Tuesday, December 27, 2016

ගව පැටවු පාලනය (calf rearing) - 02 පැටවුන් පෝශනය

පැටවුන් පෝශනය

කිරි වරන තෙක් ගව පැටවුන් පාලනයේදී පැටවුන්ගේ පෝශනය ඉතාම වැදගත් වේ.
පෙර ලිපියේ සඳහන් කල ආකාරයට පැටවෙකුගේ උපත් බර පරිනත ශරීර බරින් 7%ක අගයක පවතී.

එමපැටවා කිරි වරන විට (පැටවාට මාස 1.5/දින45ක් ) වන විට පැටවාගේ බර පරිනත් ශරීර බරින් 10%ක පමණ අගයක තිබිය යුතුය.
මෙම ඉලක්කය සපුරා ගැනීමට නම් පැටවගේ දෛනික වර්දන වේගය 0.5-0.7 kg පවත්වා ගට්ග යුතුය.

Saturday, December 24, 2016

ගව පැටවුන් පාලනය (calf rearing )

ගව පැටවුන් පාලනය (calf rearing )

ගව පාලනයේදී පැටවුන් පාලනය වැදගත් වන්නේ ඇයි.
හෙට හොඳ කිරි එලදෙනක වන්නේ අද පැටවාය.එම නිසා ගව පැටවුන් නිසි ලෙස පෝශනය කිරීම අත්‍යාවශ්‍ය වේ.
උසස් නිශ්පාදන හැකියාවක් සහිත සතෙකු ලබා ගැනීමට නම් එම සතා කුඩා කල සිටම සතාගේ නියමිත වයස් සීමාවන් වලදී නියමිත ශරීර වර්ධනය ලඟා කරගත යුතුය.
පැටවෙකුගේ සාමාන්‍ය උපත් බර එම සත්ව වර්ගයේ පරිනත දේහ බරින් 7% ක් පමන වේ.
මෙම දේහ බර පැටවා කිරි වරන විට පරිනත බරින් ආසන්න වශයෙන් 10% පමණවත් විය යුතුය.
ඒ සඳහා පැටවාගේ දෛනික වර්ධන වේගය 600-750g අතර පවත්වාගත් යුතුය.
පැටවාගේ එම වර්ධන වේගය පවත්වා ගැනීම සඳහා නිසි අයුරින් පැටවු පාලනය කිරීම කල යුතුය.


Friday, December 23, 2016

සත්ව පාලනය සඳහා කෘශි දේශගුණික කලාප.

සත්ව පාලනයේදී ශ්‍රී ලංකාවේ දේශගුණය තත්වය්  අනුව ප්‍රධාන කලාප කීපයකට බෙදීම සිදුකරයි.
  1. පහතරට තෙත් කලාපය
  2. පහතරට වියලි කලාපය
  3. පොල් ත්‍රිකෝණය 
  4. උඩරට කලාපය
  5. මැදරට කලාපය
  6. යාපන අර්ධද්වීපය

Wednesday, December 21, 2016

ගව වර්ග (cattle breed )

ගව වර්ග (cattle breed )
ගවයින් ප්‍රදාන වර්ග 2කට බෙදේ.

  • එල ගවයින්.
  • මී ගවයින් 

එල ගවයින් කොටස් 2කි.

  • යුරෝපීය සම්භවයක් සහිත ගවයින්
  • ඉන්දීය සම්භවයක් සහිත ගවයින්

කංකුං Water spinach (Ipomoea aquatica)

   කංකුං Water spinach (Ipomoea aquatica) ශක්තිය   18.3 MJ/kgDM වියලි ද්‍රව්‍ය ප්‍රමාණය       9.2  % දල ප්‍රෝටීන       34.3  %DM තන්තු      ...