Friday, April 21, 2017

වසු පැටවුන්ගේ රෝග පාලනය

වසු  පැටවුන්ගේ රෝග පාලනය


සෑම ගොවිපලකම පාහේ උපදින වසු පැටවුන්ගෙන් යම්කිසි ප්‍රමානයක් මිය යයි.නමුත් ගොවිපලක පැටවු මරණ ප්‍රතිශතය  5% නොඉක්මවිය යුතුය.
වසු පැටවුන් මිය යාමට බලපාන ප්‍රධානම හේතුව පැටවුන්ට වැලඳෙන ලෙඩරෝගයි.


පෙකණිය හා හන්දි ඉදිමීමේ රෝගය (Naval and joint ill)




අපිරිසිඳු පරිසරයක ප්‍රසූතිය සිදුවීම රෝගය ඇතිවීමට මූලික හේතුව වේ.
අපිරිසිදු පරිසරයේ ප්‍රසූතිය සිදුවීම නිසා පෙකනියට විශබීජ ආසාදනය වීම නිසා පෙකණිය වටා ඉදිමී සැරව ඇති වේ.
මෙසේ ඇතුල් වන විශබීජ සන්දි වලට ඇතුල් වීම නිසා සන්දි ඉදිමී සැරව පිරී පැටවා වේදනාකාරී මරණයකට පත්වේ.

රෝගය වලක්වා ගැනීම

පැටවා ප්‍රසූත අවස්ථාවේදී නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම.
ගව පැටවුන් පාලනය ලිපිය බලන්න.)

ප්‍රතිකාර

රෝගයේ මුල් අවස්ථාවේදී එනම් පෙකණිය පමණක් ආසාදනය වී ඇති විට ප්‍රතිජීවක මගින් රෝගය සුවකරගත් හැක.


පාචනය. (Diarrhea )



වසු පැටවුන්ට බහුලවම වැලඳෙන රෝගයකි.

රෝගය වැලඳීමට හේතු.

පැටවාට අවශ්‍ය ප්‍රමානයට වඩා කිරි සැපයීම.
ශීතල හෝ පරණ කිරි ලබා දීම.
අපිරිසිදු ආහාර ලබාදීම.
අපිරිසිදු ජලය ලබාදීම
පණු ආසාදන.

රෝග ලක්ශන

දියර,ශ්ලේශ්මල හෝ ලේ මිශ්‍රව මලපහ පිටවීම.
ආහාර අරුචිය.
ශරීරය කෙට්ටු වීම.
අධික පිපාසය.
මලානිකව වැතිර සිටීම.
රෝගය වලක්වා ගැනීම.
පැටවා ඉපදුනු විගස කොලස්ට්‍රම් ප්‍රාමානවත්ව ලබා දීම.
වයසට අවශ්‍ය ප්‍රමානයට පමණක් කිරි ලබාදීම.
පටවු ක්ප්ටුව පිරිසිඳු හා වියලිව තබා ගැනීම.
කිරි දෙවූ විගස පටවාට ලබාදීම.
ආහාර හා ජල බඳුන් නිතර පිරිසිඳු කිරීම.
රෝගී සතුන් වෙන්කර ප්‍රතිකාර කිරීම.
නිසි වයසේදී පණුබෙහෙත් ලබාදීම.


නිව්මෝනියාව (Pneumonia )



බැක්ටීරියා හෝ වයිරස් මඟින් පෙනහලු ආසාදනය වීම නිසා නිව්මෝනියාව හටගනී.

රෝග ලක්ෂන.

දේහයේ උශ්නත්වය වැඩිවේ. (105-106 F)
නාසයෙන් සොටු දියර වැගිරේ.
කඳුළු ගැලීම.
කැස්ස.
හුස්ම ගැනීමේ අපහසුතා .
ආහාර අරුචිය .

වලක්වා ගැනීම.

පැටවා ඉපදුනු විගස කොලස්ට්‍රම් ප්‍රාමානවත්ව ලබා දීම.
පැටවාට අවශ්‍ය ඉඩ ප්‍රමානය ලබාදීම .
පැටවුනට තුලිත ආහාර සලාකයක් ලබා දීම.
පැටවුන් වැස්සෙන් හා පින්නෙන් ආරක්ශා කර ගැනීම.
පැටව් කූඩු නිතරම පිරිසිඳුව තබා ගැනීම.
ගව ගාලට නිසි ආලෝකය හා වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම .

