ද වැදගත් වේ.


c). තෘණ වල මේරු කොටස් අපතේ යාම අඩු කිරීම


තෘණ වල ඝනකමින් මේරු කොටස් කුඩා කැබලි වලට කපා ආහාරයට ලබාදිය හැක. එමගින් තෘණ ආහාර කොටස් අපතේ යාම වලකා ගත හැකි අතරම ගොවිපල පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයද අඩුකල හැක. කැබලි වලට කපා ලබා දීමෙන් ජීරණයද පහසු වේ.


d). ගොවිපල තුල වගා කර ඇති රනිල ශාක නිසි ලෙස කප්පාදු කිරීම.

ප්‍රධාන වශයෙන් කිරි ගවයින්ගේ ආහාරයට ලබා දෙන රනිල ශාක ලෙස වැටහිරියා හා ඉපිල් ඉපිල් බහුලව ගොවිපල තුල වගා කල හැක. මේ ශාක වල අනවශ්‍ය අතු රිකිලි හා උසට වැඩෙන අතු නිසි ලෙස කප්පාදු කර ඉවත්කර ගැනීම ඉතා වැදගත් වේ. ගොවි මහතාට ඉතා පහසුවෙන් ශාකයේ කොල අස්වැන්න ලබා ගැනීමට හැකි අයුරින් කප්පාදු කර ශාකය නිසි ලෙස පුහුණු කර ගත හැක. වර්ෂා කාලය ආරම්භයේදීම කප්පාදු කිරීම ඉතා යෝග්‍ය වන අතර එමගින් හොඳ කොල අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. කප්පාදු කර ඉවතලන අතු කැබලි නැවත සිටු විය හැකිය.


e). තෘණ සහ රනිල ශාක වල කොල අස්වැන්න මාරුවෙන් මාරුවට ලබා ගත හැකි ආකාරයට සකසා ගැනීම.

ගොවිපල තුල සීමිත තෘණ හා රනිල ශාක වගාවෙන් උපරීම ලෙස ප්‍රයෝජන ගැනීමට මෙම කමය වැදගත් වේ. තෘණ හා රනිල ශාක වල කොල අස්වැන්න නෙලාගත් පසු නැවත වර්ධනය වීමට කාලයක් ගත වේ. ඉතාම ආසන්න කාල පරතරයක් තුල නැවත නැවත අස්වැන්න නෙලා ගැනීමෙන් ශාකයේ වර්ධනය බාල වී අස්වැන්න අඩු වේ.
තෘණ ශාක අස්වැන්න නෙලීම ප්‍රමාද වීමෙන් ශාකයේ ගුණාත්මක බව අඩු වන අතර සතුන් එය ආහාරයට ගැනීමට ද ප්‍රිය නොකරයි. මේ නිසා මාරුවෙන් මාරුවට අස්වැන්න නෙලීමේ ක්‍රමයක් අනුගමනය කිරීමෙන් වර්ෂය පුරා අඛණ්ඩව හොඳ කොල අස්වැන්නක් ලබා ගැනීමටත් සතුනට කැමට ප්‍රිය ආකාරයට සැපයීමටත් ලැබෙන ප්‍රතිලාභය උපරිම කර ගැනීමටත් හැකි වේ.
තෘණ ශාක වල අස්වැන්න හා ගුණාත්මක භාවය කාලය සමඟ වෙනස් වන ආකාරය පහත රූපයෙන් දැක් වේ.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන මාරුවෙන් මාරුවට අස්වැන්න නෙලීමට සුදුසු කාල පරාසයක් සකස් කර ගැනීම වැදගත් වේ. මෙලෙස අස්වැන්න නෙලා ගැනීමට වගා භුමිය තෘණ සඳහා කොටස් වශයෙන් හෝ ගස් රනිල සඳහා කොටස් නැතහොත් ගස් ගහන අනුව හෝ දැනට වගා කර ඇති භුමිය (තෘණ සඳහා) නැතහොත් ගස් රනිල ගණන අනුව වෙන්කර ගැනීම වඩාත් සුදුසු වේ.