පරපෝෂිතය රෝග.

කිනිතුල්ලන්
උකුණන්
මැක්කන්
මයිටාවන්
වට පණුවන්
පටි පණුවන්
අක්මා පැතැල්ලන්

Saturday, March 18, 2017

එළු පාලනය(Goat management)

එළු පාලනය(Goat management)

ශ්‍රී ලංකාවේ එළු පාලනය ප්‍රධාන වශයෙන් මස් හා කිරි නිශ්පාදනය සදහා සිදු කරයි.
අනෙක් සතුන් පාලනයට සාපේක්ශව එළු පාලනයේ වාසි.
මස් පිණිස අලෙවි කිරීමේදී ඉතාමත් හොඳ වෙලඳපොලක් පැවතීම
(සාමාන්‍යයෙන් එළුවන් ජීව බර කිලෝග්‍රෑම් එකක් රුපියල් 700 – 800 පමණ මිලකට අලෙවි කල හැකිය)
අවශ්‍ය ශ්‍රම ඒකක ප්‍රමානය අඩුය.
අවශ්‍ය මූලික පිරිවැය අඩුවීම.
ගවයින් ඇතිකිරීම නුසුදුසු භූමි එලුවන් ඇතිකිරීමට සුදුසු වීම.
එක් එලදෙනක් ඇති කිරීමට වැය වන වියදමින් එළුවන් 6-8 ප්‍රමානයක් ඇතිකල හැකිවීම.
එළු කිරි වල පෝෂණ ගුණය වැඩිවීම.
එළු කිරිවල මේද ගෝලිකා කුඩා නිසා ජීරණය පහසුය.
එළුවන් ක්ශය රෝගයට ප්‍රතිරෝධයක් දක්වන බැවින් එලු කිරි හරහා මිනිස්සුන්ට ක්ශය රෝගය වැලදීමේ අවධානම නොමැති වලට වීම.

ශ්‍රී ලංකාව තුල ඇතිකරන එළුවන් වර්ග

ජමුනාපාරි(jamunapari)



උතුරු ඉන්දියාවේ සම්භවය වී ඇත.
හොඳ පෙනුමක් ඇති විශාල වර්ගයකි.
දිගට එල්ලා වැටෙන දිගටි විශාල කන් පිහිටා ඇත.
සාමාන්‍යයෙන් සුදු දුඹුරු පැහැයක් ගනී.
කොකු හැඩැති (රෝමන්)නාසයක් ඇත.
අං කෙටිය,පැතලිය.
කෙටි සිනිඳු ලෝම ඇත.
එල්ලා වැටෙන විශාල බුරුල්ලක් ඇත.
දිනකට කිරි ලීටර 1,2ක නිශ්පාදනයක් ඇත.
කිරි වල 5-6%;මේද ප්‍රතිශතයක් ඇත.
හොදින් වැඩුනු පිරිමි සතෙක් 75-100kg හා
ගැහැනු සතෙකු 65-70kg පමණ බරවේ.

සානන් ( saanen)



ස්විට්සර්ලන්තයේ සානන් මිටියාවතේ සම්භවය වී ඇත.
කිරි ලබා ගැනීමට විශේෂයෙන් ඇති කරනු ලබයි.
හිස දිගටිය.
මුහුණ සෘජුය.
කන් කුඩාය,කෙලින් උලට ඉදිරියට නැමුණු ස්වාභාවය ඇත.
දිග සිහින් බෙල්ලක් ඇත.
ශරීර වර්ණය සුදුය.
කෙටි ලෝම ඇත.
කිරි නිශ්පාදනයට ප්‍රසිද්ධ සත්ව වර්ගයකි.
එක් කිරි මුරයකදී කිරි ලීටර 1000ක පමණ නිශ්පාදනයක් ලබාගත හැක.