f). තෘණ හා රනිල වියලි ආහාරයක් ලෙස සැපයීම

තෘණ හා රනිල වියලා ගැනීමෙන් එහි ඇති පෝෂන තත්වය වැඩිකල හැක. මේවා මඟින් අධික වියදම් සහිත සාන්ද්‍ර ආහාර වැඩි වශයෙන් දුන් විට සිදුවන කිරි මේදය අඩුවීම හා කෙඳි දිරවීම අඩුවීම ද පාලනය කරනු ලබයි. එමෙන්ම තෘණ අධික කාලයේදී ඒවා අපතේ යෑම වැලැක්වීමට ද හොඳ විකල්පයකි. එමෙන්ම මිශ්‍ර කරන ලද සාන්ද්‍ර ආහාර සඳහා යන අධික වියදම පාලනය සඳහා නිවුඩු, කැඩුනු, බඩඉරිගු වැනි දෑ තනි තනිව ආහාරයට දිය හැක.


g). සාන්ද්‍ර ආහාර සැපයීම

සාන්ද්‍ර ආහාර ගවයාගේ ආහාර වේලේ ප්‍රමුඛ තැනක් ගන්නා නමුත් මේවා වියදවම් අධිකය. නමුත් නියමිත ප්‍රමාණ වලින් සැපයු විට කිරි අස්වැන්න වැඩි කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා ගත හැක. නමුත් තන්තුමය ආහාර වියලීමෙන්ද එහි ඇති පෝෂනීය තත්වය ඉහල නංවා ගත හැක. නමුත් ක්ෂේත්‍රයේදී මෙම තත්වය දැක ගැනීමට අපහසුය. සාන්ද්‍ර ආහාර වල කෙඳි ප්‍රමාණය සුළු බැවින් ශක්ති ජනක ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂක බහුලය. මෙම ආහාර පුන්නක්කු, බඩ ඉරිගු, සහල් නිවුඩු වශයෙන් තනිව හෝ මිශ්‍රණ වශයෙන් ලබා දිය හැක.

h). ආහාර පරිපුරක සැපයීම

මේවාද සාන්ද ආහාර ගණයට වැටෙත්, මුලික අරමුණ ආහාරයේ පවත්නා පෝෂක ඌනතාවයන් වලක්වා ගැනීමයි.
බොහෝ විට සිදු වන්නේ සාන්ද්‍ර ආහාර මිශ්‍රණයක් ලෙස ලබා දීමයි. ඉක්මනින් ජීර්ණය වන නිසා යුරියා සමඟ ලබාදීම ආහාරය විෂ වීමට පුලුවන. සීමා රහිතව සාන්ද්‍ර ආහාර ලබා දුනහොත් කෙඳි සහිත ආහාර ජීරණය අඩාල වේ.


Thursday, March 22, 2018

විසිතුරු මසුන් අභිජනනය 02 ornamental fish breeding


ඒන්ජල් මසුන්  අභිජනනය  angelfish breeding


.
පරිනත සතුන් හඳුනා ගැනීම

 ඒන්ජල් මසුන්ගේ ගැහැණු හා පිරිමි සතුන් වෙන් කර හඳුනා ගැනීම දුෂ්කර වේ. සමූහ ලෙස ටැංකියක සිටින විට පරිණත සතුන් යුගල ලෙස සිටීම මඟින් මසුන් යුගල හඳුනා ගත හැකිය
පරිනත සතුන් යුගල හඳුනාගැනීමෙන් පසුව එම සතුන් අනෙක් සතුන්ගෙන් වෙන් කිරීම කල යුතුය.වෙන් කරන ලද මසුන්ට නිදහසේ පිහිණිමට ප්‍රමාණවත් ඉඩක් තැබීම අත්‍යාවශ්‍ය වේ.

මසුන් යුගලක් සදහා අඩි 1.25*1.25*2 ප්‍රමාණයේ ටැංකියක් ප්‍රමාණවත් වේ.
අභජනන ටැංකියේ ජලයේ pH අගය 6.5-6.9 අතර හා ජලයේ උශ්ණත්වය සෙල්සියස් අංශක 22-27 අතර පැවතිය යුතුය.
අභිජනන මසුන්ට ආහාර සැපයීමේදී ජීවී ආහාර සැපයිය යුතුය .මේ සඳහා Daphnoea සුදුසු වේ.

මසුන් බිත්තර දැමීමේදී ආනත පෘෂ්ඨ මත බිත්තර ඇලවීම සිදු කරන බැවින් අභිජනන ටැංකියේ ආනතව ප්ලාස්ටික් පතුරක්,උළු කැබැල්ලක් හෝ පලල් පත්‍ර සහිත ජලජ පැලෑටියක්  තැබිම කල යුතුය

ගැහැණු සතුන් පරිණත තත්වයට පත්වීමේදී ලිංගික විවරය තුලින් සුදු පැහැති නාලයක් පිටතට පැමිණිම සිදුවේ.
මෙම කාලයේදී පිරිමි සතුන් ටැංකියේ බිත්තර දමන පෘෂ්ඨ පිරිසිඳු කිරිම සිදු කරයි.
දින කීපයකින් ජලජ පැලැටිවල හා ආනත පෘෂ්ඨ වල බිත්තර දැමීම සිදු කරයි.
වරකට බිත්තර 300-400ක ප්‍රමාණයක් ගැහැණු සතෙකු විසින් දමනු ලබයි.

බිත්තර දැමීමෙන් පසු බිත්තර අඩංගු ජලජ පැලෑටි හා ආනත පෘෂ්ඨ වෙන් කිරීම සිදු කල යුතුය.
බිත්තර වෙන් කරන ටැංකිය හොඳින් වාතනය කිරීම කල යුතුය.
දින කීපයකින් බිත්තර පුපුරා පිටතට පැමිනෙන පැටවුන් ටැංකිය පතුලේ ඉස්ගෙඩියන මෙන් චලනය වන අයුරු දක්නට ලැබේ.
දින කීපයකට පසු පැටවුන් නිදහසේ පිහිණීම ආරම්භ කරනු ලබයි.

පැටවුන්ට ආහාර සැපයීම

බිත්තර වලින් බිහිවන පැටවුන්ට පිහිනිය නොහැකි නිසා එම සතුන්ට ආහාර සැපයීම ඉතා වැදගත් වේ.
එසේ නොමැති උවහොත් පැටවුන්ගෙන් විශාල ප්‍රමානයක් මිය යයි.
පැටවුන්ට වඩාත් සුදුසු ආහාරය වන්නේ කිකිලි බිත්තර කහමදයයි.
බිත්තර විනාඩි 10ක් පමණ හොදින් තම්බා කහ මදය හොදින් පොඩිකර  පිරිසිදු රෙදිකඩකට් දමා ජල්‍යට මිරිකීමෙන් ඉතා සියුම් බිත්තර අංශු පැටවුන්ට ආහාර ලෙස ලබා දිය හැක.
සති දෙකකට පසු පැටනුන් වෙනත් ටැංකියකට මාරු කිරිම සිදු කල හැකිය.


Tuesday, March 6, 2018

කිරි උණ Milk fever/ hypocalcemia

කිරි උණ Milk fever/ hypocalcemia


කිරි උණ යනු ප්‍රසූතියට ආසන්නවම ප්‍රසූතිය සිදුවන විට සහ  බොහෝ විට ප්‍රසූතිය සිදුවී ටික දිනකින් (දින 1,2) සෑදෙන පරිවෘත්තිය රෝගයකි.මෙම රෝගය බොහෝවිට සෑදෙන්නේ අධික කිරි නිෂ්පාදනයක් සහිත වයස්ගත දෙනුන්ටය.මෙම රෝගය ඇතිවීමට ප්‍රෙව්ණික හේතුද බලපායි.


රෝගය සෑදීමට හේතු

මෙම රෝගය වැලඳුනු විට රුධිරයේ අඩංගු කැල්සියම් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික  ප්‍රමාණයකින් පහල වැටේ.

සතා ලබාගන්නා ආහාර මඟින් කැල්සියම් ලැබෙන අතර  කිරි,මුත්‍රා මඟින් ශරීරයෙන් කැල්සියම් ඉවත් වේ.

ප්‍රසූතියේදී හා ප්‍රසූතියෙන් පසුව රැධිරයේ ඇති කැල්සියම් බොහෝ ප්‍රමාණයක් බුරුල්ලට ස්‍රාවය වේ.

මේ කාලයේදී කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය සීඝ්‍ර ලෙස වැඩිවේ.
මෙම අවශ්‍යතාවය රුධිරයට ඇතුළුවන කැල්සියම් මඟින් සපුරන්නේ නැතිනම් රුධිරයේ ඇති කැල්සියම් ප්‍රමාණය පහත වැටෙන අතර මෙසේ විශාල වශයෙන් පහත වැටීමක් සිදුවන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස කිරි උණ සෑදේ.