නූබියන්.(nubian)


උතුරු අප්‍රිකාවේ නූබියා ප්‍රදේශයේ සම්භවය වී ඇත.
විශාල ශරීරයක් ඇත.
ශරීර වර්ණය කලු,රතු,දුඹුරු වර්ණයක් ගනී.
හිස අසලින්ම එල්ලා වැටෙන විශාල කන් ඇත.
කොකු හැඩැති (රෝමන්)නාසයක් ඇත.
පැද්දෙන් සුළු විශල බුරුල්ලක් ඇත.
කිරි නිශ්පාදනය හා මස් පිණිස ඇති කරයි.
එක් කිරි මුරයකදී කිරි ලීටර 1000ක් පමණ ලබාගත හැක.
කිරිවල් මේදය 4-6% අතර වේ.
පරිණත පිරිමි සතෙක් 80kg හා
පරිණත ගැහැණු සතෙකු 60kg පමණ බර වේ.
ටොගන් බර්ග්.( toggenburg )


ස්විට්සර්ලන්තයේ ටොගන්බර්හි සම්භවය වී ඇත.
තද පාට පුල්ලි සහිත කන් ඇත.
මුහුණ දෙපස සුදු රේඛා ඇත.
පාදවල ඇතුල් පැත්ත සුදුපාටය.
ශරීර වර්ණය දුඹුරු පැහැ ගනී.
කන් කෙලින් ඉදිරියට නැමී ඇත.
පරිණත පිරිමි සතෙක් 70kg හා
පරිණත ගැහැණු සතෙකු 60kg පමණ බර වේ.

බෝයර්(Boer)


සම්භවය දකුණු අප්‍රිකාවේ /යුරෝපයේ .
මස් නිශ්පාදනය සඳහා ඉතා සුදුසු වර්ගයකි.
කෙටි පාද,
පලල් හා කඩා වැටුනු කන්,
පලල් පපු පෙදෙස,
සිනිඳු කෙටි ලෝම,
බෙල්ල හා හිස දුඹුරු පැහැ වන අතර ශරීරය සුදු පැහැති වේ.
විශාල ශරීරයක් ඇත.



ඇරිකන් (දේශීය එළුවන් )

ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන එලුවන් වර්ගය වේ.
ලංකාවේ වියලි කලාපයේ කර්කශ දේශගුණයට හොඳින් අනුවර්ථනය වී ඇති සතුන් වේ.
සාමාන්‍ය ශරීර බර 20-30kg පමණ වේ.
ශරීර ප්‍රමානය කුඩාය.
ශරීර වර්ණය සුදු,අළු,පුල්ලි සහිත වර්ණයක් දරයි.

කොට්ටුකච්චිය (kottukachchiya )



දකුණු ඉන්දියාවේ සම්භවය වී ඇත.
ලංකාවේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ බහුලවම දැකිය හැකි නිසා මෙම නම ලැබී ඇත.
ශරීර වර්ණය කළු පැහැයක් ගනී.
ශරීර ප්‍රමානය මධ්‍යම වේ.
නිවුන් පැටවුන් බිහිකිරීමේ හ්කියාව වැඩිය.
කටුක පරිසර තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව ඉතා ඉහලය.
ප්‍රධාන වශයෙන් මස් සඳහා ඇති කරයි.

ශ්‍රී ලංකා බෝයර්.( sri lanka boer)


බෝයර් සතුන් හා කොට්ටුකච්චිය සතුන් අතර මුහුම් කිරීමෙන් ඇති කරන ලද නව විශේෂයකි.
මධ්‍යම ප්‍රමාණයේ දිගු පාද හා කන්
කෙටි ලෝම ඇත.
ශරීර වර්ණය බෙල්ල හා හිස කළු පැහැ වන අතර ශරීරය සුදු පැහැ ගනී.
ශරීර ප්‍රමානය දේශීය එළුවන්ට සාපේක්ශව  විශාල වේ
මස් සදහා සුදුසු වේ.


Thursday, February 23, 2017

සයිලේජ් (silage )

සයිලේජ් (silage )



සයිලේජ් තෘණ කලතබා ගැනීමේදී භාවිතා කරන සාර්ථක ක්‍රමයකි
තෘණ හිඟ වියලි කාලවලදී (ජූලි-ඔක්තෝම්බර් )මාස වලදී රෝමාන්තික සතුන්(ගවයින්,එළුවන් ,බැටළුවන් )පෝශණය කිරීමට තෘණ කල්තබාගැනීමට මෙම ක්‍රමය භාවිතා කරයි.