රෝග ලක්ෂන

සතා අලස හා නිෂ්ශබ්දව පසුවීම
ශරීර උෂ්ණත්වය ස්වල්ප ලෙස පහත වැටීම
සතාගේ කන් හා ගාත්‍රාවල පහලම කොටස් ශීතල වීම
ආහාර නොගැනීම
රූමන චලන නැවතීම
මලද්‍රව්‍ය පිටවීම අඩුවීම
බුරුල්ල එල්ලා වැටෙන ස්වාභාවයකට පත්වීම,කිරි ස්‍රාවය වීම නැවතීම.
සතාට සිටගෙන සිටීමට සිටීමට අපහසුතාවයක් ඇතිවන අතර සතාට නැගී සිටීමට නොහැකි තත්වයට පත්වේ ඩන් පසුව සතා සිහි නැති ස්වාභාවයකට  මෙන් පත්වේ
ප්‍රතිකාර
රුධිරයට කැල්සියම් එන්නත් කිරීම


රෝග පාලනය

ප්‍රසූතියට පෙර අවසාන සතියේ සාන්ද්‍ර ආහාර වැඩි ප්‍රමාණයක් දීමෙන් වැලකීම
ගැබ්කාලයේ අවසාන මාස දෙක තුල සතාගේ අවශ්‍යතාවයට අනුව පමණක් ආහාර සැපයීම.(සතා අධික ලෙස පෝෂණය කිරීම නිසා සතාට කිරි උණ ඇතිවීමේ ඉඩකඩ වැඩිවේ)
ප්‍රසූතියෙන් පසු දෙනට අවශ්‍ය තරම් කැල්සියම් ආහාර සමඟ ලබාදීම
ප්‍රසූතියෙන් පසු දෙනට ඇවිදීමට ප්‍රමාණවත් ඉඩක් ලබාදීම
විශේෂයෙන්ම එක් වරක් කිරි උණ වැලඳුනු දෙනුන් ඊලඟ ප්‍රසූතියේදී නැවත රෝගය වැලඳීම වැලැක්වීමට පියවර ගැනීම ඉතා වැදගත්ය.

Monday, February 5, 2018

එළුවන් අභිජනනය Goat breeding

එළුවන් අභිජනනය


එළුවන් අභිජනනය තුලින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා
පට්ටි එළුවා
නීරෝගී එලිච්චිය
නිසි අයුරින් පට්ටි දැමීම
එලිච්චිය හා පැටවුන් හොඳින් රැකබලා ගැනීම
යන කරුණු සම්භන්දව වැඩි අවධානයක් යෙදිය යුතුවේ.

පට්ටි එළුවා

පට්ටි එළුවා ශක්තිමත් නීරෝගී හොඳින් වැඩුනු ශරීරයක් හා නියමිත වර්ගයේ ලක්ෂන පෙන්නුම් කල යුතුය.
එළුවායේ ලිංගික අවයව හොඳින් වැඩී තිබිය යුතු අතර වෘෂන කෝෂ යුගලම කැපී පෙනෙන ලෙස හොඳින්
වැඩී තිබිය යුතුය.
පට්ටි වස්සන්ට පෝෂදායී ආහාර ලබාදී මනාව නඩත්තු කල යුතුය.වයස මාස 10-12 වැඩෙන අවධියේදී පවා වාර ගණන අඩුකර ආහාර සපයා පට්ටි සේවාව සළසා ගත හැක.
පට්ටි එළුවන්ට හොඳින් ව්‍යායාම අවශ්‍ය වේ.ඔවුන් පිරිසිඳු පරිසරයක ඇතිකල යුතු අතර වෙනත් සතුන්ගෙන් වෙන් කල  යුතුය.
සෑම වර්ෂ දෙකකට වරක් පට්ටි එළුවා මාරු කිරීම මගින් සහඅභිජනනය වලක්වා ගත හැක.

එලිච්චිය

හොඳ වැඩි නිෂ්පාදනයක් ලබාදෙන එලිච්චි එළු රැලේ න්‍යෂ්ටිය ලෙස සැලකිය හැක.
එම නිසා අභිජනනය සඳහා මව් සතුන් තෝරා ගැනීමේදී ඉහල කිරි නිශ්පාදනයක් සහිත හා ඉහල සඵලතාවයකින් යුත් සතුන් තෝරා ගත යුතුය.
තෝරා ගන්නා මව් සතුන්
නීරෝගී සෟඛ්‍යසම්පන්න විය යුතුය
ශක්තිමත් පාද
සිහින් ගෙලක් හා පැතලි හිසක් පිහිටීම
දීප්තිමත් නෙත්
සෞම්‍ය හැසිරීම
තන පුඩු මඳක් ඉදිරියට නෙරා ඇති සිනිඳු බුරුල්ලක් පිහිටීම
සෑම මාස 6-8 කට වරක් පැටවු බිහිකිරීම
නිතරම නිවුන්නු බිහිකිරීම
පැටවුන් දෙදෙනෙකුට ප්‍රමානවත් කිරි නිපදවිය හැකි වීම සලකා බලනු ලබයි.
දුර්වලතා සහිත සතුන් හා අසාමාන්‍ය මඳ චක්‍ර සහිත සතුන් අභිජනනයට සුදුසු නොවේ එම සතුන් ඉවත් කල යුතුය.

පට්ටි දැමීම

එලිච්චියක් දින 18-21 කට වරක් මඳ ලක්ශන පෙන්වයි.
මඳකාලය පැය කීපයක සිට දින 2-3 දක්වා විය හැක.
එලිච්චියකගේ මඳ ලක්ශන
නොසන්සුනකම
වලිගය නිතර සෙලවීම
රත් පැහැ ඉදිමුනු කාකලිකය
නිතරම මුත්‍රා කිරීම
යෝනියෙන් ස්‍රාවයක් පිටවීම

සාමාන්‍යෙයන් එලිච්චියක් වසරක් වයස්ගතවන තුරු පට්ටි දැමීම සිදු නොකරයි.

ගැහැණු සතුන් 20-30කට පට්ටි දැමීම සඳහා එක් පිරිමි සතෙකු සෑහෙන බැවින් පට්ටි දැමිම සඳහා හොඳම පිරිමි සතෙකු තෝරාගත යුතුය
වැඩි කිරි නිශ්පාදනයක් හා වැඩි පැටවුන් ප්‍රමානයක් ලබාගත හැකි හොඳ සෟඛ්‍ය සම්පන්න එලිච්චියකගේ පැටවෙකු විය යුතුය.
මනාව වැඩුනු  සෟඛ්‍ය සම්පන්න එලිච්චියකගේ පැටවෙකු විය යුතුය.
මනාව වැඩුනු ශරීරයක් හා වර්ගයට ආවේණික ලක්ෂන ඇති සතෙක් විය යුතුය.

නුසුදුසු පිරිමි සතුන් කර ඇඹීම.

තෝරාගත් පිරිමි සතුන්ට පමණක් ගැහැණු සතුන්ට පට්ටි දැමීම සඳහා අවස්ථාව ලබා දිය යුතුවේ.
මේ සඳහා රංචුවේ සිටින අනවශ්‍ය පිරිමි සතුන් කර ඇඹීම සිදු කල හැක.
කර ඇඹීම සිදු කිරීම මගින්
ශරීර වර්ධනය වේගවත් වේ.
මස මෙලෙක් වීම සිදුවේ / එළු මස් වල ආවේණික ගන්ධය අවම වේ.
සතුන් හීලෑවේ.
පාලනය පහසු වේ.

කර ඇඹීමට ක්‍රම දෙකක් පවතී
1. ඉලස්ට්‍රේටරය මගින් කර ඇඹීම.

2. බර්ඩිසෝ උපකරණය මගින් කර ඇඹීම.



තාරා පාලනය


තාරා වර්ග
තාරාවන් ඇති කිරීම ප්‍රධාන වශයෙන් මස්  හා බිත්තර ලබා ගැනීම පිණිස සිදු කරයි.
මස් ලබාගැනීම පිණිස ඇතිකරන තාරා වර්ග
අයිල්ස්බරි
පීකින්
මස්කෝව්
බිත්තර ලබාගැනීම පිණිස ඇතිකරන තාරා වර්ග
කාකි කැම්බල්
ඉන්දියන් රනර්
ද්විකාර්ය වර්ග
වෙලුවි
පෙට්රෝස්

අයිල්ස්බරි

ශරීර වර්ණය සුදු පැහැතිය,
තැඹිලි පැහැ ශක්තිමත් කෙටි පාද ඇත,හොට රෝස පැහැතිය
මස් නිශ්පාදනය සඳහා ඉතාමත් හොඳ වර්ගය වේ,
දිගැති පලල් ශරීරයක් ඇත,
වයස සති 9දී මස් කිලෝග්‍රරෑම් 2.5ක පමණ නිශ්පාදනයක් ලබාදේ.
වසරකට බිත්තර 100ක පමණ නිශ්පාදනයක් ලබාගත හැක.