සයිලේජ් නිපදවීමේ මූලධර්මය වනුයේ
නිර්වායු පරිසරයක් තුල තෘණ වල පෝශක මත වර්ධනය වන lactic acid බැක්ටීරියා මඟින් තෘණ වල ඇති ද්‍රාවය කාබෝහයිඩ්‍රේට් /සීනි අම්ල බවට (ඇසිටික්,බියුට්‍රික්,ලැක්ටික් අම්ල)බවට පරිවර්තනය කරයි.
නිපදවෙන අම්ල නිසා නිර්වායු පරිසරය ආම්ලික වේ.(4.5pH පමණ)එම ආම්ලික පරිසරය් නිසා බැක්ටීරියා විනාශ වීම සිදුවේ.
මෙම නිර්වායු ආම්ලික පරිසරය නිසා තෘණ සංරක්ෂණය වී පවතී.


සයිලේජ් නිපදවීම සඳහා පෝශක අගය වැඩි තෘණ (කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන ප්‍රමානය වැඩි
තෘණ )භාවිතා කරයි.
ලංකාවේ බහුලව බඩඉරිඟු (maize),සෝගම් (sorghum ),දෙමුහුම් නේපියර් තෘණ වන CO3,CO4 භාවිතා කරයි.

නියමිත වර්ධන අවස්ථාවේදී
බඩඉරිඟු හා සෝගම් -කරල් කිරිවැදීගෙන එන අවස්ථාවේදී
දෙමුහුම් නේපියර් තෘණ - තෘණ වගාවේ 5%-10% මල් පිපෙන අවස්ථාවේදී
කපාගත් තෘණ එහි ජල ප්‍රතිශතය 50%-70%වන තෙක් ක්ශේත්‍රයේදීම හිරුඑලියට නිරාවරණය කර මැලවීමට ඉඩහරිනු ලබයි.
ඉන්පසු තෘණ කුඩා කැබලිවලට කැපීම හා පොඩිකිරීම සිදුකරයි.
තෘණ කැබලි කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක් සමඟ මිශ්‍ර කර (මොලෑශස් හෝ සීනි)ඇසිරීම කරයි.
මෙහිදි කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක් ලෙස අල බෝග එකතු කිරීම වෙනත් රටවල සිදු කරයි.
අසුරාගත් තෘණ වාතය ඉවත් වන සේ හොඳින් තලා ගැනීම සිදුකර මුද්‍රා කිරීම සිදුකරයි.

ලංකාවේදී සයිලේජ් නිපදවීමේදී තෘණ ඇසිරීම ක්‍රම කීපයකටම සිදුකරයි
පොලිතින් උර භාවිතා කිරීම
කුඩා පරිමාන ගොවීන් බහුල ලෙස මේ ක්‍රමයට සයිලේජ් නිපදවීම සිදුකරයි.
එක පොලිතීන් උරයක සාමාන්‍යයෙන් 15-30KG ප්‍රමානයක් තෘණ ග්බඩා කිරීම කලහැක

වලවල් භාවිතා කිරීම
පොලව තුල හාරන ලද වලක් තුල තෘණ ගබඩා කිරීම සිදුකරයි .

ටැංකි භාවිතා කිරීම
පොලව මතුපිට කොන්ක්‍රීට්වලින් සාදනලද ටැංකිවල් තෘණ ගබඩාකිරීම සිදුකරයි


PART 1

PART 2


Saturday, January 21, 2017

කිරි නිෂ්පාදනය හා ගව පාලනය පිළිබද උපදෙස් පත්‍රිකා

සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කිරි නිෂ්පාදනය හා ගව පාලනය පිළිබද උපදෙස් පත්‍රිකා පහතින් ලබා ගන්න.


Friday, January 20, 2017

ගවයින්ගේ ජීව බර මැනීම. ( Cattle live weight measurement.)

ගවයින්ගේ ජීව බර මැනීම. ( Cattle live weight measurement.)