පීකින්

ශරීර වර්ණය ලා කහ පැහැතිය,
තැඹිලි පැහැ ශක්තිමත් කෙටි පාද ඇත,හොටද තඹිලි  පැහැතිය
මස් නිශ්පාදනය සඳහා අයිල්ස්බරිට පසුව හොඳ වර්ගය වේ,
දිගැති පලල් ගැඹුරු ශරීරයක් ඇත,
වයස සති 9දී මස් කිලෝග්‍රරෑම් 2 ක පමණ නිශ්පාදනයක් ලබාදේ.
වසරකට බිත්තර 110-130 ක පමණ නිශ්පාදනයක් ලබාගත හැක.
පිහාටු බුමුතුරුණු නිපදවීමට යොදාගනී.

මස්කොව්

කුකුලන්ගේ මෙන් ඇස් ආශ්‍රිතව රතු පැහැති කරමලයක් වැනි කොටසක් ඇත.
බොහෝ විට අලංකාරය පිණිස ඇතිකරයි.
වයස සති 12 කදී මස්  කිලෝග්‍රරෑම් 3ක් පමණ ලබාදේ.
මෙම තාරා වර්ගය ඇතිකිරීමේදී වෙනත් තාරා වර්ග සමඟ මුහුම් වීම වැලැක්විය යුතුය.

කාකි කැම්බල්

ශරීර වර්ණය පිරිමි සතාගේ හිස,බෙල්ල,පියාපත් හා පපු පෙදෙස ලෝකඩ මිශ්‍ර කොල පාටක් හා ශරීරයේ අනෙක් පෙදෙස් කාකි පාටක්(දුඹුරු පැහැයට හුරු කළු) ගනී. හොට කොල පාට හා පාද තද තැඹිලි පැහැ වේ
ගැහැනු සතාගේ පිටේ හා තටුවල ස්වලුපයක් හැරුණු විට අනෙක් පෙදෙස් කාකි පාට වේ.පාද ශරීරයේ වර්ණය ගනී
බිත්තර නිශ්පාදනය සඳහා ඉතාමත් හොඳ වර්ගය වේ,
වසරකට බිත්තර 300ක පමණ නිශ්පාදනයක් ලබාදේ.
බිත්තරයක් ග්‍රෑම් 70ක් පමණ බර වේ
වයස මාස 4.5දී බිත්තර දැමීම ආරම්භ කරයි.දෙවන වසරේදී උපරිම නිශ්පාදනයක් ලබාදේ
උශ්ණ රටවලට හොඳින් ඔරොත්තුදෙන සතුන් වේ

ඉන්දියන් රනර්

බිත්තර සඳහා හොඳ වර්ගයකි.
සාමාන්‍ය නිශ්පාදනය වසරකට බිත්තර 250ක් පමණ වේ.
ශරීරය කෙලින් තබා ඇවිදීම ප්‍රිය කරයි
කඩිසර සැහැල්ලු වර්ගයකි
ශරීර වර්ණය විවිධ වේ.

වෙලුවි

ශරීර වර්ණය  සුදුපැහැ වේ
සාමාන්‍ය නිශ්පාදනය වසරකට බිත්තර 275ක් පමණ වේ.
සුදු පැහැති ප්‍රමානයෙන් තරමක් විශාල බිත්තර දමයි
මාස 5.5කදී පමණ බිත්තර දැමීම ආරම්භ කරයි
සති 8කදී මස්  කිලෝග්‍රරෑම් 2.2 ක් පමණ ලබාදේ.

පෙට්රොස්

වැඩුනු සතුන් දුඹුරු,දුඹුරු මිශ්‍ර සුදු,නිල් කළු පැහැයක් ගනී.

සුදු පැහැති බිත්තර දමයි
මාස 5.5කදී පමණ බිත්තර දැමීම ආරම්භ කරයි
සති 8කදී මස්  කිලෝග්‍රරෑම් 2 ක් පමණ ලබාදේ.