ගව පාලනයේදී ගොවිපලේ සතුන්ගේ ජීව බර මැනීම ඉතාමත් වැදගත් වේ.
සතුන්ට ආහාර සැපයීමේදී.
සතුන්ගේ පෝශන අවශ්‍යතාව ගණනය කරන්නේ ජීව බර හා නිශ්පාදනය පදනම් කරගෙනය.
සතුන්ට ඖෂධ ලබාදීමේදී
ඖෂධ ලබාදෙන්නේ සතාගේ ජීව බර අනුවය

සතාගේ වර්ධන පිලිඹ්දව අදහසක් ලබා ගැනීම සඳහා
සතා කිරි වරන දිනය,ගැහැනු සතෙක් නම් අභිජනනය සිදු කරන අවස්ථාව නිර්ණය කිරීම සඳහා .
සතුන් අලෙවි කිරීමේදී වටිනාකම ගණනය කිරීමට.

Saturday, January 14, 2017

විසිතුරු මසුන් අභිජනනය 01 ornamental fish breeding

ගෝල්ඩ් ෆිෂ්  අභිජනනය goldfish breeding



Cyprinidae සිප්‍රිනිඩේ කුලයට අයත් මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා බිත්තර මගින් සිය වර්ගයා බෝකරනු ලබයි.
ලොව පුරා මෙම විශේෂයේ ඉතාමත් අලංකාර මත්ස්‍ය ප්‍රභේද රැසක් මේ වන විට විසිරී ඇත. ඉතාම පහසුවෙන් අභිජනනය කිරීමට හැකිය
මඩ පොකුණු තුළට යොමු කිරීමේ ප්‍රමාණය දක්වා වර්ධනය කිරීම තරමක් අපහසු කාර්යයකි. නමුත් මඩ පොකුණුවලට යොමු කිරීමෙන් පසු ඉතාම වේගයෙන් වර්ධනය වේ.

Sunday, January 8, 2017

විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක හා වැළදෙන රෝග.




විසිතුරු මසුන්ට අවශ්‍ය සාධක
ජලය :
විසිතුරු මසුන් ඇතිකිරීමේදී ජලය ප‍්‍රධාන තැනක් උසුලයි. මාළු වර්ග අනුව ජල තත්ත්වය වෙනස් කළ යුතු වේ. බිත්තර දමන මසුන් සඳහා ph  අගය 6 - 7 අතරත් පැටවුන් දමන මසුන් සඳහා ph  අගය 7.5 - 8.5 අතරත් තිබිය යුතුය. එසේම එම ජලය සඳහා උෂ්ණත්වයක් ලබාදෙන්නේ නම්  260c - 32cඛ් ක උෂ්ණත්වයක් සැපයිය යුතුය.කරදිය මත්ස්‍ය ටැංකියක් සෑදීමේදී එයට මුහුදු වැලි යෙදීම අවශ්‍යය. එහිදී කොරල්පර කොටස් , මුහුදු ජලජ පැළෑටි යෙදීම වැදගත් වේ. මන්ද පැටවුන් දමන මත්ස්‍යයින් එවන් පැළෑටි තුළ කූඩු සෑදීමට පුරුදු වී සිටින බැවිනි.

Tuesday, January 3, 2017

බුරුළු ප්‍රදාහය - Mastitis

බුරුළු ප්‍රදාහය කිරි ගවයින්ගේ බුරුල්ල තුලට විශබීජ ඇතුල් වීම නිසා බුරුල්ල ආසාදනය වීම නිසා ඇතිවන රෝගී තත්වයකි.
කිරි ගව පාලනයේදී සුලභ රෝගයක් වන මෙය නිසා
  • සතාගේ කිරි නිශ්පාදනය අඩුවීම හෝ සම්පූර්ණයෙන්ම නැවතීම,
  • කිරි කැටිති  ඇතිවීම හෝ කිරි වල වර්ණය වෙනස් වීම නිසා  රෝගී සතාගේ කිරි ඉවත් කිරීමට සිදුවීම,
  • රෝගය වැලඳීමෙන් පසුව ප්‍රතිකාර කලද දින කීපයක් ගතවන තුරු කිරි පරිභෝජනයට ගැනීමට නිහැකි වීම නිසා විශාල ආර්ථික පාඩුවක් සිදුවීම .
  • රෝගයට ප්‍රතිකාර  නොකිරීමෙන් හෝ රෝගය නොසලකා හැරීමෙන් එලදෙනුන්ගෙන් රෝගී තන පුඩුව හෝ මුළු බුරුල්ලේම කිරි නිශ්පාදනය කරන පටක විනාශවී යා හැකිය.